ආසියානු රග්බි ශ්‍රේණිගත කිරීම් හි වෙනසක්

716

නිමා වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සහ එහි දී ලබා ගත් ප්‍රසාද ලකුණු අනුව ආසියානු ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානය දක්වා පසුබසින්ට ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායමට සිදු වූ අතර කාන්තා රග්බි කණ්ඩායම තරගාවලියේ පලඟ ශූරතාවය ජයග්‍රහණය කරමින් ශ්‍රේණිගත කිරීම් සිය ස්ථානය සුරක්ෂිත කර ගැනීමට සමත් විය.

පිරිමි කණ්ඩායමට මග හැරුණු කීර්තිය කාන්තාවෝ රැකදෙති

දකුණු කොරියාවේ “නම්දොන්ග්” හිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ …

නවකයින් ලෙස සංචිතයට එක්වූ නිෂෝන් පෙරේරා හා ශෙහාන් ඩයස් හැකි උපරිමයෙන් ඔවුන්ගේ කණ්ඩායමට සහයෝගය ලබා දුන් අතර නිමා වූ වයස අවුරුදු 20න් පහළ රග්බි තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ දිනුක් අමරසිංහ මෙම තරගාවලියේ දී ද ඉතා හොඳින් දක්ෂතා අතරට පිවිසීමට සමත් විය.

කුසලාන අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කාණ්ඩ වටයේ තරග දෙකක් ජය ගැනීම අනිවාර්ය වී තිබුණු නමුත් හොංකොං කණ්ඩායම හා දකුණු කොරියානු කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයන් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පලඟ කාණ්ඩය දක්වා ඇද වැටුණි.

කෙසේ වෙතත් පලඟ අවසන් පූර්ව වටයේ දී තායිලන්තය හමුවේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් පලඟ අවසන් තරගය වෙත පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු නොවූ ලෙස අවසන් මිනිත්තු කිහිපයේ දී පිලිපීනය හමුවේ පරාජය වන්නට සිදු විය. ඒ අනුව මෙවර තරගාවලියේ 5 වන ස්ථානය තෙක් පහත වැටෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

පිරිමි කණ්ඩායම මෙවර තරගාවලියේ දී කාණ්ඩ වටයේ තරග 3කට සහ පිළිමළුන් පිටුදැකීමේ තරග දෙකකට සහභාගී විය.

එහි දී ශ්‍රී ලංකාව වාර්තා කළ ලකුණු මෙසේයි.

  • ශ්‍රී ලංකා 33 – 12 තායිපේ
  • ශ්‍රී ලංකා 14 – 31 හොංකොං
  • ශ්‍රී ලංකා 14 – 22 දකුණු කොරියාව
  • ශ්‍රී ලංකා 17 – 12 මැලේසියාව

පළඟ අවසන් තරගය

  • ශ්‍රී ලංකා 17 – 19 පිලිපීනය

ඒත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් පහතට ඇද වැටුණු අතර පිලිපීනය ද ප්‍රසාද ලකුණු 12ක් ලබා සම මට්ටමේ පසුවේ. චීනය එක් ලකුණක් ඉදිරියෙන් සිටිමින් තෙවැනි තැන පසුවේ.

රට ප්‍රසාද ලකුණු
ජපානය 24
හොංකොං දේශය 20
චීනය 13
ශ්‍රී ලංකාව 12
පිලිපීනය 12
දකුණු කොරියාව 09
චීන තයිපේ 09
මැලේසියාව 02

කාන්තා රග්බි කණ්ඩායම ඉතා හොඳින් තරගාවලියට අවතීර්ණ වූ නමුත් ප්‍රථම වටයේ දී ම ප්‍රබල ජපාන කණ්ඩායම හමුවේ පරාජය වන්නට සිදු විය. නමුත් පලඟ අවසන් තරගයේ දී තායිලන්තය පරදා ලකුණු 22-05ක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට හැකි විය.

කාන්තා රග්බි කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවක් වන දුලානි පල්ලිකොන්දගේ සමස්ත තරගාවලියේ හොඳම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පැවති පලඟ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තනුජා වීරක්කොඩි උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළ අතර සිංගප්පූරුව හා පැවති අවසන් පූර්ව වටයේ දී දුලානි පල්ලිකොන්දගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.

කාන්තා කණ්ඩායම කාණ්ඩ වටයේ දී ප්‍රබල ජපානය හා හොංකොං හමුවේ ලද පරාජයන් නිසා පලඟ කාණ්ඩය වෙත ඇදවැටුණු අතර එහි දී සිංගප්පූරු කණ්ඩායම සහ අවසන් තරගයේ දී තායිලන්ත කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ 5 වන ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

ශ්‍රී ලංකා රග්බිවලට උසස් වීමක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම 2017 වසරෙන් පසු නැවතත් ආසියානු ශ්‍රේණිගත කිරීමේ 3 වන …

තරගාවලියේ පළමු අදියරේ දී ද කාන්තා රග්බි කණ්ඩායම 5 වන ස්ථානය දිනා ගත් අතර දෙවැනි අදියර අවසානයේ දී එම ස්ථානයම රැක ගන්නට ක්‍රීඩිකාවන් සමත් විය.

රට ප්‍රසාද ලකුණු
ජපානය 24
කසකස්තානය 18
චීනය 18
හොංකොං 14
ශ්‍රී ලංකාව 10
තායිලන්තය 08
සිංගප්පූරුව 04
දකුණු කොරියාව 02

තරගාවලියේ මීළඟ අදියර හෙවත් තෙවැනි අදියර ඔක්තෝබර් මස 13 හා 14 යන දිනවල දී කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. සජීව තරග විකාශයන් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<