ආසියානු තරගාවලියට යන සංචිතයේ නායකයා “මුතූ”

1036
Rugby 7s squad

18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය ඊයේ (08) ප්‍රකාශයට පත් කෙරිණි. 12 දෙනෙකුගෙන් යුත් සංචිතය ලබන 22 වැනිදා දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර තරගාවලිය ඉන්දුනීසියාවේ “ජකර්තා” අගනුවර දී පැවැත්වේ.

ආසියානු ශූරතාවලියේ රග්බි සංචිතය නම් කෙරේ; නායකයා නවීන්

ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන අවසන්…

කණ්ඩායමේ නායකත්ව වගකීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රවීණ අංක 8 ක්‍රීඩක, සත් සාමාජික කණ්ඩායමේ ප්‍රබල ඉදිරි ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රි වෙත පැවරී තිබේ. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් ජාතික තලයට දායාද වූ “මුතු”, නවසිලන්ත “ඕක්ලන්ඩ්” ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්.

ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජයේ නියමුවා වූ ගයාන් වීරරත්න නැවතත් ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමට ඇතුලත් වී ඇති අතර ඔහුගේ අත්දැකීම් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් වෙනුවෙන් බෙහෙවින්ම ඉවහල් වනු ඇත.

සංචිතයේ ප්‍රබල ක්‍රීඩකයන් වන කෙවින් ඩික්සන් හා රිචඩ් ධර්මපාල වෙනුවෙන් මෙවර කණ්ඩායමේ ඉඩ ඇහිරී ඇති අතර එම නිසාම රෙහාන් සිල්වා හට පිටියේ ඉදිරිපෙළ වගකීම් පැවරෙනු ඇත.

2014 තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඉතා හොඳින් දක්ෂතා අතරට පිවිසි අතර කාණ්ඩ වටයේ දී ලෙබනන හා චීන තායිපේ කණ්ඩායම් විශිෂ්ට ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාවට එරෙහි තරගය පරාජය විය. අර්ධ අවසන් පූර්ව වටයේ දී ප්‍රබල චීනයට ඉතා හොඳ තරගයක් ලබා දෙමින් 24-19ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එවර රන් පදක්කම් දිනූ ජපානය හමුවේ අවසන් පූර්ව වටය 40-00ක් ලෙස පරාජය විය.

අපරාජිත ධර්මරාජවරුන් පරාජය කරමින් ශූරතාවය වෙස්ලි ක්‍රීඩකයින්ට

වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් දස-සාමාජික රග්බි තරගාවලිය ඊයේ (05)..

එම වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ 4 වන තැනට පත්වන්නට සමත් විය. ඒ දකුණු කොරියාව සමඟ ලෝකඩ පදක්කම සඳහා පැවති තරගය ලකුණු 17-14ක් ලෙස පරාජය වන්නට සිදු වූ නිසායි.

12 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙසේයි.

සුදර්ශන මුතුතන්ත්‍රි (නායක) CH&FC, ධනුෂ්ක රන්ජන් (මහනුවර ක්‍රීඩා සමාජය), ජේසන් දිසානායක (මහනුවර ක්‍රීඩා සමාජය), ධනුෂ් දයාන් (මහනුවර ක්‍රීඩා සමාජය), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර ක්‍රීඩා සමාජය), කවිඳු පෙරේරා CR&FC, සුදම් සූරියආරච්චි CH&FC, ගයාන් වීරරත්න (මහනුවර ක්‍රීඩා සමාජය), තරින්ද රත්වත්තේ CR&FC, බුද්ධිම පියරතන (නාවික හමුදා ක්‍රීඩා සමාජය), රීසා රෆයිඩීන් CR&FC, රෙහාන් සිල්වා CR&FC

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<