ලක් දැල්පන්දු ක්‍රීඩිකාවෝ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

299

අතිසාර්ථක වසරකට පසු ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයේ දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල 19 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ. අදාළ ශ්‍රේණිගත කිරීම් දෙසැම්බර් 2 වැනිදා නිකුත් කෙරිණි.

HNB අවසන් මහා තරගයට පිවිසෙද්දී සෙලාන් තියුණු ජයක් වාර්තා කරයි

2018 ඩයලොග් ජාතික දැල් පන්දු ශූරතාවලියේ දෙවන වටය හා දෙවන දිනය සඳහා වූ තරග ඊයේ (06) දින බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු අතර හැටන්…

සිංගප්පූරුවට, මලයාසියාවට හා හොංකොං දේශයට පසුපසින් හිඳිමින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම වසර ආරම්භ කළේ 27 වැනි ස්ථානයෙනි. කෙසේ වෙතත් ඔවුන් ජුනි මාසයේ දී 26 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර ආසියානු ශූරතාවයේ දී ලද සාර්ථකත්වයත් සමඟ ඔවුන් 20 වන ස්ථානය දක්වා පැමිණීමට සමත් විය.

2017 දෙසැම්බර් මාසයේ දී තිලකා ජිනදාස මහත්මිය පුහුණුකරු ලෙස පත් වීමත් සමඟින්ම කණ්ඩායම සාර්ථක වූ බව නොරහසක්. ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ පූර්ණ අනුග්‍රහය යටතේ ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන්ට අවශ්‍ය තරම් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමට තිලකා ජිනදාස මහත්මිය ක්‍රියා කරන ලදි. ආසියානු ශූරතාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී සුහද දැල්පන්දු තරගාවලියකට සහභාගී වූ අතර ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ සිටින මලාවි රාජ්‍යයේ දී ද තරගාවලියකට එක් විය.

මීට අමතරව මේ වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රහාරක ක්‍රීඩිකාව වූ තර්ජිනී සිවලිංගම්ගේ සේවය යලිත් ලැබුණු අතර ඇය 2014 වසරේ සිට කණ්ඩායමට ක්‍රීඩා නොකළේ පරිපාලනය සමග තිබූ ගැටලුවක් නිසාවෙනි. කෙසේ වෙතත් ඇය ආසියානු ශූරතාවලියේ දී 97%ක ප්‍රහාරක සාර්ථකත්වයක් අත්කර ගැනීම විශේෂත්වයකි.

Video – මේ වගේ තරග තමයි ඉස්සරහටත් සංවිධානය විය යුත්තේ – චතුරංගි ජයසූරිය

2018 ‘Dialog’ ජාතික දැල්පන්දු ශූරතාවලියේ ශූරතාවයේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින්…

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 14 වන ස්ථානයට පත් වූ අතර ඒ ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ හොඳම දක්ෂතාවයයි. පරිපාලනයේ තිබූ ගැටලු හා ඔවුන්ට ක්‍රීඩා කිරීමට ලැබුණු තරග ගණන අඩු වීම නිසා පසුගිය වසර 10 පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එතරම් දක්ෂතා අතරට පිවිසීමට හැකියාවක් ලැබුණේ නැත. කෙසේ වෙතත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රීඩා කළ පළමු ජාතික දැල්පන්දු ශූරතාවලිය ද පසුගිය සතියේ දී පැවැත්වුණු අතර වැඩි ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් මෙන්ම වැඩි අනුග්‍රාහකයින් සංඛ්‍යාවක් ද ක්‍රීඩාවට එකතු කර ගැනීම එහි අරමුණයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<