ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට

651

ඊයේ (15) සවස කොළඹ ජාත්‍යන්තර තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියරේ 3 වන ස්ථානය සඳහා පැවති තරගයේ දී දකුණු කොරියානු කණ්ඩායම ලකුණු 22-05ක් වශයෙන් පරාජයට පත්කරමින් 3 වන ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම සමත් විය.

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක ජයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියර අද (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර…

තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පැවති තරගය ජය ගන්නට දකුණු කොරියානු කණ්ඩායම සමත් වූ අතර තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය විය.

ඒ අනුව තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ රිචඩ් ධර්මපාල තරගයේ දෙවන මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට තරින්ද රත්වත්තේ සමත් වූයේ නැත. (SL 05 – 00 SK)  

අනතුරුව තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ ධනුෂ්ක රංජන් පළමු අර්ධයේ මැද භාගයේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ නංවන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව රත්වත්තේ විසින් සාර්ථක කර ගන්නා ලදි. (SL 12 – 00 SK)

ශ්‍රී ලංකා කාන්තාවන් පළමු දිනය ජයග්‍රහණයක් සමඟින් අවසන් කරයි

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ 3 වන අදියර ඊයේ (14) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර..

පසුව දකුණු කොරියානු ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වූ අතර ඒ අනුව එහි දී ජින්කියු ලී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 12 – 05 දකුණු කොරියාව   

තරගයේ දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදර්ශන මුතුතන්ත්‍රි සහ ජේසන් දිසානායක වෙනුවට රෙහාන් සිල්වා සහ ඔමල්ක ගුණරත්න තරගයට ආදේශ කරන ලදි. පසුව රෙහාන් සිල්වා දකුණු කොරියානු ක්‍රීඩකයින් පසුකරමින් පන්දුව රිචඩ් ධර්මපාල හට බාර කළ අතර ඔහු මීටර 40ක දුරක් දිවයමින් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන ලදි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට රීසා රෆායඩීන් සමත් වූයේ නැත. (SL 17 – 05 SK)   

අනතුරුව රීසා රෆායඩීන් විසින් සිය වේගය ආධාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අසමත් වූ නමුත් එය තරගයේ ප්‍රතිඵලයට බාධාවක් වූයේ නැත.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 22 – 05 දකුණු කොරියාව   

ජයග්‍රහණයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි ප්‍රකාශ කර සිටියේ;

“කොහොම වුනත් මේක අපි බලාපොරොත්තු වුන තරමේ ජයග්‍රහණයක් නෙමෙයි. නමුත් සියලු දෙනාම හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා මේ වසරේ තරගාවලිය මේ විදිහට අවසන් කරන්න පුළුවන් වීම ගැන අපි සතුටට පත්වෙනවා.”

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ ධනුෂ්ක රංජන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ;

“මම හිතන විදිහට සමස්තයක් ලෙස අපි හොඳින් ක්‍රීඩා කළා. මොකද අපි ඊයේ දකුණු කොරියානු කණ්ඩායම හමුවේ සිදු කළ අඩුපාඩු අද සිදුකළේ නැහැ. කෙසේ නමුත් හොං කොං කණ්ඩායම සමඟ අපි ක්‍රීඩා කරපු විදිහ ගැන පොඩි කනගාටුවක් තියෙනවා. කොහොම වුනත් අපි 3 වෙනි ස්ථානය දිනා ගන්න හොඳින් ක්‍රීඩා කළා.”

3 වන අදියරේ ශූරතා කුසලානය සඳහා පැවති තරගය අතිරේක කාලය දක්වා දීර්ඝ වූ අතර එහි දී මුලින් ලකුණු තත්වයෙන් පසුපසින් සිටි හොං කොං කණ්ඩායම තරගය අවසානයේ ජපාන කණ්ඩායම පරාජයට පත්කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඒ අනුව ජපානය සහ හොං කොං කණ්ඩායම ලබන වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වෙන ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීය.

වෙනස්කම් 4ක් සහිතව ශ්‍රී ලංකා රග්බි සංචිතය එළියට

ලබන 14 සහ 15 දෙදින පුරාවට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි…

හොං කොං බාධකය ජය ගන්නට ශ්‍රී ලංකාව යළිත් අසමත් වෙයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියරේ ශ්‍රී ලංකාව සහභාගී වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ඊයේ (15) කොළඹ ජාත්‍යන්තර තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී නැවත වරක් හොං කොං කණ්ඩායම හමුවේ පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 12-26ක් ලෙසයි.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට බාධාවක් වූ හොං කොං කණ්ඩායම 3 වන අදියරේ දී ද අර්ධ අවසන් පූර්ව වටයේ දී මුණ ගැසුණත් තරගය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම නිසා එයින් තමන්ට වාසියක් අත්වනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අපේක්‍ෂා කළ බව නොඅනුමානයි. නමුත් තරගය ආරම්භයේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අභිබවමින් ඉදිරියට එන්නට හොං කොං කණ්ඩායම සමත් විය. ඒ අනුව තරගය ආරම්භ වී තත්පර 10ක් ඇතුළත සුදර්ශන මුතුතන්ත්‍රි අතින් සිදු වූ දෝෂයකින් ප්‍රයෝජන ලබාගත් හොං කොං කණ්ඩායමේ ටෝබි ෆෙන් ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. (SL 00 – 05 HK)

මිනිත්තු 2කට පසුව පන්දුව හුවමාරු කිරීමේ දී ශ්‍රීනාත් සූරියබණ්ඩාර අතින් සිදු වූ දෝෂයක් හරහා පන්දුව ලබාගත් හොං කොං ක්‍රීඩක කැම් ෂිංග් ඔවුන්ගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට ජේමි හුඩ් සමත් විය. (SL 00 – 12 HK)

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ රිචඩ් ධර්මපාල හට කහ කාඩ්පතක් නිකුත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදු විය. ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගත් හොං කොං කණ්ඩායමේ ජේසන් ජෙයැම් ඔවුන්ගේ 3 වන උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ජේමි හුඩ් විසින් සාර්ථක කර ගන්නා ලදි. (SL 00 – 19 HK)

ජාතික සත් සාමාජික ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු

ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) මේ වන විට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි..

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට මීටර 60ක දුරක් දිවයමින් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගිය ධනුෂ්ක රංජන් සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 05 – 19 හොං කොං

දෙවන අර්ධය ආරම්භ වී තරගයේ 9 වන මිනිත්තුවේ දී ලකුණු පරතරය අභිබවමින් තරගය ජය ගැනීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බිඳ දමන්නට තරගයේ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කර ගත් කැම් ෂිංග් සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද ජේමි හුඩ් සමත් විය. (SL 05 – 26 HK)

අනතුරුව තරගය අවසන් වන්නට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් කෙවින් ඩික්සන් විසින් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගනු ලැබුවත් එය හොං කොං කණ්ඩායමේ ජයග්‍රහණය උදුරා ගන්නට ප්‍රමාණවත් වූයේ නැත.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 12 – 26 හොං කොං

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<