ටැමිල් ක්‍රීඩකයෝ වරාය ගිල්වද්දී දුෂාන් විමුක්තිගෙන් වෙඩි වර්ෂාවක්

1336

තරග ආරම්භයේ සිටම අභිමානවත්ව සිටි වරාය ක්‍රීඩකයෝ එහිම ගිල්වමින් අද (07) දවසේ නිමා වූ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ තරග අතරින් සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වෙද්දී, යුද හමුදා කණ්ඩායමේ දුෂාන් විමුක්ති ප්‍රතිවාදීන්ගේ දෙවැනි ඉනිමේ දී කඩුලු 9ක් දවා ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පාර සකසා දුන්නේය.

පළමු ඉනිම පරාජය වූ ටැමිල් යූනියන් කණ්ඩායම වරායට එරෙහි තරගය නිමා කළේ ලකුණු 126ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.  

යුධ හමුදා කණ්ඩායම සහ එන්. සී. සී. කණ්ඩායම අතර පැවති තරගයෙන් යුධ හමුදා කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි වූ අතර එහි දී දකුණතින් පිට දඟපන්දු යැවූ දුෂාන් තමන්ගේ පන්දු යැවීමේ දක්ෂතාව නිමා කළේ පන්දුවාර 31ක්, නොයිඳුල් පන්දුවාර 4ක් ලකුණු 108කට කඩුලු 9ක් ලෙසිනි.

මේ අතර අද නිමා වූ අනෙක් තරගය වූ සී. සී. සී. සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය ජය පරාජයකින් තොරව නිමා විය.

ලහිරු තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

දිනෙන් දින තරගකාරීත්වය වැඩි වන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනයේ කැපී පෙණෙනම පිතිකරු වූයේ රාගම ක්‍රිකට් කණ්ඩායමේ…

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගය

පළමු ඉනිමට පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය ලබා ගත් ලකුණු 120ට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ප්‍රතිවාදීන් අභිබවා ගියේය. දෙවැනි ඉනිමේ දී ලකුණු 113ක් පිටුපසින් සිට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ දැවැන්ත ඉනිමක් ගොඩ නගමින් ලකුණු 384ක් ලබා ගත්හ. ඒ කඩුලු 6ක් පමණක් දැවී යමිනි.

එම ඉනිමේ දී දකුණතින් පිත්ත හසුරුවන මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 102ක් වාර්තා කළේය. ඔහු සමඟ එක්ව සිටි ජීවන් මෙන්ඩිස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 72කි. මොවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලේ ලකුණු සබඳතාව 152කි.

අනතුරුව ලකුණු 272ක ඉලක්කයකට පිටියට පිවිසි වරාය ක්‍රීඩකයෝ අවසාන ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 145කි.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.5) ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, චමින්ද බණ්ඩාර 2/34, අකලංක ගනේගම 5/35, චානක කොමසාරු 2/37

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (54.2) එන්. ආර්. ඩී. කැම්ප්ටන් 56, ගයාන් මනීශාන් 43, ගිහාන් රූපසිංහ 89, දිනුක් වික්‍රමනායක 6/42

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 384 ( 95.0) සිතාර ගිම්හාන් 23, රමිත රඹුක්වැල්ල 41, තරංග පරණවිතාන 78, දිනුක් වික්‍රමනායක 30) ජීවන් මෙන්ඩිස් 72,  මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 102 , මදුක ලියනපතිරණ 3/86, චානක කොමසාරු 2/97

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 145 (48.0) ගයාන් මනීශාන් 33, ප්‍රශාන් වික්‍රමසිංහ 53, දිනුක් වික්‍රමනායක 4/22, ජීවන් මෙන්ඩිස් 4/38

ලක්ෂාන්ගේ ශතකයෙන් ලංකන් ක්‍රිකට් සමාජය හිස ඔසවයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ B ශ්‍රේණියේ තරග 4ක් පසුගිය දා (05) ආරම්භ විය.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ එන්. සී. සී අතර තරගය

පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 224ට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 369ක් ලබා ගත්හ. දෙවැනි ඉනිමේ දී සංචාරක ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 235ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 91ක ඉලක්කයක් වූ අතර එය කඩුලු 4ක් පමණක් දැවී ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (59.2) භානුක රාජපක්ෂ 29, ඇන්ජලෝ පෙරේරා 80, තරිඳු කෞෂාල් 30, නුවන් කරුණාරත්න 39, ජනිත් සිල්වා 2/27, නුවන් ලියනපතිරණ 3/40, ජනක සම්පත් 3/33

ශ්‍රී ලංකා යුද හමුදාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 369 (106.1) ලක්ෂිත මධුශාන් 71, නවෝද් ඉලුක්වත්ත 34, ඩිල්ශාන් ද සොයිසා නොදැවී 97, ජනක සම්පත් 79, නුවන් කරුණාරත්න ල2/31, ලසිත් අඹුල්දෙණිය 2/31

එන්. සී. සී; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 235 (71.0) ලහිරු උදාර 40, මහේල උඩවත්ත 52, තරිඳු කෞෂාල් 39, සචින් පීරිස් 33, දුෂාන් විමුක්ති 9/108

ශ්‍රී ලංකා යුද හමුදාව; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 94 (19.4) ජනක සම්පත් නොදැවී 50, ලසිත් ඇඹුල්දෙණිය 2/36


සී. සී. සී. සහ රාගම අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ සිව්වැනි ඉනිමේ දී රාගම ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 166ක ඉලක්කයක් ලැබුණි. නමුත් තරගය නතර කරන විට ඔවුන් ලබා සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 76ක් පමණි.

සී. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (62.1) රොන් චන්ද්‍රගුප්ත 24, අශාන් ප්‍රියන්ජන් 70, ලසිත් අබේරත්න 96, ලහිරු මධුශංක 33, මනෙල්ක ද සිල්වා 26, ඉෂාන් ජයරත්න 2/55, සහන් නානායක්කාර 3/78, නිශාන් පීරිස් 3/55

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (101.2) ෂෙහාන් ප්‍රනාන්දු 79, ලහිරු තිරිමාන්න නොදැවී 166, සමීර ද සොයිසා 38,  ලහිරු මධුශංක 4/73, අශාන් ප්‍රියන්ජන් 3/49

සී. සී. සී; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 237 (63.0) රොන් චන්ද්‍රගුප්ත 24, ඩිල්ශාන් මුණවීර 34, ලහිරු මධුශංක 57, මළිඳු මධුරංග 51, මනෙල්ක ද සිල්වා 37, ඉෂාන් ජයරත්න 2/51, සහන් නානායක්කාර 6/102

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 76 (23.0) උදාර ජයසුන්දර 38, සචිත් පතිරණ 2/27

වීරසිංහගේ අර්ධ ශතකය ජන මාධ්‍යයට ජය ගෙනෙයි

ජන මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම හා වෙළඳ සංගම් ක්‍රිකට් එක්ස් කෝ කණ්ඩායම අතර ඊයේ (6) වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී තෙවන වරටත් පැවැත්වූ සුහද විස්සයි විස්ස…

සැරසන්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දී සැරසන්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත් ලකුණු 320ට පිළිතුරු ලෙසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 293ක් ලබා සිටියහ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 320 (92.4) රවිඳු ගුණසේකර 24, ඇන්ඩි සොලමන්ස් 33, මින්හාජ් ජලීල් 43, ගමිඳු කනිෂ්ක 62, ප්‍රමෝද් මධුවන්ත 86, මිෂෙන් සිල්වා 24, ලහිර සමරකෝන් 4/59, ධනෝෂ් රනෝදිත් 3/75, කොෂාන් ධනුෂ්ක  2/52

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 293 (85.0) නිපුන් කරුණානායක 69, සචින් ජයවර්ධන 63, අදීශ නානායක්කාර 40, රමේෂ් මෙන්ඩිස් 22, ප්‍රමුද් හෙට්ටිවත්ත 42, රොෂාන් ජයතිස්ස 4/92, චතුර රන්දුණු 2/78


බී. ආර්. සී. සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත් ලකුණු 134ට පිළිතුරු ලෙසින් බදුරලිය ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 133ක් පමණි. අනතුරුව දෙවැනි ඉනිමට පිටියට පිවිසි බී. ආර්. සී. ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 312ක් ලබා සිටියහ.

බී. ආර්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 134 (34.4) ටී. එම්. සම්පත් 30, රොමේෂ් බුද්ධික 23, හේෂාන් විතාන 23, චාමිකර එදිරිසිංහ 26, ඩිලේශ් ගුණරත්න 4/42, අලංකාර අසංක 5/45

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (57.2) පැතුම් නිශ්ශංක 41, ඩිල්හාන් කුරේ 26, චාමිකර එදිරිසිංහ 5/20, සුරාජ් රන්දිව් 3/39

බී. ආර්. සී; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 312 (83.0) ප්‍රවිනාත් විජේසූරිය 23, රුමේෂ් බුද්ධික 51, හර්ෂ විතාන 40, ශෂීන් දිල්රංග නොදැවී 79, සුරාජ් රන්දීව් 60, අලංකාර අසංක 3/120, දුවිඳු තිලකරත්න 2/70


කෝල්ට්ස් සහ මූවර්ස් අතර තරගය

මුවර්ස් පිටියේ දී අද (07) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ එහි වාසිය ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස පළමු දිනය නිමා වන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 353ක් ලබා සිටියහ.

මෙම තරගයේ දී ආරම්භක වමත් පිතිකරු සංගීත් කුරේ පන්දු 263කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 173ක් ලබා සිටියේය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 353 (91.0) පසිඳු ලක්ෂාන් 46, සංගීත් කුරේ නොදැවී 173, දිල්රුවන් පෙරේරා 83, ප්‍රියමාල් පෙරේරා නොදැවී 42, නිලංක සඳකැන් 4/150

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න