ජාතික රග්බි කණ්ඩායමේ සුක්කානම විදෙස් පුහුණුකරුවෙකුට

138
මැට් ලී මහතා (වම) සහ ජස්ටින් විල්සන් මහතා (දකුණ)

දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩා පිටියේ උණුසුම තවත් දෙගුණ තෙගුණ කරමින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු පළමුපෙළ රග්බි ශූරතාවලිය අරමුණු කරගෙන මෙවර ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රවීණ විදෙස් පුහුණුකරුවෙකු වන නවසීලන්ත ජාතික මැට් ලීගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පියවර ගෙන තිබේ.

හැව්ලොක් හදවත් හඬවමින් මහනුවර ශූරතාව දිනයි!

ඉතා උණුසුම් තරගයකට පසු ලකුණු දෙකක පරතරයෙන් …..

මින් පෙර  CH&FC සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙත ගුරුහරුකම් ලබා දුන් ඔහුට මෙරට ක්‍රීඩකයින් සමඟ කටයුතු කර මනා පළපුරුද්දක් ද සතුවේ. නවසීලන්තයේ වෙලින්ටන් ක්‍රීඩා සමාජයේ උන්නතිය වෙනුවෙන් වසර ගණනාවක් සිය දායකත්වය සපයමින් රග්බි ක්‍රීඩාව පිළිබඳ හසල දැනුම් සම්භාරයකින් සන්නද්ධ ඔහුගේ මඟ පෙන්වීම ජාතික කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇත.

පසුගිය සති අන්තයේ දී නිමාව දුටු ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය දෙස නැවත වරක් හැරී බැලූ විට ගම්‍ය වන කරුණක් නම් අප රටේ ක්‍රීඩකයින් සතුවන හැකියාවන් සහ දක්ෂතාවන් ආසියාවේ ඕනෑම ප්‍රබල කණ්ඩායමකට වූවද අභියෝග කළ හැකි මට්ටමේ ඉතාමත් ඉහළ ස්ථානයක පවතින බවය. ඒ අනුව තමා සතුවන මෙම වටිනා සම්පත් නිසියාකාරව කළමනාකරණය කරගනිමින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම වෙනස් මානයකට ඔසවා තැබීම ඔහුගේ අරමුණ වන බව නොඅනුමානයි.

පසුගිය වසරේ ආසියානු පළමුපෙළ රග්බි ශූරතාවලිය සඳහා සහභාගී නොවූවත් එම කාණ්ඩයේ රැඳී සිටීමෙන් නැවත වතාවක් සිය ස්ථානය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වී ඇති අතර ඔවුන් මෙවර සිංගප්පූරුව,පිලිපීනය සහ චීන තායිපේ යන කණ්ඩායම් වලට එරෙහිව එළඹෙන මැයි 29 සිට ජුනි 1 දක්වා චීන තායිපේ හීදී සටන් වැඳීමට සූදානමින් පසුවේ.

බෙනඩික්ට් ක්‍රීඩකයින් අඩපණ කළ DSට තවත් අර්ධ ශතකයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන සතියේ …..

මීට අමතරව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල නියෝජනය කරමින් සිය සේවය මව්බිම වෙත නොමදව ලබා දුන් හැරි ඕමාර් මහතා ජාතික රග්බි කණ්ඩායමේ උපදේශක ධූරය වෙත පත් කිරීමට රග්බි සම්මේලනය ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය කටයුතු කර ඇති අතර සිය උපරිමය කණ්ඩායමේ අභිවෘද්ධිය උදෙසා දීර්ඝ කාලීන සැලසුම් රාශියක් සහිතව ලබා දීමට අපේක්ෂා කරන බව ඒ මහතා පවසා සිටියේය.

අවසන් වරට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූයේ 2017 වර්ෂයේ දී වන අතර රොහාන් වීරරත්නගේ නායකත්වය යටතේ තරග වැදී ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය නිමා කළේ මැලේසියාවට පමණක් දෙවෙනි වෙමිනි. කෙසේ නමුත් සුපිරි කණ්ඩායම් තරග වදින ඉහළතම කාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් පෙන්වූ එම දක්ෂතාව ප්‍රමාණවත් නොවීය.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<