ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයේ නායකත්වය මහනුවරට!

622

පසුගිය දිනවල පැවැත්වුණු අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හා වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ද සැලකිල්ලට ගනිමින් පසුගිය සතියේ දී ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් 29 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කළ අතර එහි නායකයා වශයෙන් ධනුෂ්ක දයාන් පත් කර ඇත.

මැට් ලීගේ වැඩ වැඩි වෙයි

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දා නම් …….

ෆාසිල් මරීජාගෙන් පසුව 2016 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සුදර්ශන මුතුතන්ත්‍රි මෙම සංචිතයට ඇතුළත් නොවීම හේතුවෙන් මෙම සංචිතයට නව නායකයෙකුගේ අවශ්‍යතාවක් ඇති විය. නව නායකයෙකු සහ නව පුහුණුකරුවෙකු සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග වාරය ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයේ දැනට සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන ධනුෂ්ක දයාන් මහනුවර ක්‍රීඩා සමාජයේ පසුපෙළ ක්‍රීඩකයෙකු වන අතර සත් සාමාජික තරග රටාවේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරයි. 

ඔහු පසුගිය වසර 4ක් පුරාවටම ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයේ සියලුම තරගවල ස්ථාවර ක්‍රීඩකයෙකි. සත් සාමාජික තරග රටාවේ තමන්ට ආවේණික ක්‍රීඩා විලාශයක් සමඟ ක්‍රීඩා කරන දයාන් පන්දුව ගුවන් ගත කරමින් ක්‍රීඩා කිරීමට “High Ball” විශේෂ දක්ෂතාවයක් ඇත්තෙකි.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දිනවල පැවැත්වුණු අන්තර් සමාජ සත් සාමාජික රග්බි ………..

නව නායක ධනුෂ්ක දයාන් නව පුහුණුකරු මැට් ලී සමඟින් සත් සාමාජික සංචිතයේ පුහුණුවීම් කටයුතු සඳහා අද (07) උදෑසන සහභාගී වූ අතර දැනට ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයේ ක්‍රීඩකයින් 19 දෙනෙකු පුහුණුවීම් කටයුතු වල නියැලෙමින් සිටිති.

තවත් මාසයක් වැනි කෙටි කාලයක් තුළ, ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත අතර මෙම 29 දෙනාගේ සංචිතයෙන් හොඳම ක්‍රීඩකයින් 15 දෙනෙකු එම තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ඇත. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<