කළුආරච්චි හා තනුජා වීරක්කොඩි කොරියානු සිහින බොඳ කරයි

197

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර අද (13) කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය පළමු තරගයේ දී හොංකොං හමුවේ පරාජය වුවත් කොරියාව හමුවේ තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (14) ජපානය සමඟින් පැවැත්වීමට නියමිතයි.

Video – ලංකාවේ දී ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා – රග්බි නායිකා, සංජු විජේතිලක

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් කඩඉම වන තෙවන සහ අවසන් අදියර මේ මස 13 සහ 14 කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා කොරියාව

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සිය දෙවන තරගයේ දී කොරියාව හමු වූ අතර කොරියානු අභියෝගයට සාර්ථක පිළිතුරක් ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රබල කොරියාව ලකුණු 26-10ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

තරගයේ දෙවන මිනිත්තුවේ දී ම පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට අයේෂා කළුආරච්චි සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද ඇය විසින්ම සාර්ථක කර ගන්නා ලදි. (කොරියාව 00-07 ශ්‍රී ලංකාව)

ඉන්පසුව කොරියානු ක්‍රීඩකාවන් ප්‍රබල සටනකට අවතීර්ණ වූ නමුත් දෙවරක්ම ඔවුන්ගේ බලාපොරොත්තු සිඳලමින් කොරියානු ක්‍රීඩිකාවන් පැති රේඛාවලින් ඉවතට ඇද දමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කෙසේ වෙතත් පස්වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් ඉක්මනින් ලබා ගනිමින් සාර්ථක පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු Seulgi GWON කොරියාව වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල පීඩනයකට ලක් කරමිනි. (කොරියාව 05-07 ශ්‍රී ලංකාව)

පළමු අර්ධය: කොරියාව 05 – 07 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවට එල්ල වී තිබූ පීඩනයෙන් කණ්ඩායම තනිවම ගලවා ගත් තනූජා වීරක්කොඩි කොරියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පෙරළමින් මීටර 50 සීමාවටත් එපිට සිය විශිෂ්ට ධාවනයක යෙදී සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. (කොරියාව 05-12 ශ්‍රී ලංකාව)  

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවට පා පහර දී පන්දුව හඹා යාමට උත්සහ කළත් එම උත්සාහය ව්‍යර්ථ වූ අතර පන්දුව රැක ගත් Seulgi GWON වේගවත් ධාවනයක යෙදී සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ අවසාන මොහොත දක්වාම කොරියාව ලකුණු දඩයමේ රඳවා ගනිමිනි. (කොරියාව 10-12 ශ්‍රී ලංකාව)

කෙසේ වෙතත් සුපිරි රිද්මයකට පිවිස සිටි තනූජා නැවතත් සිය පාදවලට පණ දෙමින් කොරියානු ක්‍රීඩිකාවක් බිම හෙලා, නැවතත් සුපිරි ධාවනයක නිරත වී තෙවන ශ්‍රී ලංකා උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අයේෂා කළුආරච්චි එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (කොරියාව 10-19 ශ්‍රී ලංකාව)

කොරියානු ක්‍රීඩිකාවගෙන් ජය සම්පූර්ණයෙන්ම උදුරා ගනිමින් අවසන් මිනිත්තුවේ දී අයේෂා කළුආරච්චි කොරියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සම්පූර්ණයෙන් නොමග යැවූ පාද චලනයක් උපයෝගී කරගෙන ඇයගේ දෙවන උත්සාහක දිනුමත් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනයත් ඇයම සාර්ථක කරගන්නා ලදි. (කොරියාව 10-26 ශ්‍රී ලංකාව)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 26 (4T, 3C) – 10 (2T) කොරියාව

ලකුණු රැස් කළ ක්‍රීඩිකාවෝ

ශ්‍රී ලංකාව – අයේෂා කළුආරච්චි (2T, 3C), තනුජා වීරක්කොඩි (2T)
කොරියාව – Seulgi GWON   

Video – ලංකාවේ දී ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා – රග්බි නායිකා, සංජු විජේතිලක

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් කඩඉම වන තෙවන සහ අවසන් අදියර මේ මස 13 සහ 14 කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා හොංකොං

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියරේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වූ පළමු තරගයේ දී හොංකොං ක්‍රීඩිකාවන් හමුවේ අවාසනාවන්ත ලෙස ලකුණු 29-00ක් ලෙස පරාජය විය.

දෙවන අදියරේ දී හොංකොං හමුවේ ලකුණු 42-00ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර පළමු අර්ධයේ දී හොංකොං ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

පළමු අර්ධයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉතා හොඳ ආරක්ෂක ක්‍රීඩා විලාසයක් දියත් කළ අතර පළමු අර්ධයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම වාර්තා කිරීමට Sau Yan KWONG සමත් වූයේ ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ලේ හිඩැසක් මැනවින් ප්‍රයෝජනයට ගනිමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට TJOSVOLD සමත් විය. (ශ්‍රී ලංකාව 00-07 හොංකොං)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 07 හොංකොං

දෙවන අර්ධයේ පළමු මිනිත්තුවේ සිටම ශ්‍රී ලංකා ආරක්ෂක වළලු සුනුවිසුනු කළ හොංකොං ක්‍රීඩිකාවන් තරගයේ අටවැනි මිනිත්තුවේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ Natasha OLSON-THORNEගේ සුරතිනි. (ශ්‍රී ලංකාව 00-12 හොංකොං)

කොළඹ අදියරේ ශූරතාවය ශ්‍රී ලංකාවට ද?

අදියර තුනකින් සමන්විත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර එළඹෙන ඔක්තෝබර් 13 හා 14 කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. නිමා වූ ආසියානු…

ඊට මිනිත්තු තුනකට පසු නැවත වරක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට Stephanie CHAN සමත් වූයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ දමමිනි. (ශ්‍රී ලංකාව 00-17 හොංකොං)

අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ Sau Yan KWONG ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩිකාවන් තිදෙනෙක් පෙරළමින් ඉදිරියට ඇදෙමින් සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළ අතර Stephanie CHAN එහි ප්‍රවර්තනය සාර්ථක කළාය. (ශ්‍රී ලංකාව 00-24 හොංකොං)

ශ්‍රී ලංකා පරාජයට අවසන් ඇණය ගැසූ Lindsay VARTY අවසන් මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ පළමු අර්ධයේ දී ඇතිවූ ශ්‍රී ලංකා බලාපොරොත්තු උපන්ගෙයිම විනාශ කරදමමිනි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 29 (5T, 2C) හොංකොං

ලකුණු රැස් කිරීම

හොංකොං – Sau Yan KWONG (2T), Lindsay VARTY (1T), Stephanie CHAN (1C), Natasha OLSON-THORNE (1T), TJOSVOLD (1C)

තරගාවලියේ දෙවැනි දිනය හෙට (14) ක්‍රියාත්මක වේ. ThePapare.com තරගාවලියේ සියලු සවිස්තර වාර්තා මෙන්ම සජීව විකාශන ද ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.          

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<