අකලංක සහ ලසිත්ගෙන් දක්ෂතා

912

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ අද (05) ඇරඹි තරගවල දී සුවිශේෂී දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කරන අකලංක ගනේගම සහ සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන ලසිත් අබේරත්න සමත් විය.

36 හැවිරිදි දකුණතින් මඳ වේගපන්දු යවන අකලංක ගනේගම ද්‍රවිඩ සංගම් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තේය. ඔහු ඒ වෙනුවෙන් වැය කරනු ලැබුවේ පන්දු වාර 16ක් පමණි.

23 හැවිරිදි දකුණත් පිතිකරු ලසිත් අබේරත්න රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 96ක් ලබා ගත්තේය.

සැක සංකා දුරලමින් හලාවත මේරියන්ස් ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර කටුනායක…

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ද්‍රවිඩ සංගම් අතර තරගය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය ලබා ගත් ලකුණු 120ට පිළිතුරු ලෙසින් පළමු දිනය අවසන් වන විට වරාය අධිකාරි කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලබා ප්‍රතිවාදීන් අභිබවා ගියේ ය.

කාසියේ වාසිය දිනූ වරාය අධිකාරිය කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ ලකුණු පුවරුව වරෙක කඩුලු 5ක් දැවී ලකුණු 50ක්ව තිබූණේය. එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ජීවන් මෙන්ඩිස් සහ ශාලික කරුණානායක තම කණ්ඩායම ගෞරවනීය තත්ත්වයට ගෙන ආවේ හය වැනි කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් එක් කරමිනි.

ජීවන් මෙන්ඩිස් පන්දු 70කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර ශාලික කරුණානායක පන්දු 43ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක එන්. ආර්. ඩී. කැම්ප්ටන් පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේය. එමෙන්ම ගයාන් මනීශාන් පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය.

ගිහාන් රූපසිංහ ලකුණු 38ක් ලබා සිටිය දී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන දිනුක් වික්‍රමනායක ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.5) ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, චමින්ද බණ්ඩාර 2/34, අකලංක ගනේගම 5/35, චානක කොමසාරු 2/37

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 169 (41.0) එන්. ආර්. ඩී. කැම්ප්ටන් 56, ගයාන් මනීශාන් නොදැවී 43, ගිහාන් රූපසිංහ නොදැවී 38, දිනුක් වික්‍රමනායක 4/16

සී. සී. සී. සහ රාගම අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාගම ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තමන්ට හුරු පුරුදු පිටියේ දී පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 273ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් පළමු දිනය නිමා වන විට සංචාරක ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 63ක් ලබා සිටියහ.

ලසිත් අබේරත්නගේ දක්ෂතාවලට අමතරව නායක අශාන් ප්‍රියන්ජන පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේය.  

පන්දු යැවීමේ දී නිශාන් පීරිස් සහ සහන් නානායක්කාර කඩුලු තුන බැගින් දවා ගනිමින් කැපී පෙණුනි.

පිළිතුරු ඉනිමේ දී ආබාධයක් හේතුවෙන් නැවත ක්‍රීඩාගාරයට ගිය ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 30ක් ලබා සිටි අතර පිටියේ නොදැවී රැඳී සිටි ලහිරු තිරිමාන්න ලකුණු 16ක් ලබා සිටියේය.

සී. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (62.1) රොන් චන්ද්‍රගුප්ත 24, අශාන් ප්‍රියන්ජන් 70, ලසිත් අබේරත්න 96, ලහිරු මධුශංක 33, මනෙල්ක ද සිල්වා 26, ඉෂාන් ජයරත්න 2/55, සහන් නානායක්කාර 3/78, නිශාන් පීරිස් 3/55

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 63 (24.3) ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 30, ලහිරු තිරිමාන්න නොදැවී 16, ලහිරු මධුශංක 2/13

සාන්ත ජෝසප් ලකුණු පුවරුවට ශතක දෙකක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම අද (5) ආරම්භ විය. ඒ අතුරෙන් සාන්ත ජෝසප් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වූ තරගය…

ශ්‍රී ලංකා යුද හමුදාව සහ එන්. සී. සී. අතර තරගය

පනාගොඩ යුද හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 224ක් ලබා ගත් අතර දිනය නිමා වන විට සත්කාරක ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 92ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනූ සංචාරක ක්‍රීඩකයන්ගේ විශ්වාසය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම ය. නමුත් ආරම්භය එතරම් ඔවුන්ට සුබ දායක වූයේ නැත. පළමු කඩුලු 3 ලකුණු 7ක් ව තිබිය දී ඔවුන්ට අහිමි විය. අනතුරුව භානුක රාජපක්ෂ (29) සහ ඇන්ජලෝ පෙරේරා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 59ක් එක් කිරීමට සමත් වූහ. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඇන්ජලෝ පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 80ක් රැස් කළේය. ඊට අමතරව මැද පෙළ ශක්තිමත් කරමින් තරිඳු කෞෂාල් (30) සහ චාමික කරුණාරත්න (39) ද ලකුණු අතරට පිවිසීම එන්. සී. සී. ඉනිමේ වාසනාවට සිදු වූවකි.

කඩුලු ලබා ගැනීමේ දී නුවන් ලියනපතිරණ සහ ජනක සම්පත් කඩුලු 3 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

යුද හමුදා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් අතුරින් ලක්ෂිත මධුශාන් පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ද නවෝද් ඉලුක්වත්ත නොදැවී ලකුණු 29ක් ද ලබා සිටියේ ය.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (59.2) භානුක රාජපක්ෂ 29, ඇන්ජලෝ පෙරේරා 80, (99-8-2) තරිඳු කෞෂාල් 30, චාමික කරුණාරත්න 39, ජනිත් සිල්වා 2/27, නුවන් ලියනපතිරණ 3/40, ජනක සම්පත් 3/33

ශ්‍රී ලංකා යුද හමුදාව; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 92 (28.0) ලක්ෂිත මධුශාන් නොදැවී 52, නවෝද් ඉලුක්වත්ත නොදැවී 29

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න