SAG දින්න මේසපන්දු පොඩ්ඩන්ට ක්‍රීඩා ඇමතිගෙන් ඇගයීම්

88

නේපාලයේ කත්මන්දු නුවර පැවති දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුපිරි දස්කම් පෙන්වමින් රන් පදක්කමක් ඇතුළුව මුළු පදක්කම් හතක් දිනා ගන්නට සමත් වුණා.

ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතර දෙනෙකු ආසියානු මට්ටමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම තරගාවලියේ තවත් විශේෂත්වයක්.

SAG පදක්කම් ලාභීන්ට රුපියල් මිලියන 85ක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තුන්වැනි ස්ථානය…

දකුණු ආසියානු හෝප්ස් හා කැඩෙට් කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 04ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට සමත් වුනා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා වයස අවුරුදු 15න් පහළ බාලක රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාව ලැබුණු එකම රන් පදක්කම තමන්ගේ නමට ලියා ගනිමින්. වයස අවුරුදු 15න් පහළ බාලක රිදී පදක්කම දිනා ගැනීමට ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මහිත් ජයසුමනත්, වයස අවුරුදු 15න් පහළ බාලිකා රිදී පදක්කම දිනා ගැනීමට කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්‍යාත් සමත් වුනා. 

එම ඉසව්වේම ලෝකඩ පදක්කම දිනා ගැනීමට  අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විදුහලේ නිදිති රෙහන්‍යා සමත් වෙද්දී වයස අවුරුදු 12න් පහල බාලක ලෝකඩ පදක්කම දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ කකෙරු හෙන්නායක හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙවිමිත් වීරසේන හට හැකියාව ලැබුණා.  

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ ඒ. ඩබ්. ටමාදි කාවින්ද්‍යා වයස අවුරුදු 12න් පහල බාලිකා අංශයේ ලෝකඩ පදක්කමක් තමන්ගේ නමට ලියා ගන්නට සමත් වුනා. 

පසුගිය බ්‍රහස්පතින්දා (6) ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැත්වුණා. 

>>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට<<