ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා T20 සංචිතය නම් කරයි

283

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය කවුරුන්ද යන වග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කර තිබෙන අතර ඒ සංචිතයේ නායකත්වය ලබා දී තිබෙන්නේ චමරි අතපත්තු වෙතටයි.

සිල්වා සහ දේශප්‍රිය ශ්‍රී ලංකාව අවසන් තරගයට ගෙන එයි

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන්…

මේ වසරේ නොවැම්බර් මස 9 වැනිදා සිට ක්‍රියාත්මක වන මේ ක්‍රිකට් තරගාවලිය පුරා සති තුනක කාලයක් තිස්සේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ආශ්‍රිතව පැවැත්වේ. මේ තරගාවලිය අවසන් වරට 2016 වසරේ ඉන්දියාවේ දී පැවති අතර එහි දී ලොව විස්සයි විස්ස ශූරියන් ලෙස කිරුළු පැළඳගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. මෙවර මේ තරගාවලියේ පැවැත්වෙන්නේ 6 වැනි වතාවට වන අතර 2009 සිට පැවත එන මේ තරගාවලියේ මෙතෙක් වැඩිම ශූරතා ගණනක් දිනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය සත්කාරක කොදෙව් කණ්ඩායම හා  නවසීලන්තය කණ්ඩායම අතර පැවැත්වෙන්නේ ගයානා හිදීය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම A කාණ්ඩයෙන් මෙවර තරගාවලියට අවතීර්ණ වෙන අතර ශ්‍රී ලංකාව සමඟ සත්කාරක කොදෙව්වන්, ආසියානු විස්සයි – විස්ස ශූරියන් වන බංග්ලාදේශය, ලෝක ශූරියන් වන එංගලන්තය හා ප්‍රබල දකුණු අප්‍රිකානුවන් තරග වදිනු ඇත. එක් කාණ්ඩයට රටවල් 5 බැගින් තරග වදින මේ ලෝක කාන්තා විස්සයි විස්ස ශූරතාවය වෙනුවෙන් රටවල් 10ක් තරග වදී.

  • A කාණ්ඩය – බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය
  • B කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්තානය, ඉන්දියාව, අයර්ලන්තය

මාරිස් ස්ටෙලා හමුවේ සාන්ත ජෝසප් පසුබසියි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද…

ක්‍රීඩිකාවන් 5 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට, පිතිකාරිණියන් 5ක්, පන්දු යවන්නියන් 6ක් හා තුන් ඉරියව් ක්‍රීඩිකාවන් 45 දෙනෙකු ඇතුළත්ය.

අවසන් වරට පැවති ඉන්දු ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 4-0ක් ලෙස පරාජය වූ නමුත් තරගාවලියේ ක්‍රීඩා කළ සංචිතය හා සසඳා බැලීමේ දී මෙවර  ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ සිදුවී ඇත්තේ එක් වෙනස්කමක් පමණි. එනම් කඩුලු රකින පිතිකාරිණියක් වන අනුෂ්කා සංජීවනී සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට කඩුලු රකින පිතිකාරිණියක් වන රෙබෙකා වැන්ඩොට් මෙවර සංචිතයට අන්තර්ගත කර තිබේ.

ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම නිමා වූ ඉන්දීය තරගාවලියේ දී යම් යම් ධනාත්මක කරුණු කිහිපයක්ම ප්‍රදර්ශනය කළ අතර හර්ෂ ද සිල්වා මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පිටව යනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නොවැම්බර් මස 5 හා 8 යන දිනවල දී පිළිවෙළින් නවසීලන්තය හා අයර්ලන්තය සමඟ පුහුණු ක්‍රිකට් තරග දෙකකට ඇන්ටිගුවා හිදී සහභාගී වීමට නියමිතය. ලෝක ශූරියන් වන එංගලන්ත කණ්ඩායම සමඟ ලබන මස 11 වැනිදා පැවැත්වෙන මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අවතීර්ණ වෙනු ලැබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, සුගන්ධිකා කුමාරි, එශානි ලොකුසූරිය, ඩිලනි මනෝදරා, යශෝදා මෙන්ඩ්ස්, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනි, ඉනෝශි ප්‍රියදර්ශනී, ඕෂධී රණසිංහ, ශශිකලා සිරිවර්ධන, රෙබෙකා වැන්ඩොට්, ශ්‍රීපාලි වීරක්කොඩි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග කාලසටහන

පුහුණු තරග කාලසටහන

  • නොවැම්බර්  5 – ශ්‍රී ලංකාව හා  නවසීලන්තය – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට – ඇන්ටිගුවා හිදී
  • නොවැම්බර්  8 – ශ්‍රී ලංකාව හා අයර්ලන්තය – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට – ඇන්ටිගුවා හිදී

මූලික වටයේ තරග කාලසටහන

  • නොවැම්බර් 11 –  ශ්‍රී ලංකාව හා එංගලන්තය  – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 1.30ට – සාන්ත ලුසියා හිදී
  • නොවැම්බර් 12  – ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව  – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට – සාන්ත ලුසියා හිදී
  • නොවැම්බර්  14 – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය  – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 1.30ට -සාන්ත ලුසියා හිදී
  • නොවැම්බර් 16  – ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්  – ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට – සාන්ත ලුසියා හිදී  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<