ආසියානු දැල්පන්දු ශූරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

645
11th Asian Netball Championship

සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත 11 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය මගින් (NFSL) ප්‍රකාශයට පත් කරන ලදි.

මේ වසර මුල සිටම නව පුහුණුකාරිනි තිලකා ජිනදාස මහත්මිය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විවිධ පුහුණු කඳවුරු සඳහා සහභාගී වූයේ මෙම ආසියානු ශූරතාව ඉලක්ක කරගෙනය. පසුගිය ජනවාරියේ ක්‍රීඩිකාවන් 30 දෙනෙකුගෙන් යුතු සංචිතයක් තෝරාගත් අතර පසුව ඉන් ක්‍රීඩිකාවන් 20 දෙනෙකු තෝරා ගන්නා ලදි.

පාසල් බාලිකාවෝ සමඟින් යුධ කාන්තාවෝ ද ශූරතා දිනති

2018 නෙට් චෑම්ප්ස් දැල්පන්දු තරගාවලියේ විවෘත කාණ්ඩයේ අවසන් තරගය ජය ගැනීමට..

චතුරංගි ජයසූරිය හට කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇති අතර දර්ශිකා අබේවික්‍රම කණ්ඩායමේ උප නායිකාව ලෙස කටයුතු කරයි. දුලංගි වන්නිතිලක පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ඇති අතර සුපිරි ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම්ට අමතරව එලිලෙන්තිනි සේතුකවලාර් ද කණ්ඩායමට ඇතුළු කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති අන්තර් දැල්පන්දු සංගම් ශූරතාවලියේ දී යාපනයෙන් හමුවූ දක්ෂ ක්‍රීඩිකාවන් වූ එලිලෙන්තිනි ක්ෂණිකවම ජාතික සංචිතයට ඇතුළු කරගන්නට ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය තීරණය කළේය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩිකාවන් හතරක්, හැටන් නැෂනල් බැංකු කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් තුනක් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ද සංචිතයට ඇතුලත්ව තිබේ. යුධ හමුදා ක්‍රීඩා සමාජයෙන්, සී. ඩී. බී බැංකු කණ්ඩායමෙන් හා සෙලාන් බැංකු කණ්ඩායමෙන් එක් ක්‍රීඩිකාවන් බැගින් ද කණ්ඩායමට ඇතුලත් වී තිබේ.

ගයාන්ජලි අමරවංශ, හසිතා මෙන්ඩිස්, දුලංගා ධනංජි, දර්ශිකා අබේවික්‍රම, තිලිනි වත්තේගෙදර, සුරේඛා කුමාරි ගමගේ සහ ගයානි දිසානායක යන ක්‍රීඩිකාවන් ද කණ්ඩායමට නම් කර සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාව අනුශූරයින් වූ 2016 ආසියානු ශූරතාවලියට ද සහභාගී විය.  

සංචිතය

චතුරංගි ජයසූරිය (නායිකා-ගුවන් හමුදා), දර්ශිකා අබේවික්‍රම (HNB), තර්ජිනී සිවලිංගම් (සෙලාන් බැංකුව), ගයනි දිසානායක (HNB), තිළිණි වත්තේගෙදර (ගුවන් හමුදා), ගයාන්ජලි අමරවංශ (HNB), සුරේඛා ගමගේ (ගුවන් හමුදා), හසිතා මෙන්ඩිස් (නාවික හමුදා), දුලංගි වන්නිතිලක (නාවික හමුදා), නෞචලී රාජපක්ෂ (යුධ හමුදා), දුලංග ධනංජි (ගුවන් හමුදා), එලිලෙන්තිනි සේතුකවලර් (CDB)

අතිරේක ක්‍රීඩිකාවන්

රුවිනි යටිගම්මන (LB), ශාමලී රත්නායක (යුධ හමුදා), රෙසුරි විජේසුන්දර

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<