සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අලුත් අත්දැකීමකට ආරාධනයක්

152

ලෝක ඔලිම්පික් දිනය (ජුනි 23) වෙනුවෙන් මුළු ලෝකයම විවිධ අකාරයේ උත්සව හා වැඩසටහන් සංවිධානය කරමින් පවතින කාලවකවානුවක ශ්‍රී ලංකාවේ ද ඔලිම්පික් දින සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

ඒ අතර ශ්‍රී ලංකා හොකී සම්මේලනය  (SLHF) විසින් අන්තර්ජාතික ඔලිම්පික් දිනයට සමගාමීව පා ගමනක් සංවිධානය කිරීමට කටයුතු කරන අතර එය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (19) ක්‍රීඩා අමාත්‍යංශයේ දෙවන මහලේ දී පැවැත්විය.  

ඔලිම්පික් දිනයට අලුත් වැඩක්

ඔලිම්පික් දින සැමරුම ලෝකය පුරා රටවල් ……

ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසින් ජුනි 22 වැනිදා මෙම පා ගමන දියත් කිරීමට තීරණයට සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර හොකී සම්මේලනය හා අන්තර්ජාතික හොකී සම්මේලනයේ අනුදැනුම යටතේ ය.

මෙම පා ගමනේ අරමුණ පිළිබඳ හොකී සම්මේලනයේ සභාපති පී. විශ්වනාතන්  විසින් ප්‍රකාශ කර සිටියේ වයස් බේදයකින් තොරව හොකී ක්‍රීඩාවට ඇති සහභාගිත්වය වර්ධනය කර ගැනීම සහ හොකී ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මෙම පා ගමන සංවිධානය කරන බවයි.

ඔබ මැරතන්වලට දක්ෂයෙක් ද? මෙන්න අවස්ථාවක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ……

ජුනි මස 22 වැනි සෙනසුරාදා පෙරවරු 8.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිත මෙම පා ගමන ඉන් අනතුරුව නිදහස් චතුරස්‍රය හරහා ඇස්ට්‍රෝ ටර්ෆ් දක්වා ගමන් කරනු ඇත.

ඊට අමතරව මෙම පා ගමනේ දී හොකී ක්‍රීඩාවට අදාළ විවිධ ප්‍රදර්ශන ඉසව්වන් ද ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍ය හමුවේ දී පැවසීය.

හෙට සිට ශ්‍රී ලංකා ක්‍රීඩාවට අලුත් දෙයක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන ශ්‍රී ලංකා …..

මෙම පා ගමනට විවිධ පළාත් නියෝජනය කරමින් පාසල් 15කට ආසන්න සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, ගුරුවරුන්, දෙමව්පියන් 350ක් පමණ පිරිසක් සහභාගි වීමට නියමිතය.

මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම තුලින් තරුණ පරම්පරාව අතර හොකී ක්‍රීඩාව කෙරෙහි ඇති කැමැත්ත වර්ධනය කිරීම ඔවුන් බලාපොරොත්තු වන තවත් එක් කරුණක්.

මාධ්‍ය හමුවේ අවසාන වශයෙන් මෙම පා ගමනට සියලු ශ්‍රී ලාංකියන්ට හා ක්‍රීඩාලෝලීන්ට සහභාගි වන ලෙස ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසින් ආරාධනා කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<