ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව ‘C’ කාණ්ඩයෙන්

219

19 වැනි වරට පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලිය පිලිපීනයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ‘C’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා කුසලානයට 12 සංචිතයක්

19 වන වරට පැවැත්වීමට නියමිත ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක්…

ශ්‍රී ලංකාව සමඟ ‘C’ කාණ්ඩයෙන් දකුණු කොරියානු සහ වියට්නාම කණ්ඩායම් තරග වැදීමට නියමිත අතර ඔවුන් 2015 වසරේ දී අවසන් වරට පැවති තරගාවලියේ දී පිළිවෙළින් 2 වන හා 5 වන ස්ථාන දිනා ගැනීමට සමත් විය. ‘C’ කාණ්ඩයෙන් තරග වදින අනෙක් කණ්ඩායම වන්නේ 2007 වසරෙන් පසුව තරගාවලිය සඳහා ප්‍රථම වරට සහභාගී වන නවසීලන්ත කණ්ඩායම යි. ශ්‍රී ලංකා කණ්ඩායම 2015 වසරේ දී මෙම තරගාවලියේ දී දිනා ගැනීමට සමත් වූයේ 14 වැනි ස්ථානය යි. ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 115 වන ස්ථානයේ පසුවන අතර දකුණු කොරියාව, වියට්නාමය සහ නවසීලන්තය පිළිවෙළින් එහි 10, 44 සහ 64 වන ස්ථාන හිමිකර ගැනීමට සමත්ව ඇත.

කණ්ඩායම් කාණ්ඩ කිරීම ආසියානු වොලිබෝල් සංගමය විසින් ‘Dusit Princess Srinakarin’ හෝටලයේ දී පවත්වන ලදි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආසියානු පාපන්දු සංගමයේ ක්‍රීඩා තරගාවලි සම්බන්ධ කවුන්සිලයේ ප්‍රධානී එඔම් හන් ජූ මහතා සහභාගී වූ අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත වොලිබෝල් සංගමයේ සභාපති සොම්පෝන් චායිබන්ග්යන්ග් මහතා සහභාගී වෙමින් විශේෂ දේශනයක් ද පවත්වන ලදී.

“ආසියානු වොලිබෝල් සංගමය මඟින් මෙම වසරේ දී ප්‍රධාන තරගාවලි 8ක් පවත්වන නිසා එය ආසියාව තුළ මෙන්ම තායිලන්තය තුළත් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත වෙන්න ගොඩක් ඉවහල් වෙයි. ආසියානු වොලිබෝල් සංගමයේ ප්‍රධාන කාර්යාලය බැංකොක් නුවර පිහිටලා තියෙන නිසා අපි ගොඩක් සතුටට පත්වෙනවා ආසියානු වොලිබෝල් සංගමයේ සාමාජිකයෙක් වීම ගැන. ඒ නිසා සංගමයට ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය සෑම සහායෝගයක්ම ලබාදෙන්න අපි සූදානමින් සිටිනවා.”

සොම්පෝන් මහතා සිය කතාවේ දී පවසා සිටියේය.

තරගාවලිය මෙම මස 9 වන දින සිට 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා කණ්ඩායම් 14 ක් තරග වදින අතර ඔවුන් කාණ්ඩ ගතවී ඇත්තේ පහත පරිදි ය.

  • A කාණ්ඩය – පිලිපීනය, කසකස්තානය, හොං කොං
  • B කාණ්ඩය – චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව
  • C කාණ්ඩය – කොරියාව, වියට්නාමය, ශ්‍රී ලංකාව, නවසීලන්තය
  • D කාණ්ඩය – තායිලන්තය, චීන තායිපේ, ඉරානය, මාලදිවයින

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට