30 දෙනෙකුගේ සංචිතය තෝරා අවසන්

538
Sri Lanka preliminary squad

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 16න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට (AFC) සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මඟින් තෝරා ගෙන ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මඟින් තරගාවලියට ක්‍රීඩකයින් තේරීමේ කටයුතු පසුගිය 17 හා 18 යන දිනයන්වල හී සිටි පාපන්දු සංකීර්ණයේ දී පවත්වන ලදි. ඒ අනුව 17 වන දා උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල තේරීමේ කටයුතු පැවති අතර 18 වන දා පැවතියේ දකුණු හා බස්නාහිර පළාත්වල තේරීම් කටයුතු යි. එම දින දෙකේ දී තෝරා ගත් ක්‍රීඩකයින්ගේ අවසාන තේරීමේ කටයුතු මෙම මස (ජුනි) 24 වන දා පවත්වන ලදි.

උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාතේ තේරීමේ කටයුතු අවසන්

2018 වසරේ දී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ..

මෙම සංචිතය සඳහා තේරී පත්වූ ක්‍රීඩකයින් 30 දෙනාගෙන් 10 දෙනෙක් මෙම වසරේ මාර්තු මාසයේ දී රටවල් 4ක සහභාගීත්වෙයන් පැවති දකුණු ආසියානු – ජපාන පාපන්දු තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කර ඇත. ඒ ක්‍රීඩකයින් 10 දෙනා වන්නේ රවිකුමාර් තනුජන්, එච්. එම්. ජේ. චමෝද්, මොහොමඩ් රිකාස්, මොහොමඩ් රුෂ්කාන්, මොහොමඩ් උමාර්, මොහොමඩ් ආශික්, නබීල් නිසාම්, චමත් කොඩිතුවක්කු, සංදීප වාස් සහ විෂල්ක සුලක්ෂණ ය.

එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වලින් ක්‍රීඩකයින් 04 දෙනෙක් මෙම සංචිතය සඳහා තේරී පත්වී ඇත. ඒ රවිකුමාර් තනුජන්, කේ. සුදර්ශන්, ඊ. දිනයියාස් සහ එම්. රියාස් යන ක්‍රීඩකයින් ය. ෂෙහාන් බ්‍රයන් වීරප්පුලි, රුමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් ධනංජය සහ නවෝත් විහඟ යන ක්‍රීඩකයින් දකුණු පළාත නියෝජනය කරමින් මෙම සංචිතය සඳහා තේරී පත්වී ඇත.

අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩකයින් 03 දෙනෙක් තේරී පත්වී ඇති අතර ඒ. අක්ෂත් මිහිරු විජේසූරිය, ධනංජය ද සිල්වා සහ රසිඳු රශ්මික රණසිංහ එම ක්‍රීඩකයින් තිදෙනා ය. ඊට අමතරව හමීඩ් අල් හුසේනි විද්‍යාලයෙන් සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් බැගින් ද මෙම සංචිතය සඳහා තේරී පත්වී ඇත.

ක්‍රීඩකයින් 30 දෙනාගේ සංචිතය –

අංකය නම පාසල ක්‍රීඩා කරන ස්ථානය
1. ආර්. තනුජන් මහජන විද්‍යාලය, යාපනය FW
2. කේ. සුදර්ශන් සාන්ත හෙන්රි විද්‍යාලය, යාපනය DF
3. ඊ. දිනයියාස් සාන්ත පැට්‍රික් විද්‍යාලය, යාපනය FW
4. ජේ. එම්. රිහාන් ඇලිගර් මධ්‍ය මහා විද්‍යාලය, මඩකලපුව MF
5. එච්. එම්. ජේ. චමෝද් මලියදේව විද්‍යාලය, කුරුණෑගල MF
6. ආර්. එම්. ආර්. ඩී. ජී. රාජපක්ෂ නිස්සංක මහා විද්‍යාලය, කුරුණෑගල MF
7. එන්. ඩබ්. පී. රසඳ දිල්රුක්ෂ සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කටුනේරිය DF
8. මොහොමඩ් අක්‍රම් බෙරවර්ට්ස් විද්‍යාලය, මහනුවර FW
9. මොහොමඩ් රිකාස් විෂන් ජාත්‍යන්තර පාසල, මහනුවර FW
10. එම්. ආර්. එම්. රුෂ්කාන් අජ්මීර් ජාතික පාසල, උකුවෙල FW
11. එම්. ඒ. අක්ෂත් මිහිරු විජේසූරිය සාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුර GK
12. එච්. එම්. ඒ.  ධනංජය ද සිල්වා සාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුර MF
13. ආර්. ඒ. රසිඳු රශ්මික රණසිංහ සාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුර MF
14. මොහොමඩ් උමාර් රන්පොකුණුගම මහා විද්‍යාලය, නිට්ටඹුව MF
15. එම්. නුෂ්කාන් ශාන්ත මයිකල් විද්‍යාලය, කොළඹ GK
16. මොහොමඩ් ආශික් හමීඩ් අල් හුසේනි විද්‍යාලය FW
17. පී. අජිත් ප්‍රසාන්ත් හමීඩ් අල් හුසේනි විද්‍යාලය FW
18. අනාෆ් අමීර් සාන්ත පීතර විද්‍යාලය, කොළඹ GK
19. නබීල් සහිරා විද්‍යාලය, කොළඹ DF
20. චමත් කොඩිතුවක්කු නාලන්දා විද්‍යාලය, කොළඹ FW
21. එන්. එෆ්. එම්. ශිෆාන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව FW
22. සංදීප වාස් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව GK
23. එම්. අයි. එම්. මුෂාරුබ් අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලය, මීගමුව FW
24. ෂෙහාන් බ්‍රයන් වීරප්පුලි රාහුල විද්‍යාලය, මාතර FW
25. කසුන් දිල්හාර ද මැසිනද් විද්‍යාලය, කඳාන DF
26. විෂල්ක සුලක්ෂණ සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර FW
27. රුමේෂ් මෙන්ඩිස් ගිංතොට මහා විද්‍යාලය, ගාල්ල DF
28. ලක්ෂාන් ධනංජය විද්‍යාලෝක මහා විද්‍යාලය, ගාල්ල MF
29. එම්. නවෝත් විහඟ ධීරානන්ද මහා විද්‍යාලය, ගාල්ල FW
30. ෂෙහාන් හර්ෂණ කොතලාවල මහා විද්‍යාලය, රත්මලාන MF

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<