දඟයන් අමතන්න ඕස්ට්‍රේලියාවෙන් ස්ලීප් එයි

332

ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නන් සඳහා සති දෙකක පුහුණු කඳවුරක් පැවැත්වීම උදෙසා ඕස්ට්‍රේලියානු ජාතික පා දඟපන්දු යවන්නෙකු වූ පීටර් ස්ලීප් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයෙන් මෙරටට පැමිණිමට නියමිතයි.

මේ මස අවසානයේ මෙරටට පැමිණීමට නියමිත හැට හැවිරිදි ස්ලීප් මහතා, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ රෙකමදාරුව මත ශ්‍රී ලංකාවට කැඳවූ බවත්, ඔහු ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු තනතුර සඳහා ද අපේක්ෂකයෙකු ලෙස ලැයිස්තුවේ සිටින බවත් Cricbuzz වෙබ් අඩවිය සමඟ අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය.

වසර 10කට පසු කෙදෙව් දූපත් යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය (අපේක්ෂිත)

ශ්‍රී ලංකා කණ්ඩයම දීර්ඝ විවේකයකින් අනතුරුව එළඹෙන ජුනි මාසයේ දී ටෙස්ට් තරග තුනක්…

දකුණු ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් සිය පළමු පෙළ මංගල තරගය ක්‍රීඩා කළ ස්ලීප් 1979 දී පකිස්ථානයට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය.  ටෙස්ට් තරග 14ක් ක්‍රීඩා කළ පීටර් ස්ලීප්ගේ වසර 11ක ක්‍රිකට් දිවිය සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ ආගමනයෙන් පසු නිමා විය.

චන්දික හතුරුසිංහගේ ආගමනයෙන් පසු සීමිත පන්දුවාර තරග කෙරෙහි පා දඟපන්දු යවන්නන් බහුල ලෙස උපයෝගී කර ගැනීමට ක්‍රියා කළ ආකාරය කැපී පෙනුණි. වනිදු හසරංග හට බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වීමට නොහැකි වූ අතර, 35 හැවිරිදි පරිණත ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් නැවතත් කණ්ඩායමට කැඳවනු දක්නට ලැබුණි. ජීවන් ද සිතූ තරම් සාර්ථකත්වයක් අත් කරගැනීමට අසමත් වෙද්දී, ජෙෆ්රි වැන්ඩර්සේ ද ආබාධ හේතුවෙන් හා ස්ථාවරව දක්ෂතා නොදැක්වීම හෙයින් කණ්ඩායමෙන් ඉවතට විසි විය. වමත් දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් හට ද සීමිත පන්දුවාර තරගවල එතරම් අවස්ථා හිමි වූයේ නැත.   

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන්නේ ස්ලීප් මගින්, ඉහළ දස්කම්වලට පිවිසීමට ක්‍රීඩකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දීම හා ඉහළම මට්ටමේ දක්ෂතා අතර රැඳිය හැකි ක්‍රීඩකයින් හඳුනා ගැනීමයි.

ක්‍රීඩකයින්ට තවත් මනෝවිද්‍යාත්මක පුහුණු සැසියක්

ඉහළ දස්කම් පිළිබඳ මනෝ විශේෂඥ ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍ය ෆිල් ජෝන්සි (Phil Jauncey)..

ලෝක කුසලානයට මාස 15ක් පමණක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර තලයේ දස්කම් පිළිබඳ ගැටලු රැසක් ඇතිව තිබෙන අතර මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ඉහළම එක්දින තරග දක්ෂතාවය ලෙස දැක්වීය හැක්කේ ඩකා හී පැවති ශ්‍රී ලංකා, බංගලාදේශ, සිම්බාබ්වේ තුන්කොන් තරගාවලි ජයග්‍රහණය පමණි.

ඉතිහාසයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරගාවලියක් පරාජය වීමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩයම තරග 5-0ක් ලෙස දකුණු අප්‍රිකානු සංචාරය පරාජය වූ අතර ඉන්දියාව හා පකිස්ථානය අතින් ද පරාජය වීමට සිදු විය.

අසංක ගුරුසිංහට වැඩි බලයක් සමඟින් අලුත්ම තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ එංගලන්ත…

එක්දින ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ රැඳෙමින් යාන්තමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයමට ඉහළින් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් කණ්ඩායමේ ප්‍රධානතම ගැටලුව වන අතර පන්දුවාරයකට ලකුණු 5කට අඩු වේගයක් රඳවා ගෙන සිටින්නේ එක්දින නායක ඇන්ජෙලෝ මැතිව්ස් පමණි. නමුත් ඉදිරි මාස කිහිපය තුල ආබාධවලින් වැළකීම සඳහා ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු යැවීමෙන් වැලකි සිටීමට තීරණය කර ඇති බව ද වාර්තා වී තිබුණි.  

කැරිබියන් සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට නව කළමණාකරුවෙකු තෝරා ගැනීමට නියමිත අතර අසංක ගුරුසිංහ, සයිමන් විල්ස්ගෙන් හිස්වන ඉහළ දස්කම් කළමනාකරු ධුරය භාර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩයම කැරිබියන් දුපත් හිදී ටෙස්ට් තරග ත්‍රිත්වයකට සහභාගී වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<