හොංකොං යන දැල්පන්දු කණ්ඩායම තෝරාගනී

262

ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය මෙම වසරේ පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය සඳහා වන පෙර සූදානමක් වශයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම හොංකොං හි සංචාරයක් සඳහා එක්වීමට නියමිත අතර මෙම තරග සංචාරය සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කරනු ලැබුවා. 

දැල්පන්දු ඉතිහාසයේ පළමු වතාවට ඉහළ කාර්‍ය සාධනයට නව අංශයක්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු …….

තරගාවලිය සඳහා මීට පෙර ක්‍රීඩිකාවන් 22 දෙනෙකු තෝරාගෙන තිබූ අතර අවසන් තේරිම් තරගවලින් අනතුරුව එම සංඛ්‍යාව 15 දක්වා අඩුකර තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකාව වන චතුරංගි ජයසූරිය මෙම සංචිතයට ඇතුලත්ව නැත.

පද්මා බැද්දේවෙල, සකුන්තලා විජේතුංග, සීතා රමණි, තිසංගි කොඩිතුවක්කු හා වජිරා පුෂ්පකුමාරි යන මහත්මීන් මෙම සංචිතය තෝරාගැනීම සඳහා සහභාගි විය. සංචිතයේ අවසන් තේරීම් තරග පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය

තර්ජිනී සිවලිංගම්, දර්ශිකා අබේවික්‍රම, නවුචලී රාජපක්ෂ, ගයානි දිසානායක, දුශානි බංඩාර, හසිතා මෙන්ඩිස්, දුලංගා ධනංජි, ගයාත්‍රී කෞශල්‍යා, තිලිණි වත්තේගෙදර, දුලංගි වන්නිතිලක, සමෘද්ධි අබේගුණවර්ධන, මන්දිරා චාරුණී, සුරේඛා කුමාරි, ගයාන්ජලී අමරවංශ, තිසලා අල්ගම

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<