4×100 ධාවන ශූරයෝ ඉතිහාසය නැවත ලියති

4032
Sri lanka men 4*100

ශ්‍රී ලංකා පිරිමි 4×100 සහාය දිවීමේ කණ්ඩායම අද (14) දින පැවති විසිඑක්වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 4×100 සහය දිවීමේ ඉසව්ව තත්පර 39.08ක කාලයකින් නිමා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ශ‍්‍රී ලංකා 4X100 කණ්ඩායම අවසන් තරග වටයට

වසර හැටඅටකට පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර 4X100 සහාය දිවීමේ ඉසව්ව

ශ්‍රී ලංකා 4×100 සහය දිවීමේ කණ්ඩයමක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක තරග වදින්නේ වසර 68කට පසුව වන අතර හිමාෂ එශාන්, ෂෙහාන් අඹේපිටිය, අශ්රාෆ් ලඩිෆ් හා විනොජ් සුරංජය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිමය ඉටු කරන්නට සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩයම අවසාන පූර්ව වටයේ දී තෙවන ස්ථානය දිනා ගත් අතර තත්පර 39.47ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

අවසන් තරගයේ දී සිය උපරිම දක්ෂතාවලට ළඟා වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනා තත්පර 39.08ක කාලයක් වාර්තා කරමින් ජාතික වාර්තාව අලුත් කරමින් ඉසව්ව නිමා කළ අතර තරගයේ සයවැනි ස්ථානය ද දිනා ගැනීමට සමත් විය. පෙර පැවති තත්පර 39.38ක ජාතික වාර්තාව ද මෙම ක්‍රීඩකයින් සිව්දෙනා විසින්ම චීනයේ වුහාන් හී පැවති 2015 ආසියානු ශූරතා තරගාවලියේ දී පිහිටුවා තිබුණි.   

අවසාන තරගය සඳහා ප්‍රබල රටවල් කිහිපයකම කණ්ඩායම් සහභාගී වූ අතර යොහාන් බ්ලේක් ප්‍රමුඛ ප්‍රබල ජැමෙයිකානු කඟවේනුන්, මීටර 100 ඉසව්වේ රිදී පදක්කම දිනූ හෙන්රිකෝ බ්රුන්ට්ජියෙස්, රන් පදක්කම දිනූ අකානි සිම්බිනේ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු කණ්ඩයම, වේගවත් ඕස්ට්‍රේලියානු කණ්ඩයම හා ප්‍රබල එංගලන්ත කණ්ඩයම සහභාගී වූ අතර ජැමෙයිකානු බලාපොරොත්තු සුන්කරමින් එංගලන්ත කණ්ඩයම රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ජැමෙයිකාව ලෝකඩ පදක්කමින් සෑහීමට පත්වෙද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට රිදී පදක්කම හිමි විය.

ශ‍්‍රී ලංකා 4X100 කණ්ඩායම අවසන් තරග වටයට

වසර හැටඅටකට පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර 4X100 සහාය දිවීමේ ඉසව්ව

අටවැනි මංතීරුවේ ධාවනයේ යෙදෙමින් හිමාෂ එශාන් සුපිරි තත්පර 0.149ක ප්‍රතික්‍රියා කාලයක් සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ආරම්භයක් ලබා ගත් නමුත් රන් පදක්කම දිනූ එංගලන්ත ක්‍රීඩකයෝ යෂ්ටි හුවමාරුවේ පටන් සියලු දේ විශිෂ්ට ලෙස ඉටු කළ අතර රුබන් ආතර් කණ්ඩායමේ නැංගුරම බඳු ධාවනයක නිරත වෙද්දී ඔවුන්ගේ මෙවර තරගවාරයේ හොඳම කාලය වාර්තා කරමින් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ද දිනා දෙමින් එංගලන්ත ක්‍රීඩකයෝ තත්පර 38.24කින් ඉසව්ව නිමා කිරීමට සමත් විය. දකුණු අප්‍රිකානු ධාවන ශූර සිම්බිනේ එංගලන්ත ක්‍රීඩකයා පසු කිරීමට සුපිරි ධාවනයක යෙදුණු නමුත් එංගලන්ත ක්‍රීඩකයා හමුවේ රිදී පදක්කමකින් සෑහීමට පත්වීමට සිදු විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම ද තත්පර 38.24කින් ඉසව්ව නිමා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර යොහාන් බ්ලේක් ප්‍රමුඛ ජැමෙයිකානු ක්‍රීඩකයෝ මෙවර තරග වාරයේ ඔවුන්ගේ හොඳම කාලය වාර්තා කරමින් තත්පර 38.35කින් තෙවන ස්ථානයට ඉසව්ව නිමා කිරීමට සමත් විය.

ThePapare.com

CWG #TPAthletics සුභ නව වසරක් වේවා… ශ්‍රී ලංකා 4X100 කණ්ඩායමෙන් නව ශ්‍රී ලංකා .

ශ්‍රී ලංකාවේ දී නිසි පහසුකම් රහිතව හා ප්‍රධාන තරගාවලි ල අත්දැකීම් රහිතව වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්වූ දක්ෂතා පැසසිය යුතුය. අභිනවයෙන් නිමා වූ සුගතදාස නව ධාවන මංතීරු වල උපරිම ප්‍රයෝජනය ද ගනිමින් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් උදෙසා සටන් වදින්නට ThePapare.com අප හිමාෂ එශාන්, ෂෙහාන් අඹේපිටිය, අශ්රාෆ් ලඩිෆ් හා විනොජ් සුරංජය යන ක්‍රීඩකයින්ට සුබ පතන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<