ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම සිංගප්පූරුවට

196

අප්‍රේල් මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වෙන නවසීලන්ත ආසියානු කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී  ලංකා කණ්ඩායම හෙට (31)  දිනයේ දී දිවයිනෙන් පිටත්ව  යාමට නියමිතයි.

ගුවන්, පොලිස්, නැවියන් සහ පානදුර සමසේ සතුටු වෙති

ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ පසුගිය (27) වැනිදා ආරම්භ වූ තරග 4ක් ඊයේ (29) නිමාවට…

රටවල් 6ක කණ්ඩායම් 7කගේ සහභාගීත්වයෙන් (සිංගප්පූරුවෙන් කණ්ඩායම් දෙකක්) පැවැත්වෙන මේ තරගාවලිය සඳහා සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නවසීලන්තය සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව වසර 10ක පමණ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් වන කෝලිත හපුආරච්චි විසිනි. ඊට අමතරව දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාවේ අත්දැකීම් රැසක් තිබෙන ඇන්ඩි සොලමන්ස් හා තරිඳු මෙන්ඩිස් ද මේ සංචිතය සඳහා ඇතුලත්ව සිටීම සුවිශේෂි වේ.

අපිට අත්දැකීම් බහුල කණ්ඩායමක් ඉන්නවා. ඉන්දීය කණ්ඩායම අපිට ලොකු අභියෝගයක් දෙයි කියලා හිතනවා. අපිත් ඔවුන්ට ලොකු අභියෝගයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අසේල පතිරණ මහතා ThePapare.com වෙත පැවසීය.

රන් මහා සටනේ වාසිය ඩී. එස් අතට හැරෙයි

දිවයිනේ ප්‍රචලිත පාසල් ක්‍රිකට් මහා තරග අතර ඉදිරියෙන් සිටින කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය…

පසුගිය වසරේ කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ඉන්දීය ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම විසිනි. තරගාවලියේ සියලුම තරග තොරතුරු, උණුසුම් පුවත් ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

ශ්‍රී ලංකා සංචිතය – කෝලිත හපුආරච්චි (නායක), රුමේෂ් පෙරේරා, සල්මාන් ෆාරිස්, තරිඳු මෙන්ඩිස්, මල්ෂාන් රොද්‍රිගෝ, ඇන්ඩි සොලොමන්ස්, හේෂාල් සිල්වා, ෂෙහාන් විජේතුංග, කමල් කුරුප්පු, කනිෂ්ක ජයසුමන, නාලක ද සිල්වා, ගිහාන් ගුණතිලක, ඇන්ජලෝ සැමුවෙල්ස්, තිවංක  දාබරේ, අසේල පතිරණ (ප්‍රධාන පුහුණුකරු), ඩිල්ශාන් පෙරුමාල් (සහාය පුහුණුකරු), අසිත දේවපුර (කණ්ඩායම් කළමනාකරු), හිරාන් ද මෙල් (ලෝක ගෘහස්ත ක්‍රිකට් සම්මේලනයේ නියෝජිත)

Photos: Sri Lanka Indoor Cricket Team Practices ahead of New Zealand – Asia Cup 2019

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන

අප්‍රේල් 3

  • ශ්‍රී ලංකාව හා නවසීලන්තය
  • ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය

අප්‍රේල් 4

  • ශ්‍රී ලංකාව හා ඉන්දියාව
  • ශ්‍රී ලංකාව හා මලයාසියාව

අප්‍රේල් 5

  • ශ්‍රී ලංකාව හා සිංගප්පූරු A
  • ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව

අප්‍රේල් 6

  • අවසන් පූර්ව තරග
  • අවසන් මහා තරගය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<