ලසිත ගුණරත්න සමග ශ්‍රී ලංකා රග්බි නව ගමනකට සැරසේ

209

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා CR & FC ක්‍රීඩක ලසිත ගුණරත්න ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ නව සභාපති ලෙස තේරී පත්විය. ඒ අනුව මේ දක්වා එහි සභාපති ලෙස ක්‍රීඩා කළ අසංග සෙනෙවිරත්න මහතා ධුරයෙන් නික්ම යාමට නියමිතය.

වෙළඳසේවා සත් සාමාජික රග්බි කිරුළ ‘Access’ දිනා ගනී

දින තුනක් පුරාවට කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති 48 වන වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (22) නිමාවට පත්වූයේ…….

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (21) දා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වුනු නමුත් එය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මැයි මාසයේදීයි. ගුණරත්න මහතා 1988 වසරේ දී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් පාසැල් රග්බි ලීග් ශූරතාවය දිනූ කණ්ඩායමේ නායකයා ද වන අතර ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධූරයට ඔහු තේරී පත්වූයේ නිතරගයෙනි.

“අපි බලාපොරොත්තු වෙන්නේ අසංග සෙනෙවිරත්න මහතා හා ඔහුගේ නිලධාරී කණ්ඩායම විසින් මෙතෙක් සිදුකරගෙන ආ වැඩපිළිවෙල දිගටම පවත්වාගෙන යන්න.” යැයි ගුණරත්න මහතා පවසා සිටියේය. මීට පෙර අසංග සෙනෙවිරත්න මහතා සභාපති ධුරය දැරූ කමිටුවේ උප සභාපති ලෙස ගුණරත්න මහතා කටයුතු කළේය.

විධායක කමිටුවේ අනෙක් සාමාජිකයින් ද නිතරගයෙන්ම තේරී පත්වූ අතර මේ වසරේ දී නියෝජ්‍ය සභාපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පාසැල් රග්බි පාපන්දු සංගමය නියෝජනය කරමින් උප සභාපතිවරයෙකුද නම් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විධායක කමිටුව

සභාපති – ලසිත ගුණරත්න මහතා

නියෝජ්‍ය සභාපති – රිස්ලි ඉලියාස් මහතා

උප සභාපති – නසීම් මොහොමඩ් මහතා

උප සභාපති – සුසන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය)

ලේකම් – තුසිත පීරිස් මහතා

භාණ්ඩාගාරික – දිනේෂ් පෙරේරා මහතා

කමිටු සාමාජිකයින් – ෆසාල් මොහොමඩ්, ජූඩ් පිල්ලෙයි, රොෂාන් ඩීන්, මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ශාම්රත් ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ, තුවාන් ඩොලේ, තිලංගනී වරකාගොඩ

“ශ්‍රී ලංකා රග්බි හා පාසල් රග්බි එක්ව කටයුතු කරන්න අවශ්‍යයි. මම කතාකරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශය සමඟත් අපි කොහොමද එකට වැඩ කරන්නේ කියලා.” මෙම අවස්ථාවට සහභාගී වූ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

අනෙක් කමිටුව පහත සඳහන් පරිදි ය.

අභියාචනා කමිටුව

සභාපති – නීල් විජේරත්න (නීතිඥ)

සාමාජිකයින් – බ්‍රිගේඩියර් ජේ. ජයවර්ධන, ලාල් සිල්වා, මායියා ගුණසේකර, ජයප්‍රකාශ් රුද්‍රා, එස්, සිල්වා, ජයන්තිස්ස රත්වත්ත

තාක්ෂණික කමිටුව

සභාපති – අජිත් අබේකෝන්

සාමාජිකයින් – රොෂාන් ඩීන්, එස්. ඩබ්ලිව් චෑන්ග්, සනත් මාර්ටිස්, ඩිල්රෝයි ප්‍රනාන්දු  

විනය කමිටුව

සභාපති – ඉබ්‍රහිම් හමීඩ් (SSP)

සාමාජිකයින් – ශාහිඩ් සන්ගානී (නීතිඥ), මේජර් ජෙනරාල් එච්. එම් ක්‍රිෂ්නාරත්න

ජාතික තේරීම් කමිටුව

සභාපති – රොහාන් අබේකෝන්

සාමාජිකයින් – එල්. වී ඒකනායක, ලුතිනන් කර්නල් කපිල ක්නොව්ල්ටන්, ලෙස්ලි ද සිල්වා, නිශාන්ත ශානක

භාරකාර මණ්ඩලය

වයි. සි චෑන්ග්, හේමක අමරසුරිය, ඇන්ටන් බෙනඩික්ට්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<