මහරූෆ්, තරංග, රන්දිව් නැවතත් එක්දින පිටියට

474
maharuuf, Tharanga, Randiw - Featured image

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එළබෙන එංගලන්ත හා අයර්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා, වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරූෆ්, ආරම්භක පිතිකරු උපුල් තරංග හා දඟ පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිව් කැදවීමට තීරණය කර ඇත.

තවද ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා පා දඟ පන්දු යවන තුන් ඉරියව්  ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න මෙම සංචිතය සඳහා කැදවීමට තීරණය කර තිබේ.

පසුගිය ලිපි: මෙහෙම ගියොත් කොහොමත් අවුල්

නිමා වූ 2015/2016 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මහරූෆ් වැඩි කඩුලු ප්‍රමාණයක් ලබාගනිමින් දක්ෂතා දක්ෂතා දක්වා තිබේ. ඔහු තරඟ 5කදී කඩුලු 16ක් දවාලීමට සමත් ව ඇත. ඔහුගේ කඩුලු දවාලීමේ සාමාන්‍ය 6.31 ක් ලෙස දැක්වෙන අතර අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන මහරූෆ් එක්දින ජාත්‍යන්තර තරඟ 104කදී කඩුලු 133ක් දවාලීමට සමත් ව ඇති අතර ඔහු අවසන් වරට 2012 වර්ෂයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කර ඇත.

වමතින් පන්දුවට පහරදෙන තරංග නිමාවූ ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරඟ 7කදී ලකුණු 386ක් ලබාගනිමින් දක්ෂතා දක්වා තිබේ. එයට අර්ධ ශතක 4ක් වාර්තා කර ඇත. තරංග අවසන් වරට පාකිස්තාන කණ්ඩායම සමඟ 2015 වර්ෂයේදී ක්‍රීඩා කර ඇති අතර  වයස අවුරුදු 31ක් වන තරංග වර්ෂ 11කදී අන්තර් ජාතික එක්දින තරඟ 180කට සහභාගි වී ඇති, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වේ. සඳහා ඔහු ශතක 13ක් සමඟ ලකුණු 5407ක් ලබාගැනීමට සමත්ව ඇත.

සුරාජ් රන්දිව් නිමාවූ දේශීය ක්‍රිකට් තරගාවලි වලදී, තරඟ 5කදී කඩුලු 7ක් දවාලමින් දක්ෂතා දක්වා තිබේ. තවද නිමාවූ සීමිත පන්දුවාර ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරඟ 10කදී කඩුලු 50 ක් දවාලමින් 28.50 කඩුලු දවාලීමේ සාමාන්‍යක් පවත්වා ඇත. රන්දිව් අවසන් වරට 2014 වර්ෂයේදී ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින තරඟාවලිය ක්‍රීඩා කර ඇත.

පසුගිය ලිපි: කුසල් හා චමින්ද එංගලන්තයට

පෞද්ගලික හේතුවක් මත සංචිතයෙන් ඉවත් වූ තිලකරත්න ඩිල්ශාන් වෙනුවට එස්. එස්. සී ක්‍රීඩා සමාජයේ නායක හා ආරම්භක පිතිකරු වන යොවුන් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කැදවා ඇති අතර ඔහු 2015/16 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරඟ 5කදී ලකුණු 270 ක් ලබාගනිමින් දක්ෂතා දැක්වූ නිසා සංචිතය සදහා කැදවා ඇත.

සීක්කුගේ ප්‍රසන්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට සහභාගි වූ නිසා ඔහු දැනට එංගලන්තයේ සිටින අතර තරංග, ධනුෂ්ක, රන්දිව්, මහරූෆ් ඉදිරි දින කිහිපය තුළ එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

නුවන් කුලසේකර, තිසර පෙරේරා හා සචිත්‍ර සේනානායක තේරීම් කමිටුවේ අවධානයෙන් ගිලිහී ඇති අතර ජෙෆ්රි වැන්ඩර්සේ අබාධ තත්ත්වයක පසුවන නිසා මෙම සංචිතයට කැදවා නොමැත.

කෙසේවෙතත් එංගලන්ත ටෙස්ට් තරගාවලිය නිමා වූ විගසම එක්දින සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනා නම්කරන බවතේරීම් කමිටුව වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – ඇන්ජලෝ මැතිව්ස්(නායක), දිනේෂ් චන්දිමාල්, (උප නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, සීකුගේ ප්‍රසන්න, දසුන් ශානක,ෆර්විස් මහරෑෆ්,සුරාජ් රන්දිව්,ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, නුවන් ප්‍රදීප්,චමින්ද බණ්ඩාර

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න