ලක්ෂාන්ගේ ශතකයෙන් ලංකන් ක්‍රිකට් සමාජය හිස ඔසවයි!

967

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ B ශ්‍රේණියේ තරග 4ක් පසුගිය දා (05) ආරම්භ විය.

එම තරග ඊයේ (06) දෙවැනි දිනයටත් තවත් උණුසුම් වෙමින් ගලා ගියේ අද දිනයේ බිහිවන ජයග්‍රාහකයින් පිළිබඳව ද දල අදහසක් ලබා දෙමිනි. එහි දී ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ලක්ෂාන් රොද්‍රිගෝ රැස්කළ ශතකය ඊයේ දිනයේ සුවිශේෂී සිදුවීම බවට පත්විය.

ලහිරු තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

දිනෙන් දින තරගකාරීත්වය වැඩි වන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනයේ කැපී පෙණෙනම පිතිකරු වූයේ රාගම ක්‍රිකට් කණ්ඩායමේ…

පොලිස් ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනායක දී ඊයේ ඇරඹුණු මෙම තරගයේ වැඩි වාසිය මේ වන විට පවතින්නේ ගාලු ක්‍රිකට් සමාජය සතුවයි. කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් පොලිස් ක්‍රීඩා සමාජය අනපේක්ෂිත අයුරින් ලකුණු 95කට දැවී යාමත් සමඟම ගාලු කණ්ඩායමට එම මහඟු අවස්ථාව උදා විය.

එහි දී තම කණ්ඩායම වෙනුවෙන් වැඩි බරක් දැරුවේ ප්‍රථම ඉනිමේ කඩුලු 5 බැගින් දවාගත් ගයාන් සිරිසෝම සහ ලසිත් ප්‍රනාන්දුයි. පසුව පොලිස් පන්දු යවන්නන් හමුවේ සුපිරි පිතිකරණ රටාවක් නිරූපණය කළ ගාලු පිතිකරුවන් සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 315ක් රැස් කළහ.

පන්දු යැවීමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඉනිමක කඩුලු 6ක් බිඳ හෙලූ නිමේෂ් විමුක්ති සමත් විය. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන පොලිස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ගාලු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 26ක් පිටුපසින් සිටින්නේ හෙට දිනයේ තරගය ජය පැරදුමෙන් තොරව හෝ අවසන් කර ගැනීමේ අභිප්‍රායෙනි.

පොලිස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 95 (පන්දුවාර 28.3): සමිත් දුශාන්ත 23, ගයාන් සිරිසෝම 5/29, ලසිත් ප්‍රනාන්දු 5/49.

ගාල්ල ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 315 (පන්දුවාර 107): හසන්ත ප්‍රනාන්දු 65, ලසිත් ප්‍රනාන්දු 64, දමිත හුණුකුඹුර 53, තිලිණ මස්මුල්ල 31, නිමේෂ් විමුක්ති 6/103.

පොලිස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 194 (පන්දුවාර 55): තරිඳු ඩිල්ශාන් 64, නිමේෂ් විමුක්ති 44*, දිනූෂ ප්‍රනාන්දු 41, ක්‍රිෂාන් අබේසූරිය 2/24.

ත්‍රිත්ව හා සාන්ත බෙනඩික්ට් පූර්ණ ජයක පහස ලබයි

ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබාගත් අද (6) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග…

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මිහිරාන් රැස්කළ ශතකයෙන් පොහොසත් වූ ඔවුන්ගේ ප්‍රථම ඉනිම නිමාව දුටුවේ ලකුණු 304 දීයි. ඒ නාවිකයින්ගේ ඇරයුම පිළිගෙන මුලින් පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේ වෙතත් තම ප්‍රතිවාදීන්ට පිත්තෙන් හොඳ අභියෝගයක් එල්ල කළ නාවික හමුදා කණ්ඩායම ද සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 285ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් බුද්ධික හසරංගගෙන් ලකුණු 93ක දායකත්වයක් හිමි විය. ශොහාන් රංගික කඩුලු 5යි. මේ වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ගුවන් භටයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 44ක් ලබා සිටින්නේ නාවිකයින්ට වඩා ලකුණු 63ක ඉදිරියක් ලබා ගනිමිනි. තරගය වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්වේ.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 304 (පන්දුවාර 83.5): එස්. ඒ. ඩී. යූ. මිහිරාන් 115, ‍රවිඳු ගුණවර්ධන 49*, චාමිකර හේවගේ 32, හේශාන් ඔමේන්ද්‍ර 31, තරුෂාන් ඉද්දමල්ගොඩ 4/39, සුදාරක දක්ෂිණ 3/68, නුවන් සම්පත් 2/33.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 285 (පන්දුවාර 75.3): බුද්ධික හසරංග 93, කුසල් එදිරිසූරිය 56, තරූෂ ඉද්දමල්ගොඩ 42, ඉශාන් අබේසේකර 31, ශොහාන් රංගික 5/88, බුද්ධික සඳරුවන් 3/84.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 44 (පන්දුවාර 18): උදයවංශ පරාක්‍රම 33*.

පානදුර ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය අතර තරගය

උණුසුම් මුහුණුවරකින් ගලා යන මෙම තරගයේ ප්‍රථම ඉනිමේ වැඩි වාසියක් ලබා ගත්තේ ලංකන් ක්‍රිකට් සමාජයයි.

නමුත් දෙවැනි ඉනිමේ දී ප්‍රබල පිතිකරණ රටාවක් අනුගමනය කරමින් නැවතත් තරගයට අවතීර්ණ වන්නට පානදුර කණ්ඩායමට හැකි විය. ප්‍රතිවාදීන්ගේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන්  පානදුර කණ්ඩායම ලකුණු 218කට දැවී යාමෙන් පසුව පිත්ත අතට ගත් ලංකන් ක්‍රිකට් සමාජයට ලකුණු 269ක් කරා යාමට හැකි වූයේ ලක්ෂාන් රොද්‍රිගෝ රැස්කළ විශිෂ්ට ශතකයේ ආධාරයෙනි.

කෙසේ වෙතත් ඒ අතරතුරේ දී සුරේෂ් පීරිස් කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දැක්විය. කෙසේ වෙතත් මේ වන විට පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 208ක් රැස් කරගෙන ප්‍රබල ස්ථානයක පසුවේ. තරගය පැවැත්වෙන්නේ ද පානදුර පුරවරයේදීයි.

පානදුර ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 60.1): කශීෆ් නවීඩ් 50, සකුරංග ෆොන්සේකා 39, රසික ප්‍රනාන්දු 39, සුරේෂ් පීරිස් 31, නවීන් කවිකාර 4/80, දිනුෂ්ක මාලන් 3/42, චානක රුවන්සිරි 2/31.

ලංකන් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 53.4): ලක්ෂාන් රොද්‍රිගෝ 103, චානක රුවන්සිරි 48, සුරේෂ් පීරිස් 7/82, ධනුෂික බණ්ඩාර 3/92.

පානදුර ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 208 (පන්දුවාර 63): සකුරංග ෆොන්සේකා 75, සශ්‍රීක පුස්සෙගොල්ල 58*, විශ්ව චතුරංග 44, නවීන් කවිකාර 2/60.

තරගයේ පළමු දිනය තුලම ගාලු ක්‍රිකට් සමාජයෙන් පෙරළියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ B කොටසේ තරග හතරක් අද (5) ආරම්භ විය.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ කළුතර නගර සමාජය අතර තරගය

දැවැන්ත ලකුණු පුවරුවක් වෙනුවෙන් කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය දැමූ පදනම ඊයේ නිමාව දුටුවේ කඩුලු 9ක් දැවී ලකුණු 405ක් වශයෙන් ඔවුන්ගේ ප්‍රථම ඉනිම සඳහන් වෙද්දීයි. ඒ වෙනුවෙන් දමිත් පෙරේරා ලකුණු 88ක් රැස්කර ගැනීමට සමත් විය.

රුවන්ත ඒකනායක ලකුණු 72යි. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කළුතර නගර සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබා සිටින්නේ කුරුණෑගල ප්‍රථම ඉනිමට වඩා ලකුණු 236ක් පමණක් පිටුපසින් සිටිමිනි. ඒ අනුව ඔවුන්ට අද දිනයේ ඉතාමත් ප්‍රවේසම් සහගතව පන්දුවට පහර නොදුන්නොත් පූර්ණ තරග පරාජයක් පවා උරුම වීමේ ඉඩකඩ පවතී. කළුතර ඉනිම වෙනුවෙන් ගීත් පෙරේරා ලකුණු 86ක් රැස් කළේය. තරගය පැවැත්වෙන්නේ වෙලගෙදර ක්‍රීඩාංගණයේදීයි.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 405 (පන්දුවාර 126): දමිත් පෙරේරා 88, රුවන්ත ඒකනායක 72, ධනුෂ්ක ධර්මසිරි 52, තරිඳු දසනායක 46, ලක්ෂාන් ජයසිංහ 2/56, මතීෂ පෙරේරා 2/101.

කළුතර නගර සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 169 (පන්දුවාර 52): ගීත් පෙරේරා 86, කල්හාන් සිනෙත් 3/44, තුසිත් ද සොයිසා 2/30.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න