නිෂෝන්  පිටියෙන් ඉවතට; ප්‍රබලයන් කිහිප දෙනෙක් සංචිතයට

678

තම මංගල සත් සාමාජික තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ නිෂෝන් පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් එළඹෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියර සඳහා ඔහු ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.

ධනුෂ්ක රන්ජන්ට හදිසි ආබාධයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ…

CH & FC ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන නිෂෝන්, නිමාවුණු ආසියානු තරගාවලියේ දෙවන අදියරේ දී හොංකොං සමඟින් පැවති තරගයේ දී දණහිසේ ආබාධයකට ලක්විය. මේ නිසාවෙන් නිෂෝන් හට මාස 3ක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත. බොහෝ විට අන්තර් සමාජ තරගාවලියේ පළමු වටය ද නිෂෝන්ට මග හැරෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වේගවත් ක්‍රීඩකයෙකු වන කවිඳු පෙරේරාගේ උරහිසේ ආබාධය සුව අතට හැරී ඇති බවට වාර්තා වන අතර එළඹෙන 13 වැනිදා පැවැත්වෙන තෙවන අදියර සඳහා වන තේරීම් සැසිය වෙනුවෙන් ඔහු සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ආසියානු පළමු අදියරෙන් පසු ආබාධයක් හේතුවෙන් විවේක ගන්වා සිටින  ගයාන් වීරරත්න තවමත් සුවය ලබා නොමැති අතර ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව මෙවර අදියර වෙනුවෙන් ප්‍රබල අංක 8 ක්‍රීඩක ඔමල්ක ගුණරත්නගේ හා වර්තමාන ගුවන් හමුදා ක්‍රීඩක ජෙහාන් සීලගමගේ සහභාගීත්වය අපේක්ෂා කරයි. සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් වර්ණ දිනා ගත් ප්‍රබල “Center” ක්‍රීඩකයෙකු වන සීලගම ගුවන් භටයන් සමඟින් සිය දෙවන අන්තර් සමාජ තරග වාරය ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

 

ධනුෂ්ක රන්ජන් නැවතත් පිටියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොඳු නාරටිය ලෙස හැඳින්වෙන ධනුෂ්ක රන්ජන් ආබාධවලින් සුවය ලැබීමෙන් පසු තෙවැනි අදියර වෙනුවෙන් සහභාගී වන්නට තීරණය කොට තිබේ. පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ දී කලව ප්‍රදේශයේ හට ගත් ආබාධයක් නිසා රන්ජන් හට ආසියානු ශූරතාවේ පෙර අදියර දෙකම අහිමි විය. වර්තමානයේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල “center” ක්‍රීඩකයෙකු වන රන්ජන් ශ්‍රී ලංකාව, ආසියානු ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයට රැගෙන ඒමේ අරමුණින් මෙවර තරගාවලියට සහභාගී වනු ඇත.

දකුණු කොරියානු අදියරේ සයවැන්නා ලෙසින් තරගාවලිය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තම මාතෘ භූමියේ දී කුසලාන අවසන් තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ආසියානු රග්බි ශ්‍රේණිගත කිරීම් හි වෙනසක්

නිමා වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සහ එහි දී ලබා ගත්..

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජපානය, හොංකොං හා දකුණු කොරියානු කණ්ඩායම් වලට පසුපසින් තරගාවලිය අවසන් කළේය.

ආසියානු තරගාවලියේ තෙවන අදියර සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<