උමේග චතුරංගගෙන් දක්ෂ පන්දු යැවීමක්

257

වමතින් පා දඟපන්දු යවන උමේග චතුරංග කළුතර නාගරික ක්‍රීඩකයන් 7 දෙනෙක් ලකුණු 79කට දවා ගනිමින් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් Tier B තරගාවලියේ දෙවැනි දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් විය. උමේගගේ මේ විනාශකාරී පන්දු යැවීම හේතුවෙන් කළුතර නාගරික ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම ලකුණු 193කට සීමා විය.

මේ අතර පැවති අනෙකුත් තරගවල දී නාවික හමුදා කණ්ඩායමේ සුපුන් ලීලාරත්න සහ දුශාන් හේමන්ත ද පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සමිත් දුශාන්ත ද අද (29) ශතක රැස් කරමින් දක්ෂතා දැක්වූහ.

පාකිස්තානයේ නවිඩ් ශ්‍රී ලංකා පිටිය කලඹයි

අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් Tier B තරගාවලිය නියෝජනය කරන පාකිස්තාන…

මීගමුව සහ කළුතර අතර තරගය

කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මීගමුව ක්‍රිකට් සමාජය සහ කළුතර නාගරික සමාජය අතර තරගයේ දී සත්කාරක මීගමු ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 221ක් ලබා ගත් අතර දෙවැනි දිනය නිමා වන විට දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 62ක් ලබා සිටියහ.

මිගමු ඉනිමේ දැවී ගිය කඩුලු 3ම මතීෂ පෙරේරා හිමි කර ගත්තේ ය.

කළුතර නාගරික කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් නිරෝෂාන් පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේය.

මීගමු ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 221 (92.2) ප්‍රවීන් ප්‍රනාන්දු 86, ප්‍රශංසන ජයමාන්න 54, ෂෛහාන් වීරසිංහ 31, රවින්ද්‍ර කරුණාරත්න 24, එරංග රත්නායක 2/12, මතීෂ පෙරේරා 5/47

කළුතර නාගරික ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (65.2) නිලුෂාන් නෝනිස් 22, ගීත් පෙරේරා 30, සුරේෂ් නිරෝෂාන් 89, එරංග රත්නායක 20, උමේග චතුරංග 7/79, ෂෙහාන් වීරසිංහ 3/57

මීගමු ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 62 (27.0) ප්‍රවීන් ප්‍රනාන්දු 32, ඩිලශ්‍රී ලොකුබණ්ඩාර 22, මතීෂ පෙරේරා 3/23


පානදුර සහ නාවික හමුදාව අතර තරගය

පානදුර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පානදුරේ දී පැවති තරගයේ දෙවැනි දිනය නිමා වන විට පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමට රැස් කළ ලකුණු 375ට පිළිතුරු ලෙසින් නාවික හමුදා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 270ක් ලබා සිටියහ.

ඉනිමේ ගැලවුම්කරුවන් වූයේ දකුණත් අංක 3 පිතිකරු සුපුන් ලීලාරත්න සහ අංක 6 ක්‍රීඩක දුශාන් හේමන්ත ය. දිනය නිමා වන විට සුපුන් පන්දු 256කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 115ක් ලබා සිටි අතර දුශාන් පන්දු 234කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ලබා සිටියේය.

ඔවුන් දෙදෙනා අතර පස් වැනි කඩුල්ලේ නොබිදුණ සබඳතාව ලකුණු 219කි.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 375 (92.1) සකුරංග ෆොන්සේකා 73, ෂශ්‍රීක පුස්සෙගොල්ල 31, කාෂිෆ් නවීඩ් 192, සුදාරක දක්ෂින 3/108, ඉෂාන් අබේසේකර 3/96

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය: පළමු ඉනිම කඩුලු 4ක් දැවී 270 (90.0) ඩී. ජී. සී. මධුවන්ත 24, සුපුන් ලීලාරත්න නොදැවී 115, දුශාන් හේමන්ත 108*, මොහොමඩ් රමීෂ් 3/41

ඕෂද සහ ශෙහාන්ගෙන් යුධ හමුදාවට දරුණු ප්‍රහාරයක්!

ජාතික කණ්ඩායමේ හිස්තැන් පිරවීමට ආදේශක සොයා යාමේ දී වැඩිම වටිනාකමක්….


ගුවන් හමුදාව සහ පොලිසිය අතර තරගය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේ දී සත්කාරක ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී රැස් කළ ලකුණු 235ට පිළිතුරු ලෙසින් දෙවැනි දිනයේ දී පොලිස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 302ක් ලබා ගත්හ. දිනය නිමා වන විට දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ගුවන් හමුදා ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලබා සිටියහ.

පොලිස් ඉනිම වෙනුවෙන් දකුණත් පිතිකරු සමිත් දුශාන්ත පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 121ක් ලබා ගත්තේය. ඊට අමතරව නිමේෂ් විමුක්ති පන්දු 138ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේය.

ගුවන් හමුදාව වෙනුවෙන් සොහාන් රංගික ලකුණු 46කට කඩුලු 5ක් දවා ගත්තේය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 234 (59.1) ලක්ෂාන් ප්‍රනාන්දු 51, රොස්කෝ තටිල් 33, රාජු ගයාෂාන් 58, චමෝද් පියුමාල් 2/54, නිමේෂ් විමුක්ති 5/84

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 302 (98.5) තරිඳු ඩිල්ශාන් 38, නිමේෂ් විමුක්ති 61, සමිත් දුශාන්ත 121, කමල් පුෂ්පකුමාර 28, සොහාන් රංගික 5/46, බුද්ධික සඳරුවන් 2/81, රොස්කෝ තටිල් 2/14

ගුවන් හමුදාව‍‍; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 41(13.0) නිමේෂ් විමුක්ති 2/25


ලන්කන් සහ කුරුණෑගල අතර තරගය

ලන්කන් ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති තරගයේ දී සත්කාරක ලන්කන් ක්‍රිකට් සමාජය පළමු ඉනිමට ලබාගත් ලකුණු 248ට පිළිතුරු ලෙසින් දෙවැනි දිනය අවසන් වන විට කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ  කඩුලු 6ක් දැවී ලකුණු 245ක් ලබා සිටියහ.

දිනයේ කැපී පෙණෙන පිතිකරු වූයේ ධනුෂ්ක ධර්මසිරි ය. වමතින් පිත්ත හැසිර වූ ඔහු පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය.

ලන්කන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 248 (83.1) ශෂීන් ප්‍රනාන්දු 55, චානක රුවන්සිරි 81, දිනුෂ්ක මාලන් 32, රජීව වීරසිංහ 31, කේශාන් විජේරත්න 2/28, ශිවකුමාර් ටිරෝන් 2/44, රුවන්ත ඒකනායක 2/51, තුසිත් ද සොයිසා 2/62

කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවි 245  (95.0) මලිත් කුරේ 40, ධනුෂ්ක ධර්මසිරි 52, හෂාන් ප්‍රභාත් 25, රුවන්ත ඒකනායක නොදැවී 32, නවීන් කවිකාර 3/62

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න