ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්

2644

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතය අද (18) නිල වශයෙන් මාධ්‍යට නිකුත් කරන ලදි.

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇපත් නැති වෙයි

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර (17) පැවති තෙවැනි…

පසුගිය දා නිමාව දුටු ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය නියෝජනය කළ නායක ලසිත් මාලිංග, උපනායක නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, කසුන් රාජිත හා ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින් දකුණු අප්‍රිකානු සංචිතය සඳහාත් නැවත වතාවක් තේරී පත්ව ඇත.

නවසීලන්ත තරග සංචාරයේ දෙවන ටෙස්ට් තරගය අතරතුර ආබාධයට ලක්වූ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් තවමත් සුව අතට පත්වී නොමැති නිසා මෙවර තරගාවලිය සඳහා ද ඔහුව ඇතුළත් කොට නොතිබුණි.

විවේක ගැන්වීම නිසාවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නිත්‍ය නායකත්වය අහිමි වූ දිනේෂ් චන්දිමාල් හට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානය ද අහිමිව ගොස් තිබෙන අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වන ධනුෂ්ක ගුණතිලක නිසි ශාරීරික යෝග්‍යතා මට්ටමක නොසිටින නිසා මෙවර තරගාවලිය වෙනුවෙන් තේරී නොමැත.

ජොන්ටි රෝඩ්ස්ට අනුව හොඳම පන්දු රකින්නන් පස්දෙනා

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දු රැකීම ගැන කතාබහ කරන විට අමතක කළ නොහැකිම චරිතයකි දකුණු…

ඒ වෙනුවෙන් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ලකුණු අතර සිටි ප්‍රහාරාත්මක දකුණත් පිතිකරුවෙක් වන අවිශ්ක ප්‍රනාන්දු හා අත්දැකීම් බහුල වමත් ආරම්භක පිතිකරුවෙක් වන උපුල් තරංග නැවත වතාවක් ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

පසුගිය දා නිමාව දුටු ශ්‍රී ලංකා පළමු පෙළ A කොටසේ ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව පසු කළ ප්‍රියමාල් පෙරේරා පළමු වතාවට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබෙන අතර දෑතින්ම පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද ඒ අතර වේ. ඒ සඳහා ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් දැක්වූ දස්කම් ඉවහල් වී තිබේ.

දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජයගේ නවක පන්දු යැවීමේ ඉරියව්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිගෙන ඔහුට පනවා තිබෙන තරග තහනම ඉවත් කර තිබෙන නිසා ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිය ස්ථානය නැවත වතාවක් දිනා ගැනීමට අකිල හට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල දනංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්

සංචිතයට පැමිණි ක්‍රීඩකයින් – උපුල් තරංග, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ප්‍රියමාල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අකිල දනංජය, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු

ඉවතට ගිය ක්‍රීඩකයින් – ධනුෂ්ක ගුණතිලක , දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර

පළමු වතාවට එක්දින කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින් – ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා

එක්දින තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – මාර්තු මස 3 වැනිදා – ජොහැන්නස්බර්ග් හිදී
  • දෙවන එක්දින තරගය – මාර්තු මස 6 වැනිදා – සෙන්චූරියන් හිදී
  • තෙවන එක්දින තරගය – මාර්තු මස 10 වැනිදා – ඩර්බන් හිදී
  • සිව්වැනි එක්දින තරගය – මාර්තු මස 13 වැනිදා – පෝර්ට් එලිසබත්
  • පස්වැනි එක්දින තරගය – මාර්තු මස 16 වැනිදා – කේප්ටවුන් හිදී

මෙම තරගාවලිය සියලුම පුවත්, ලකුණු සටහන්, තරග සේයා රූ හා විශේෂ  වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<