අනිල් ප්‍රසන්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල පැරා යයි

300
Sri Lankan Para Olympic team unveiled

මෙවර රියෝ පැරාලිම්පික්‌ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්‌ඩායම පෙරේදා (03 දා) බ්‍රසීලය බලා පිටත් වූයේය.

13 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම ක්‍රීඩකයින් 8 දෙනෙක්‌ගෙන් හා ක්‍රීඩිකාවකගෙන් යුක්‌ත වන අතර අදාළ කණ්‌ඩායම සඳහා නිලධාරීන් තුන්දෙනෙක්‌ මෙන්ම එක්‌ නිලධාරිනියක්‌ද ඇතුළත්ව තිබේ. එමෙන්ම පැරාලිම්පික්‌ ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම තරගකරුවන් සංඛ්‍යාවක්‌ සහභාගී වන අවස්‌ථාව වශයෙන්ද මෙය සටහන් විය.

පසුගිය ලිපි: රියෝ ඔලිම්පික් උළෙලට පසු වදනක්

ඒ අනුව මෙවර ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම අනිල් ප්‍රසන්න ජයලත්ට පැවරී තිබෙන අතර හෙතෙම T42 කාණ්‌ඩයෙන් මීටර් 100, 200 හා දුර පැනීම යන ඉසව්වන් සඳහා සහභාගී වීමට නියමිතය. F44 කාණ්‌ඩයෙන් සම්පත් හෙට්‌ටිආරච්චි හා F46 කාණ්‌ඩයෙන් ගාමිණී ඒකනායක මෙන්ම දිනේෂ් ප්‍රියන්ත යන ක්‍රීඩකයන් හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වේ. එමෙන්ම T44 කාණ්‌ඩයෙන් මීටර් 100, 200 සහ මීටර් 400 යන ඉසව්වන් සඳහා අජිත් හෙට්‌ටිආරච්චි තරග බිමට පිවිසීමට නියමිතව තිබෙන අතර T42 කාණ්‌ඩයෙන් තරග වදින ඉන්දික චූලදාස මීටර් 100 සහ 200 යන ඉසව්වන් වෙනුවෙන් හොඳ සූදානමකින් පසුවේ.

ශ්‍රී ලංකා පදක්‌කම් බලාපොරොත්තුවක්‌ වන අමරා ඉන්දුමතී සිය ඉසව්වන් වන මීටර් 200, 400 සහ දුර පැනීම යන ඉසව්වන් සඳහා T47 කාණ්‌ඩයෙන් තරග වැදීමට නියමිතය. මීට අමතරව උපාලිs රාජකරුණා රෝදපුටු ටෙනිස්‌ තරග ඉසව්ව නියෝජනය කරන අතර සම්පත් බණ්‌ඩාර දුණු විදීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි.

2012 ලන්ඩනයේ පැවැති පැරාලිම්පික්‌ තරගාවලියේදී ප්‍රදීප් සංජය ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික්‌ ලෝකඩ පදක්‌කම දිනා දී ඇති අතර එහිදී ඔහු විසින් T46 කාණ්‌ඩයෙන් තරග වදිමින් මීටර් 400 ඉසව්වෙන් තත්. 49.28 ක දක්‌ෂතාවක්‌ දක්‌වා තිබේ.

‘පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‌ෂතාවන්ගෙන් ඉදිරියට රැගෙන ඒමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඒ කාර්ය මැනවින් කරගෙන යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ හමුදාවේ නොවන ආබාධ සහිත පුද්ගලයන් මේ සඳහා යොමුකර ගනිමින් ඉදිරියට රැගෙන එන්න’ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාධ්‍යයට හඳුන්වාදීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එලෙස අදහස්‌ දැක්‌වීය.

එමෙන්ම රියෝ ඔලිම්පික්‌ උළෙල සඳහා නිලධාරීන් 40 දෙනෙක්‌ නොගිය බවත්, ඒ සඳහා ක්‍රීඩකයන් 9 දෙනෙක්‌, පුහුණුකරුවන් 9 දෙනෙක්‌, මාධ්‍යවේදීන් 6 දෙනෙක්‌ මෙන්ම වෙනත් පාර්ශවයන් 8 දෙනෙක්‌ ඒ සඳහා සහභාගී වූ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට