හොකී ප්‍රවීණයෝ ලෝක තරගාවලියට බාසිලෝනාවට

173
Sri Lanka Women's Hockey

සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන EXIN Masters World Cup තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කාන්තා හොකි කණ්ඩායම සූදානමින් පසුවේ. තරගාවලිය ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

විවිධ වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන EXIN Masters World Cup තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේ වයස අවුරුදු 35 වැඩි වයස් කාණ්ඩය යටතේ යි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ගානා රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ සත්කාරක ස්පාඤ්ඤය එම කාණ්ඩය යටතේ තරග කරන අනෙකුත් රටවල් වේ.

අන්තර් සංගම් දැල්පන්දු ශූරතාවය වෙළඳසේවා දිනා ගනී

අවසන් තරගයේ දී වෙළඳසේවා දැල්පන්දු සංගමය, යාපනය දැල්පන්දු සංගමය ‘A’ කණ්ඩායම ලකුණු 53-19ක් ලෙස පරාජය කළ අතර 15-04ක්,

මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් බදාදා (09) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ නායිකාව වන සෝභිතා මෙන්ඩිස් මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවගෙන් සිය සංචිතය සමන්විත වන බවත්, ඔවුන් සමඟ කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර ඉදිරියේ ඔසවා තැබීම අරමුණ බවත්ය.

“ඇත්තටම අපි හොඳ සූදානමකින් පසුවෙනවා. අපිට රටවල් 4කට එරෙහිව ලේසියෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතනවා. රටවල් තුනයි අමාරුයි කියලා හිතන්නේ. අපි හිතන්නේ ජර්මනිය, ඕස්ට්‍රේලියාව කියන රටවල්. ඔවුන් පහසුකමකින්ම සමන්විත කණ්ඩායම්. නමුත් කිසිදු බයකින් තොරව අපි ඔවුන් සමඟ තරග කරන්න සූදානම්.” යැයි ThePapare.com හමුවේ අදහස් දැක්වූ සෝභිතා සඳහන් කළාය.

තරගාවලිය සඳහා වන සංචිතය තෝරා ගැනීමේ දී දිවයින පුරා විසිරි ඇති හොකි සමාජවල සිටින ජාතික තලයේ දස්කම් දක්වා ඇති වයස අවුරුදු 35ට වැඩි අයවලුන් සුදුස්සන් ලෙස තෝරා ගෙන ඇති අතර සංචිතයේ නායිකාව දෙස අවධානය යොමු කිරීමේ දී ඇය පස්වරක් ජාතික හොකි කණ්ඩායමේ නායකත්ව දැරූ ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්.  

මාධ්‍ය හමුව සඳහා නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහභාගී වූ අතර එහි දී එතුමන් කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කර සිටි අතර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සත්කාරකත්වය දැක්වීමට තමා අපේක්ෂා කරන බවත් පවසා සිටියේය.

මාධ්‍ය සාකච්ඡාව අතරවාරයේ දී ශ්‍රී ලංකා කාන්තා ප්‍රවීණයින්ගේ හොකි සම්මේලනයේ නිල වෙබ් අඩවිය එලි දැක්වීම ද සිදු කරනු ලැබීය. මාධ්‍ය සාකච්ඡාව සඳහා කණ්ඩායමේ පුහුණුකරු එම්. ජී. එම්. නලීම්, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක ආර්. බී. වික්‍රමසිංහ, ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කාන්තා හොකි කණ්ඩායමේ සභාපති/ කණ්ඩායම් නායිකා සෝභිතා මෙන්ඩිස්, නගර සංවර්ධන සහ ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ සම්මේලනයේ ලේකම් රුව්යිසා සේලා යන මහත්ම මහත්මීන් සහභාගී විය.

පිට පිටම දෙවැනි වතාවටත් සූමෝ ශූරයා චමිල කරවිට

ජපානයේ ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන සූමෝ ක්‍රීඩාව

ප්‍රථම වරට ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ලොව පුරා විසිරි ඇති රටවල් රැසක ප්‍රමුඛ ප්‍රවීණයින්ගේ කණ්ඩායම් සහභාගී වන තරගාවලියක් වන අතර තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් සහභාගී වන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර ප්‍රවීණයින්ගේ හොකී සංගමය (IMHA) විසින් 2012 වසරේ සිට පවත්වනු ලබන මෙම තරගාවලිය හොකී ක්‍රීඩාව සඳහා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියක් වන අතර ජාත්‍යන්තර හොකී සම්මේලනයේ පූර්ණ අනුමැතිය යටතේ සංවිධානය වන තරගාවලියකි.

සංචිතය:

රූපිකා ද සිල්වා, ප්‍රියන්තා රාජපක්ෂ, සෝභිතා මෙන්ඩිස්, ඉරෝමි ගුණවර්ධන, වාසනා ඒකනායක, ඊෂා අමරසේකර, චන්දිමා රාජවර්ධන, ශෙරීන් ප්‍රභාරන්, සුනේත්‍රා පෙරේරා, මනෝජී ප්‍රදීපිකා, සංජී වාසුදේව, නිශාන්ති කුඹුරේගම, දුර්ගා හොප්මන්, චමිලා ගුණවර්ධන, අප්සරා ගුණතිලක, නිසංසලා රොද්‍රගෝ, රේනුකා යාපා, අයේෂා සේරසිංහ

නිලධාරීන්:

මාලා පණ්ඩිතරත්න (භෞත චිකිත්සක), ජී. රුව්යිසා සේලා (කළමනාකරු), අචලා පෙරේරා (සහකාර කළමනාකරු), තුෂාරී පෙරේරා (භාණ්ඩාගාරික), එම්. ජී. එම්. නලීම් (පුහුණුකරු), එන්. නවරත්නම් (සහකාර පුහුණුකරු)

>> පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<