SAFF ශූරතාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

657

2018 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය මෙවර බංගලාදේශයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා SWAFF සමඟ එක්වෙයි; අනුර විධායක කමිටුවට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති අනුර ද සිල්වා මහතා නිරිත දිග ආසියානු පාපන්දු සම්මේලනයේ (SWAFF) විධායක කමිටුවට තේරී පත්ව තිබේ. නිරිත දිග ආසියානු පාපන්දු සම්මේලනය (SWAFF)…

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුලත්ව වේ. පසුගිය ජූලි 3 වැනිදා 24 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කළ අතර ඉන් ක්‍රීඩකයින් අටක් ඉවත්කර ඒ සංචිතයට එක් නොවුණු නව ක්‍රීඩකයින් හතරක් අවසන් ක්‍රීඩකයින් 20 අතරට එක්වීම විශේෂත්වයක්. අනුරුද්ධ වරකාගොඩ, ඩිලාන් කෞශල්‍ය, හර්ෂ ප්‍රනාන්දු හා කවිඳු ඉශාන් එම ක්‍රීඩකයින් සිව්දෙනා වේ.

ඒ අනුව මූලික සංචිතයට නම් කෙරුණු මොහොමඩ් හස්මීර්, චතුරංග පෙරේරා, උදය කීර්ති කුමාර, චතුර ලක්ෂාන් ධනංජය, රසීක් රිෂාඩ්, ශබීර් රසූන්යා, සමිත් ප්‍රනාන්දු හා මොහොමඩ් මුෂ්ටාක් හට අවසන් සංචිතයේ සිය ස්ථානය අහිමි විය.

සංචාරක ලිතුවේනියාවෙන් සත්කාරක ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

ලිතුවේනියා කණ්ඩායම සුහද තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ නිරත වන අතර ඉන් දෙවන සුහද තරගය අද (11) කොළඹ තුරඟ තරග පිටියේ දී ශ්‍රී…

අද පැවති මාධ්‍ය හමුවේදී කණ්ඩායමේ පුහුණුකරු නිසාම් පකීර් අලී මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ජපානයේ හා කොරියාවේ දී සිදු කළ පුහුණු සැසි පිළිබඳ මෙසේ අදහස් දැක්වූවා.

“අපේ කාණ්ඩයේ ඉන්නේ මාලදිවයිනයි, ඉන්දියාවයි, අපි ජපානයට ගිහින් ක්‍රීඩා කළේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයෙන්, ඒ මාලදිවයින හා ක්‍රීඩා කරන විදිය පුහුණු වෙන්න, අපි කොරියාවට ගිහින් ආරක්ෂාකාරී හා ප්‍රතිප්‍රහාර දෙන ආකාරයට ක්‍රීඩා කළා, ඒ ඉන්දියාව සමඟ ක්‍රීඩා කරන හැටි පෙර පුහුණු වෙන්න.”

ශ්‍රී ලංකාවේ පාපන්දුව නැවතත් ජාත්‍යන්තරයට

වසර දෙකක පමණ දීර්ඝ කාලයකට පසුව ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අද (08) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ලිතුවේනියා කණ්ඩායම සමඟ පැවති …

“කණ්ඩායමට හොඳ අත්දැකීමක් ලැබුණා මේ පුහුණු සංචාරයෙන්”

කණ්ඩායමේ නායක සුභාෂ් මධුශාන් මෙසේ අදහස් දක්වා සිටියා.

“මේ ලංකාව හැමතැනින්ම ක්‍රීඩකයින් සොයාගෙන හදපු අලුත්ම සංචිතයක්, මානසිකව මෙන්ම ශාරීරිකවත් අපි හොඳ තත්වයක ඉන්නවා, අපිට දිගු කාලීන පුහුණු සංචාරයක් ලබා දීම පිළිබඳ පාපන්දු සම්මේලනයට ස්තුතියි.”

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය එළඹෙන සැප්තැම්බර් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා බංගලාදේශයේ ඩකා හිදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින B කාණ්ඩයේ තරග වදින අතර බංගලාදේශය, නේපාලය භූතානය හා පකිස්තානය A කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය

සුභාෂ් මධුශාන්-නායක (නාවික හමුදා) – චරිත රත්නායක (කොළඹ ක්‍රීඩා සමාජය)-කවීෂ් ප්‍රනාන්දු (කොළඹ ක්‍රීඩා සමාජය) – ජූඩ් සුමන් (රිනවුන් ක්‍රීඩා සමාජය) – මොහොමඩ් රිෆ්නාස් (කොළඹ ක්‍රීඩා සමාජය) – ධනුෂ්ක රාජපක්ෂ (නිව් යන්ග්ස්) – මර්යතාස් නිතර්ශන් (රිනවුන් ක්‍රීඩා සමාජය) – ඩක්සන් පියුස්ලාස් (නිව් යන්ග්ස්) – අෆිල් මොහොමඩ් (කොළඹ ක්‍රීඩා සමාජය) – අසිකුර් රහුමාන් (යුධ හමුදා) – අසේල මධුශාන් (රිනවුන් ක්‍රීඩා සමාජය) – චමීර සජිත් කුමාර (යුධ හමුදා) – මොහොමඩ් ෆසාල් (කොළඹ ක්‍රීඩා සමාජය) – සර්වාන් ජොහාර් (කොළඹ ක්‍රීඩා සමාජය) – සසංක දිල්හාර (රත්නම් ක්‍රීඩා සමාජය) – සුජාන් පෙරේරා (ක්ලබ් ඊගල්ස්) – අනුරුද්ධ වරකාගොඩ (යුධ හමුදා) – ඩිලාන් කෞශල්‍ය (කොළඹ ක්‍රීඩා සමාජය) – හර්ෂ ප්‍රනාන්දු (ගුවන් හමුදා) – කවිඳු ඉශාන් (ගුවන් හමුදා)

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<