පොලීසිය පරදවා ගාලු ක්‍රිකට් සමාජයට දැවැන්ත ජයක්!

216

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B ශ්‍රේණිය යටතේ අද (07) නිමාව දුටු තරගයකින් කඩුලු 10ක සුපිරි ජයක් හිමිකර ගැනීමට ගාලු ක්‍රිකට් සමාජයට හැකි විය. ඒ හැරුණු කොට අනෙක් තරග ත්‍රිත්වය නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි.

දිනයේ තවත් සුවිශේෂී සිදුවීමක් බවට පත්වූයේ ගුවන් හමුදාව වෙනුවෙන් උදයවංශ පරාක්‍රම රැස් කරගත් දැවැන්ත ශතකයයි.

ලක්ෂාන්ගේ ශතකයෙන් ලංකන් ක්‍රිකට් සමාජය හිස ඔසවයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ B ශ්‍රේණියේ..

පොලිස් ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනායක දී පැවති මෙම තරගයෙන් කඩුලු 10ක සුපිරි ජයක් තහවුරු කර ගැනීමට ගාලු ක්‍රිකට් සමාජයට හැකි විය. කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් පොලිස් ක්‍රීඩා සමාජය අනපේක්ෂිත අයුරින් ලකුණු 95කට දැවී යාම ගාලු කණ්ඩායමට මෙවන් දැවැන්ත ජයක් කරා යාමට පදනම සැකසුණු මූලික සිදුවීම බවට පත්විය. එහි දී තම කණ්ඩායම වෙනුවෙන් වැඩි බරක් දැරුවේ ප්‍රථම ඉනිමේ කඩුලු 5 බැගින් දවාගත් ගයාන් සිරිසෝම සහ ලසිත් ප්‍රනාන්දුයි.

පසුව පොලිස් පන්දු යවන්නන් හමුවේ සුපිරි පිතිකරණ රටාවක් නිරූපණය කළ ගාලු පිතිකරුවන් සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 315ක් රැස් කළහ. පන්දු යැවීමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඉනිමක කඩුලු 6ක් බිඳ හෙලූ නිමේෂ් විමුක්ති සමත් විය. නැවතත් ක්‍රියාත්මක වූ ගයාන් සිරිසෝම යළිත් කඩුලු 6ක් බිඳ දමමින් අද දින පොලිස් දෙවැනි ඉනිම ද ලකුණු 228කට සීමා කිරීමත් සමඟම ගාලු පිතිකරුවන්ට ලකුණු 11ක් ලබා ජය තහවුරු කර ගැනීමට හැකි විය.

පොලිස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 95 (පන්දුවාර 28.3):සමිත් දුශාන්ත 23, ගයාන් සිරිසෝම 5/29, ලසිත් ප්‍රනාන්දු 5/49.

ගාල්ල ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 315 (පන්දුවාර 107): හසන්ත ප්‍රනාන්දු 65, ලසිත් ප්‍රනාන්දු 64, දමිත හුණුකුඹුර 53, තිලිණ මස්මුල්ල 31, නිමේෂ් විමුක්ති 6/103.

පොලිස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 69.3): තරිඳු ඩිල්ශාන් 64, නිමේෂ් විමුක්ති 65, දිනූෂ ප්‍රනාන්දු 41, ගයාන් සිරිසෝම 6/91, ක්‍රිෂාන් අබේසූරිය 2/28.

ගාල්ල ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 11 (පන්දුවාර 1.5)


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මිහිරාන් රැස්කළ ශතකයෙන් පොහොසත් වූ ඔවුන්ගේ ප්‍රථම ඉනිම ඊයේ නිමාව දුටුවේ ලකුණු 304 දීයි. ඒ නාවිකයින්ගේ ඇරයුම පිළිගෙන මුලින් පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වෙතත් තම ප්‍රතිවාදීන්ට පිත්තෙන් හොඳ අභියෝගයක් එල්ල කළ නාවික හමුදා කණ්ඩායම ද සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 285ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් බුද්ධික හසරංගගෙන් ලකුණු 93ක දායකත්වයක් හිමි විය. ශොහාන් රංගික කඩුලු 5යි.

ඊයේ දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි උදයවංශ පරාක්‍රම ලකුණු 155ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාව පූර්ණ ජයක් වෙනුවෙන් කුරුමානම් ඇල්ලුව ද, තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමට නාවික හමුදාවට හැකි විය. තරගය වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 304 (පන්දුවාර 83.5): එස්. ඒ. ඩී. යූ. මිහිරාන් 115, ‍රවිඳු ගුණවර්ධන 49*, චාමිකර හේවගේ 32, හේශාන් ඔමේන්ද්‍ර 31, තරුෂාන් ඉද්දමල්ගොඩ 4/39, සුදාරක දක්ෂිණ 3/68, නුවන් සම්පත් 2/33.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 285 (පන්දුවාර 75.3): බුද්ධික හසරංග 93, කුසල් එදිරිසූරිය 56, තරූෂ ඉද්දමල්ගොඩ 42, ඉශාන් අබේසේකර 31, ශොහාන් රංගික 5/88, බුද්ධික සඳරුවන් 3/84.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 326 (පන්දුවාර 89.4): උදයවංශ පරාක්‍රම 155, ලියාම් චාමිකර 59, සුමින්ද ලක්ෂාන් 41, කුසල් එදුසූරිය 3/54.

නාවික හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 108 (පන්දුවාර 18): හමීඩ් අස්ෆාර් 46, බුද්ධික සඳරුවන් 3/37.

ලහිරු තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

දිනෙන් දින තරගකාරීත්වය වැඩි වන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනයේ කැපී පෙණෙනම පිතිකරු වූයේ රාගම…

පානදුර ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය අතර තරගය

උණුසුම් මුහුණුවරකින් ගලා ගිය මෙම තරගයේ දී දෙපිළේම පිතිකරුවන් පිත්තෙන් දස්කම් පළ කිරීම නිසා තරගය නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි. ප්‍රතිවාදීන්ගේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන්  පානදුර කණ්ඩායම ලකුණු 218කට දැවී යාමෙන් පසුව පිත්ත අතට ගත් ලංකන් ක්‍රිකට් සමාජයට ලකුණු 269ක් කරා යාමට හැකි වූයේ ලක්ෂාන් රොද්‍රිගෝ රැස්කළ විශිෂ්ට ශතකයේ ආධාරයෙනි. කෙසේ වෙතත් ඒ අතරතුරේ දී සුරේෂ් පීරිස් කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

නමුත් තම දෙවැනි ඉනිම අතිශයින්ම සාර්ථක කරගත් පානදුර පිතිකරුවන් ලකුණු 334ක් රැස් කරමින් නැවතත් තරගයට අවතීර්ණ වූහ. පානදුර පුරවරයේ දී පැවති තරගය නිමාව දකින විට පරාජයේ මරු කටින් යන්තමින් ගැලවීමට සමත් වූ ලංකන් ක්‍රිකට් සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 208ක් රැස් කරගෙන සිටියහ.

පානදුර ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 60.1): කශීෆ් නවීඩ් 50, සකුරංග ෆොන්සේකා 39, රසික ප්‍රනාන්දු 39, සුරේෂ් පීරිස් 31, නවීන් කවිකාර 4/80, දිනුෂ්ක මාලන් 3/42, චානක රුවන්සිරි 2/31.

ලංකන් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 53.4): ලක්ෂාන් රොද්‍රිගෝ 103, චානක රුවන්සිරි 48, සුරේෂ් පීරිස් 7/82, ධනුෂික බණ්ඩාර 3/92.

පානදුර ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 334 (පන්දුවාර 92.1): සකුරංග ෆොන්සේකා 75, සශ්‍රීක පුස්සෙගොල්ල 67, විශ්ව චතුරංග 44, සුරේෂ් පීරිස් 53, මොහොමඩ් රමීස් 34, චානක රුවන්සිරි 4/91, නවීන් කවිකාර 3/86.

ලංකන් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 208 (පන්දුවාර 63): චානක රුවන්සිරි 46, මධුරංග සොයිසා 38, ශශීන් ප්‍රනාන්දු 32, ධනුෂික බණ්ඩාර 5/51.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ කළුතර නගර සමාජය අතර තරගය

දැවැන්ත ලකුණු පුවරුවක් වෙනුවෙන් කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය ඊයේ දැමූ පදනම නිමාව දුටුවේ කඩුලු 9ක් දැවී ලකුණු 405ක් වශයෙන් ඔවුන්ගේ ප්‍රථම ඉනිම සඳහන් වෙද්දීයි. ඒ වෙනුවෙන් දමිත් පෙරේරා ලකුණු 88ක් රැස්කර ගැනීමට සමත් විය. රුවන්ත ඒකනායක ලකුණු 72යි.

මෙම යෝධ ලකුණු පුවරුවට සැලකිය යුතු ආකාරයේ සාර්ථක පිළිතුරක් ලබා දුන් කළුතර නගර සමාජය ලකුණු 305ක් වාර්තා කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් ලකුණු 92ක් රැස්කළ නිපුන කාරියවසම් තම ශතකය අහිමි කර ගත්තේ ලකුණු 8ක සුළු පරතරයකිනි. වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ජය පැරදුමකින් තොරව නිමාව දකින විට කුරුණෑගල පිළ කඩුලු 4ක් දැවී ලකුණු 200ක් ලබා සිටියහ.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 405 (පන්දුවාර 126): දමිත් පෙරේරා 88, රුවන්ත ඒකනායක 72, ධනුෂ්ක ධර්මසිරි 52, තරිඳු දසනායක 46, ලක්ෂාන් ජයසිංහ 2/56, මතීෂ පෙරේරා 2/101.

කළුතර නගර සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 305 (පන්දුවාර 92.2): නිපුන කාරියවසම් 92, ගීත් පෙරේරා 86, ශානක සම්පත් 43, කල්හාන් සිනෙත් 3/73, තුසිත් ද සොයිසා 2/51.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 200 (පන්දුවාර 48): සාරින්ද දසනායක 68, මලිත් කුරේ 60*, චරිත් මෙන්ඩිස් 58, ලක්ෂාන් ජයසිංහ 2/49.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න