පොලීසියට ශතක දෙකක් අහිමි කරමින් සති අන්තය නිමා වේ

188

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B තරගාවලියේ මේ සතියේ අදින් (14) අවසන් වූ තරග ජය පරාජයකින් තොරව නිමා වූ අතර එහි දී ශතක පෙනී පෙනී තම ඉනිම් අහිමි කර ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජයේ හසිත ලක්මාල් ද සිල්වා සහ නායක දිනූෂ ප්‍රනාන්දුට සිදු වූහ.

ගුවන් ප්‍රහාරයකින් පානදුර දෙවැනි දිනයේ ම අනාථ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B තරගාවලියේ මේ සතියේ…

26 හැවිරිදි වමත් පිතිකරු හසිත ලක්මාල් ද සිල්වා ලකුණු 99කට දැවී ගියේ තමන් මුහුණ දුන් 152 වැනි පන්දුවේ දී ය. ඒ වන විට ඔහු හතරේ පහර 13කින් සහ හයේ පහර 2කින් තම ඉනිම අලංකාර කරගෙන තිබුණි. දිනූෂ ප්‍රනාන්දු පන්දු 114ක දී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 97ක් ලබා සිටිය දී ශතකය අහිමි කර ගත්තේ දුවද්දී දැවී යෑමෙනි.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 167කි.

පොලිස් ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 271ක්ව තිබිය දී අත්හිට වූහ. ඒ අනුව සත්කාරක කුරුණෑගල යොවුන් ක්‍රීඩකයන් වෙත ලැබුණ ඉලක්කය ලකුණු 386කි.

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ අවසානය සනිටුහන් වූයේ ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 233 නතරව තිබිය දී ය.

ඉලක්ක ඉනිමේ දී දමිත් පෙරේරා පන්දු 115ක දී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත් අතර ධනුෂ්ක ධර්මසිරි අර්ධ ශතකයක් ලබා ගත්තේය.

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 270 (94.1) තරිඳු සිරිවර්ධන 21, තරිඳු ඩිල්ශාන් 52, විබාර් යාදව් 29, දිනූෂ ප්‍රනාන්දු 61, සමිත් දුශාන්ත 37, කේශාන් විජේරත්න 5/37, තුසිත් ද සොයිසා 2/49

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (52.2) ධනුෂ්ක ධර්මසිරි 67, රුවන්ත ඒකනායක 25, තරිඳු සිරිවර්ධන 3/32, නිමේෂ් විමුක්ති 5/60

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු  6ක් දැවී 271 (62.0) තරිඳු ඩිල්ශාන් 26, හසිත ලක්මාල් ද සිල්වා 99, දිනූෂ ප්‍රනාන්දු 97

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 233 (56.0) චරිත් මෙන්ඩිස් 31, දමිත් පෙරේරා 84, ධනුෂ්ක ධර්මසිරි 64, කේශාන් විජේරත්න 22, නිමේෂ් විමුක්ති 3/103


කළුතර සහ ගාල්ල අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අවසන් වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 379ක් රැස් කළ අතර ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 274ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චානක විජේසිංහ පන්දු 165කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී මතීෂ පෙරේරා සහ රවිඳු තිලකරත්න කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 105ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩකයෝ තරගය අවසාන වන විට කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියහ. එම ඉනිමේ දී පළමු ඉනිමේ ශතකයක් ලබා ගත් මතීෂ පෙරේරා පන්දු 84ක දී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 86ක් වාර්තා කළේය.

කළුතර ටවුන් ක්ලබ්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (112.5) මතීෂ පෙරේරා 122, ගීත් පෙරේරා 24, එරංග රත්නායක නොදැවී 133,  නිපුන කාරියවසම් 25, රවිඳු තිලකරත්න 20,  ගයාන් සිරිසෝම 7/115, ක්‍රිෂාන් අබේසූරිය 70/2

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (86.0) ලසිත් ප්‍රනාන්දු 55, ඩිල්ශාන් කාංචන 25,  චානක විජේසිංහ 106, රජිත් ප්‍රියාන් 30, මතීෂ පෙරේරා 3/54, රවිඳු තිලකරත්න 3/92, එරංග ඒකනායක 2/04

කළුතර ටවුන් ක්ලබ්; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 191 (45.0) මතීෂ පෙරේරා 86, නිලූෂාන් නොනිස් 34, එරංග රත්නායක නොදැවී 36, විරාජ් පෙරේරා 2/25

NCC විශ්මයට පත් කරමින් වරාය අධිකාරිය නැවතත් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ…


නාවික හමුදාව සහ මීගමුව අතර තරගය

වැලිසර නාවික හමුදා පිටියේ දී අවසන් වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නාවිකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 342ක් රැස් කළ අතර පිළිතුරු ලෙසින් මීගමුව ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 326ක් පමණි.

මීගමු ඉනිමේ දී ලසිත් කෘෘස්පුල්ලේ, ප්‍රසංසන ජයමාන්න සහ අකීල් ඉන්හාම් අර්ධ ශතක ලබා ගනිමින් ප්‍රතිවාදී පළමු  ඉනිම අභිබවා යෑමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.

ලකුණු 16ක්  ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබා සිටිය හ.

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 342 (111.4) සුපුන් ලීලාරත්න 27, බුද්ධික හසරංග 80, කුසල් එදිසූරිය 121, සවින් ගුණසේකර 66, රොෂේන් ප්‍රනාන්දු 3/68, උමේග චතුරංග 4/145, ෂෙහාන් වීරසිංහ 2/57

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 326 (128.2) ලසිත් කෘෘස්පුල්ලේ 52, ප්‍රසංසන ජයමාන්න 77, අකීල් ඉන්හාම් 66, සඳරුවන් රොද්‍රිගෝ 35, ෂෙහාන් වීරසිංහ 21, ඩිලංක අවර්ඩ් 3/91, ඉෂාන් අබේසේකර

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 157 (50.0) සුපුන් ලීලාරත්න 42, දුෂාන් හේමන්ත 45, උමේග චතුරංග 4/58

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<