ආසියානු තරගාවලියට පෙර ලක් පාපන්දු ක්‍රීඩිකාවෝ විදෙස් සංචාරයක

594

ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීම මෙන්ම බහරේනය අතර වන මිත්‍රත්වය වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් පාපන්දු තරග 3කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම අද (14) බහරේනය බලා පිටත්ව යෑමට නියමිතයි.

මීගමු අභියෝග නොතකා සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ අවසන් සංග්‍රාමයට

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ ….

පාපන්දු සම්මේලනය විසින් බහරේන පාපන්දු සම්මේලනයට කරන ලද ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර වශයෙන් මෙම තරගාවලියේ නිරත වීමට මෙරට කාන්තා පාපන්දු කණ්ඩායමට අවස්ථාව උදාවී තිබේ. අදාළ තරගාවලිය යටතේ වූ පළමු තරගය මෙම මස 17 වැනිදා පැවැත්වෙන අතර දෙවැන්න 20 වැනිදා ද, තෙවැන්න 23 වැනිදා ද බහරේනයේ දී පැවැත්වෙනු ඇත.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව ලෙස එරන්දි ලියනගේ කටයුතු කරන අතර ඇයගේ සහායිකාව ලෙස ලක්ෂිකා ගුණවර්ධන කටයුතු කරන්නීය. 2016 වසරේ ඉන්දියාවේ දී ක්‍රියාත්මක වුණු දකුණු ආසියානු තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගි වීමෙන් පසු ගෙවී ගිය වසර දෙකක කාලයකින් පසු විදෙස් සංචාරයක් සඳහා මෙරට කාන්තා කණ්ඩායම පිටත්ව යන පළමු තරගාවලිය වශයෙන් ද මෙම තරගාවලිය හැඳින්විය හැක.

“මගේ ජීවිතයේ සිදු වූ හොඳම දෙය, ඇයව හමුවීමයි” – සුවාරෙස්

පාපන්දු රසිකයන්ට නම් “සුවාරෙස්” කියන නම එතරම් ආගන්තුක නමක් නෙවෙයි. ඔහු පාපන්දු ලොවේ ….

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තිලක් අපෝන්සු මහතා කටයුතු කරන ලබන අතර ඔහු අවසන් මාස එකහමාරක පමණ කාලයේ දී එම කණ්ඩායම සමඟ බැද්දගාන ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ දී පුහුණුවීම්වල නිරත විය.

පූර්විකාවේ සඳහන් කළ කරුණු දෙකට අමතරව ලබන 2019 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මෙන්ම එම වසරේ අගෝස්තු මාසයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගවල පෙරහුරුවක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම තරග සංචාරය සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මූලික ඉලක්කය වී ඇත්තේ 2030 වසර වන විට මෙරට කාන්තා පාපන්දුව ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තරයේ ක්‍රීඩා කරන රටවල් අතර ඉහළම ස්ථානයකට පැමිණීම වේ.

මෙසී – රොනාල්ඩෝ ආධිපත්‍ය බිඳ වැටේ; මොඩ්රිච් Ballon d’Or දිනයි

2008 වසරෙන් පසු පළමු වතාවට රොනාල්ඩෝ – මෙසී ආධිපත්‍ය බිඳ හෙළමින් 2018 Ballon d’Or ….

සංචාරයට සහභාගි වන කාන්තා පාපන්දු කණ්ඩායම – එරන්දි ලියනගේ (නායිකා), ලක්ෂිකා ගුණවර්ධන (උප නායිකා), යොහානි වීරසිංහ, කාංචනා විරංගා, තිලිණි ජයසිංහ, මධුශානි නල්ලවරිගේ, තුෂානි මධුශිකා, සෙල්වරානි යුවරානි, චමිලා ප්‍රියදර්ශනී, යමුනා ඉලංගකෝන්, චාන්දනී කරුණාරත්න, චලනි ඒකනායක, සකුරා සුබසිංහ, අයෝමි විජේරත්න, ප්‍රවීනා පෙරේරා, රාධිකා ගුණසේකර, අචලා පෙරේරා, නිසංසලා සෙව්වන්දි, ටී. කේ. අන්ජලා, ඉමේෂා විතානගේ, මහේෂිකා කුමුදුනී, ඩිල්ෂා ඩයස්, බුද්ධිකා චන්ද්‍රදාස, පූර්ණිමා පෙරේරා, නිසංසලා කුමාරි, දීපානි සමරසිංහ (සහාය පුහුණුකාරිණී), ධම්මිකා අතුකෝරළ (සහාය පුහුණුකාරිණී), සුනිල් සෙනවීර (කළමනාකරු), සුජිත් ප්‍රසන්න (අභ්‍යාසක), ලලිත් වීරසිංහ (සහාය පුහුණුකරු), ඉරේෂා කුමාරි (භෞත චිකිත්සක) තිලක් අපෝන්සු (ප්‍රධාන පුහුණුකරු)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<