2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ

975

හිටපු විස්සයි විස්ස ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය, 2020 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කණ්ඩායම් 8 අතරට තේරී පත්ව නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මැතිව්ස් වෙනුවට කඩුලු රකින පිතිකරුවෙක්

එහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව 2020 පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම 8 දෙනාගේ කාණ්ඩයට නොහොත් තරගයේ දෙවන වටයට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එක එල්ලේම සුදුසුකම් ලබාගෙන නොමැත්තේ ඊයේ (31) දිනය වන විට තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි – විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුවයි.

කෙසේ නමුත් කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ ලෝක කුසලාන විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලිය 2020 වසරේ ඔක්තොම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ සුපිරි කණ්ඩායම් 10 දෙනා අතර සිටින අවසන් කණ්ඩායම් දෙක  (ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය) තරගයේ මූලික වටයේ දී ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් තේරී පත්වූ කණ්ඩායම් සමඟ ක්‍රීඩා කළ යුතු වේ.

ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණය යළිත් වෙනස් වේ

ශ්‍රේණිගත කිරීම් අනුව ඊයේ (31) දිනය වන විට පළමු අට දෙනා අතර සිටි කණ්ඩායම් මූලික වටයේ දී ක්‍රීඩා කරනු නොලැබේ. ඒ පළමු කණ්ඩායම් අට අතර ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්ථානය සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන කණ්ඩායමේ දෙකට  සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් 2020 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තේරී පත්වූ ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, අයර්ලන්තය, හොංකොං, ඕමානය යන රටවල් සමඟ තරග කොට 2020 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය සඳහා (සුපිරි 10) සඳහා තේරී පත්වීමට සිදු වනු ඇත.

මීට පෙර 2016 වසරේ පැවති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට්  තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු කණ්ඩායම් 8ට එක එල්ලේම සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවත්, මෙවර ශ්‍රී ලංකාවේ එම ස්ථානය හිමිකර ගැනීමට නැගී එන ක්‍රිකට් කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථානය සමත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම් දෙකම මේ තරගාවලියේ පළමු වටයේ දී, 2020 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම් හය සමඟින් කාණ්ඩ දෙකක් ඔස්සේ තරග වැදී (එක් කණ්ඩායමක් තරග 3කට මුහුණ දී) ඒ ඒ කාණ්ඩයේ සිටින පළමු කණ්ඩායම හෙවත් කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් දෙකක් දෙවන වටයට සුදුසුකම් ලබාගනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<