ශ්‍රී ලංකාව ප්‍රබල තරගයක් දී පරාජය වේ

507
@Getty Images

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ දී ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ස්කොට්ලන්තය සමඟ අද (6) පැවැත්වූ අතර එහි දී තරග වට 2/1ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

අසංක හා යාපා පොදුරදමඩුලු බීච් වොලිබෝල් සඳහා සූදානමින්

ඊයේ (4) අතිඋත්සවශ්‍රීයෙන් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ දී ආරම්භ වූ පොදු රාජ්‍ය..

B කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව 176 වන ස්ථානයේ රැඳී සිටින අතර අද දිනයේ දී තරග වැදුණු ස්කොට්ලන්ත කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම් අනුව 129 වන ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අසංක ප්‍රදීප් හා මලින්ත යාපා ස්කොට්ලන්ත, ක්‍රීඩකයින් වන රොබින් මෙයිඩ්ස්බ්රෝඩ්ස්කි හා සෙයින් කුක් හමුවේ වට 2/1 ලෙස පරාජය වූයේ තියුණු තරග වට 3කට පසුවයි. එම තරග වට ත්‍රිත්වයේ නිමාව සනිටුහන් වූයේ ලකුණු 21-15, 18-21 හා 16-14ක් ලෙසයි.

අසංක හා යාපා ස්කොට්ලන්ත ක්‍රීඩකයින් හට තියුණු තරගයක් ලබා දුන් අතර පළමු තරග වටයේ මුල් ලකුණු කිහිපය ලබා ගැනීමට තරමක් වේලාවක් ගතවීම එම තරග වටය ලකුණු 21-15ක් ලෙස පරාජ වීමට හේතු විය.

රන් පදක්කම් 275ක් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සටන ඇරඹේ

එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයින් වශයෙන්…

දෙවන වටයේ දී ද ලකුණු ලබා ගැනීම අතින් ස්කොට්ලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවුවත් කරට කර සටනක් දුන් අසංක හා යාපා එම තරග වටය ලකුණු 18-21ක් ලෙස අවසන් කරමින් තරගයට අවතීර්ණ විය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ තෙවන හා අවසන් තරග වටය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත්තේ එම තරග වටය ජය ගන්නා කණ්ඩායම තරගය ජයග්‍රහණය කරන නිසාවෙනි. තරගයේ පළමු ලකුණු 12 දෙපිළම සමානව ලබාගත්ත ද අවසන් මෙහොතේ දී ස්කොට්ලන්ත කණ්ඩායමට ප්‍රබල තරගයක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16-14ක් ලෙස  පරාජය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (07) සවස 4ට කැනඩා කණ්ඩායම සමඟ පැවැත්වේ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<