මීගමුව සහ කළුතර අතර තරගයේ ලකුණු සමවේ

188

තීරණය  කුමකින් කුමක්වේ දැයි අවසානය දක්වාම කිව නොහැකි වූ මීගමුව ක්‍රිකට් සමාජය සහ කළුතර නාගරික සමාජය අතර කදිරානේ දී අද (30) නිමා වූ Tier B තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ තරගයේ ජයග්‍රහණය සඳහා කළුතර ක්‍රීඩකයන්ට එක් ලකුණක අඩුවකිනි.

උමේග චතුරංගගෙන් දක්ෂ පන්දු යැවීමක්

වමතින් පා දඟපන්දු යවන උමේග චතුරංග කළුතර නාගරික ක්‍රීඩකයන් 7 දෙනෙක් ලකුණු 79කට දවා ගනිමින්…

මීගමුව සහ කළුතර අතර තරගය

සත්කාරක මීගමු ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ලකුණු 28ක වාසියක් ද සමඟින් දෙවැනි ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 206ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවමින් ජයග්‍රහණය සඳහා ලකුණු 235ක ඉලක්කයක් ප්‍රතිවාදින්ට ලබා දුන්හ. නමුත් තරගය අවසන් වන විට ඔවුන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 234ක් පමණි.

මෙම ඉනිමේ දී 22 හැවිරිදි වමත් පිතිකරු නිපුන ගමගේ පන්දු 62කට හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ද, 21 හැවිරිදි දකුණත් පිතිකරු ගීත් පෙරේරා පන්දු 99කට මුහුණ දෙමින් අලංකාර හතරේ පහර 8ක් ද සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේය. ඔවුන්ට අමතරව මතීෂ පෙරේරා (30) සහ එරංග රත්නායක (22) ජයග්‍රහණය සොයා යෑමට අපමණ වෙහෙසක් දැරූහ.

වමතින් පා දඟපන්දු යවන උමේග චතුරංග දෙවැනි ඉනිමේ දී ද ක්‍රියාත්මක වෙමින් ලකුණු 112කට කඩුලු 5ක් දවා ගත්තේය. ඔහු මෙම තරගයේ දී ලකුණු 191කට කඩුලු 12ක් දවා ගැනීමට සමත් විය.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (92.2) ප්‍රවීන් ප්‍රනාන්දු 86, ප්‍රශංසන ජයමාන්න 54, ෂෙහාන් වීරසිංහ 31, රවින්ද්‍ර කරුණාරත්න 24, එරංග රත්නායක 2/12, මතීෂ පෙරේරා 5/47

කළුතර නාගරික ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (65.2) නිලුෂාන් නෝනිස් 22, ගීත් පෙරේරා 30, සුරේෂ් නිරෝෂාන් 89, එරංග රත්නායක 20, උමේග චතුරංග 7/79, ෂෙහාන් වීරසිංහ 3/57

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 206 (71.0) ප්‍රවින් ප්‍රනාන්දු 32, ඩිලශ්‍රී ලොකුබණ්ඩාර 22, ප්‍රසංසන ජයමාන්න 37, ෂෙහාන් වීරසිංහ නොදැවි 53,  උමේග චතුරංග නොදැවී 18, මතීෂ පෙරේරා 4/95

කළුතර නාගරික ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 234 (44.0) නිපුන ගමගේ 52,  ගීත් පෙරේරා 87, මතීෂ පෙරේරා 30, එරංග රත්නායක 22, උමේෂ් චතුරංග 5/112, ෂෙහාන් වීරසිංහ 2/37, රවින්ද්‍ර කරුණාරත්න 2/33

මාරිස් ස්ටෙල්ලා, රාජකීය, ආනන්ද විදුහල් ජය පැන් බොයි

පිතිකරුවන්ගේ දස්කම්වලට සාපේක්ෂව පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණු අද (30) දිනය තුළ වයස…


පානදුර සහ නාවික හමුදාව අතර තරගය

පානදුර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු නාවික හමුදාව සතු කරමින් තරගය අද පානදුරේ දී නිමාවට පත් විය.

දෙවැනි දිනය නිමා වන විට පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමට රැස් කළ ලකුණු 375ට පිළිතුරු ලෙසින් නාවික හමුදා ක්‍රීඩකයෝ අද තේ විවේකය වන විට සියලුම දෙනා දැවී ලකුණු 444ක් ලබා ගත්හ. අනතුරුව තරගය නිමා වන විට පානදුර ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 153ක් ලබා සිටියහ.

නාවික ඉනිමේ ගැලවුම්කරුවන් වෙමින් සුපුන් ලීලාරත්න සහ දුශාන් හේමන්ත ශතක රැස් කිරීම කැපී පෙණුනි.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 375 (92.1) සකුරංග ෆොන්සේකා 73, ෂශ්‍රීක පුස්සෙගොල්ල 31, කාෂිෆ් නවීඩ් 192, සුදාරක දක්ෂින 3/108, ඉෂාන් අබේසේකර 3/96

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය: පළමු ඉනිම සියලුම දෙනා දැවී 444 (146.3) ඩී. ජී. සී. මධුවන්ත 24, සුපුන් ලීලාරත්න 141, දුශාන් හේමන්ත 193, මොහොමඩ් රමීෂ් 3/52, විනෝද් පෙරේරා 2/100, දනුෂික බණ්ඩාර 2/174, ලසිත් ලක්ෂාන් 3/70

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩලු 3ක් දැවී 153 (33.0) සකුරංග ෆොන්සේකා නොදැවී 57, ෂශ්‍රීක පුස්සෙගොල්ල 21, කාශිෆ් නවිඩ් නොදැවී 50


ගුවන් හමුදාව සහ පොලිස් අතර තරගය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ දී පැවති තරගය අද නිමා වූයේ පළමු ඉනිමේ ජයග්‍රහණය පොලිස්  ක්‍රීඩකයන් සතු කරමිනි.

ගුවන් හමුදා ක්‍රීඩකයෝ අද දෙවැනි ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 261ක් ලබා ගනිමින් පොලිස් ක්‍රීඩකයන්ට තරගය විවෘත කළේ ලකුණු 194ක ඉලක්කයක් ලබා දෙමිනි. නමුත් තරගය නිමා වන විට ඔවුන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 127ක් පමණි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 234 (59.1) ලක්ෂාන් ප්‍රනාන්දු 51, රොස්කෝ තටිල් 33, රාජු ගයාෂාන් 58, චමෝද් පියුමාල් 2/54, නිමේෂ් විමුක්ති 5/84

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 302 (98.5) තරිඳු ඩිල්ශාන් 38, නිමේෂ් විමුක්ති 61, සමිත් දුශාන්ත 121, කමල් පුෂ්පකුමාර 28, සොහාන් රංගික 5/46, බුද්ධික සඳරුවන් 2/81, රොස්කෝ තටිල් 2/14

ගුවන් හමුදාව‍‍; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවි  261 (65.3) ඩී. වීරරත්න 61, දුලාශ් උදයංග 70, රාජු ගයාෂාන් 45, රොස්කෝ තටිල් 33, නිමේෂ් විමුක්ති 4/89

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවි 127 ( 40.0) අකිල ලක්ෂාන් 22, නිලේෂ් විමුක්ති 20, සමිත් දුශාන්ත නොදැවී 46, බුද්ධික සඳරුවන් 2/28, සොහාන් රංගික 2/57


ලන්කන් සහ කුරුණෑගල අතර තරගය

ලන්කන් ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති තරගයේ දී සත්කාරක ලන්කන් ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලබාගත් ලකුණු 248ට පිළිතුරු ලෙසින් කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ තම පළමු වැනි ඉනිමට ලකුණු 297ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජයග්‍රාහි ප්‍රසාද ලකුණු ලබා ගත්හ.

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගය නිමා වන විට දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ ලන්කන් ක්‍රිකට් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 224ක් ලබා සිටියහ.

ලන්කන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 248 (83.1) ශෂීන් ප්‍රනාන්දු 55, චානක රුවන්සිරි 81, දිනුෂ්ක මාලන් 32, රජීව වීරසිංහ 31, කේශාන් විජේරත්න 2/28, ශිවකුමාර් ටිරෝන් 2/44, රුවන්ත ඒකනායක 2/51, තුසිත් ද සොයිසා 2/62

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (123.2) මලිත් කුරේ 40, ධනුෂ්ක ධර්මසිරි 52, හෂාන් ප්‍රභාත් 25, රුවන්ත ඒකනායක 51, කල්හාන් සිනෙත් 21, නවින් කවිකාර 3/67, රජිව වීරසිංහ 3/80, චානක රුවන්සිරි 2/40

ලන්කන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 224 (61.0) ලක්ෂාන් රොද්‍රිගෝ 32, මධුරංග සොයිසා 23, දිනුෂ්ක මාලන් 32, රජීව් වීරසිංහ 54(92-7) නවීන් කවිකාර 36, තුසිත් ද සොයිසා 2/55

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න