ශ්‍රී ලංකාව පළමු තරග දෙකම පරාජය වෙයි

248
Sri Lanka go down fighting against Japan &

19 වන වරට පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලිය මෙම දිනවල දී ඉන්දුනීසියාවේ සුරබයා නුවර දී පැවැත්වෙන අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරග 2, A කාණ්ඩය යටතේ ජපානය සහ දකුණු කොරියාව සමඟ පැවති අතර තියුණු තරගයකින් අනතුරුව එම තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය පසුගිය වසරේ ශූරතාවය දිනාගත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 14 වෙනි ස්ථානයේ පසුවන ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගය තරග වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ 25-17ක්, 25-16ක් සහ 25-17ක් වශයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 22 වෙනි ස්ථානයේ පසුවන දකුණු කොරියානු කණ්ඩායම සමඟ පැවති අතර එම තරගය ද ශ්‍රී ලංකාව තරග වට 3-0ක් ලෙස පරාජයට පත්විය. 25-15ක්, 25-20ක් හා 25-20ක් වශයෙන් එම තරගයේ ලකුණු තත්වය දැක්විය.  

ලාංකිකයන් ආසියානු වොලිබෝල් වේදිකාවට

ජාත්‍යන්තර වොලිබෝල් කණ්ඩායම් 16ක් සහභාගී වන “ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය” එළඹෙන ජූලි 24 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව…

ජපාන කණ්ඩායම B කාණ්ඩයෙන් AVC සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කරමින් ඉතාලියේ සහ බල්ගේරියාවේ දී පැවැත්වෙන 2018 FIVB ලෝක පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව මෙම තරගයට පිවිසි අතර එහි දී ඔවුන්ගේ කණ්ඩායමේ දක්‍ෂතම ක්‍රීඩකයින් වන ටකාෂි ඩෙකිටා සහ යුකී ඉෂිකාවා වැනි ක්‍රීඩකයින් ද විවේක ගන්වා තිබුණි. ඒ වෙනුවට ඔවුන්ගේ කණ්ඩායම ඉසෙයි ඔටාකේ සහ පසුගිය වසරේ තරගාවලියේ දී හොඳම පන්දු සකසන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ හිදෝමි ෆුකත්සු වැනි තරුණ ක්‍රීඩකයින් යොදා ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තේ ය.    

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දීප්ති රොමේෂ් ලකුණු 12ක් සහ උප නායක ගයාන් මදුසංක ලකුණු 9ක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර ජපාන කණ්ඩායමේ ඉසෙයි ඔටාකේ සහ රි හාකු ලකුණු 11 බැගින් වාර්තා කර ගැනීමට සමත් විය.  

“මට කියන්න තියෙන්නේ එක දෙයි. ඒ ජයග්‍රහණය කරන්න ලැබුණ ඒක සතුටක්. අපිට මීළඟට තියෙන්නේ වියට්නාමයට එරෙහි තරගය. මම හිතන්නේ අපිට එතරම් හිතන්න දෙයක් නැහැ. මේ කණ්ඩායමම තමයි ඕස්ට්‍රේලියාවේ දී AVC සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළේ. නමුත් මීට වසර 2කට කලින් ඉරානයේ දී ආසියානු කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමෙන් බාගයයි ඒ තරගාවලිය සඳහා සහභාගී වුනේ.”

ජපාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු යුචී නකගායිචි අදහස් දක්වමින් පවසා සිටියේ ය.

ප්‍රතිඵල (පළමු දිනය)

A කාණ්ඩය

  • ඉන්දුනීසියාව විසින් සෞදි අරාබිය පරාජයට පත්කරන ලදි.  3-1 (25-23, 25-20, 22-25, 26-24)
  • කසකස්ථානය විසින් කටාරය පරාජයට පත්කරන ලදි.  3-2 (18-25, 20-25, 26-24, 25-19, 15-10)

B කාණ්ඩය

  • චීන තායිපේ කණ්ඩායම විසින් පාකිස්ථානය පරාජයට පත්කරන ලදි. 3-0 (25-17, 25-16, 25-13)
  • ඉරානය විසින් ඉරාකය පරාජයට පත්කරන ලදි. 3-0 (25-17, 25-16, 25-21)

C කාණ්ඩය

  • ජපානය විසින් ශ්‍රී ලංකාව පරාජයට පත්කරන ලදි. 3-0 (25-17, 25-16, 25-17)
  • කොරියාව විසින් වියට්නාමය පරාජයට පත්කරන ලදි. 3-0 (25-17, 25-19, 25-17)

D කාණ්ඩය

  • ඕස්ට්‍රේලියාව විසින් හොං කොං කණ්ඩායම පරාජයට පත්කරන ලදි. 3-0 (25-17, 25-20, 25-16)
  • චීනය විසින් තායිලන්තය පරාජයට පත්කරන ලදි. 3-0 (25-19, 29-27, 25-13)

ප්‍රතිඵල (දෙවන දිනය)

A කාණ්ඩය

  • කටාරය විසින් සෞදි අරාබිය පරාජයට පත්කරන ලදි. 3-0 (25-23, 25-21, 25-22)
  • කසකස්ථානය විසින් ඉන්දුනීසියාව පරාජයට පත්කරන ලදි. 3-2 (23-25, 27-25, 25-21, 21-25, 15-13)

B කාණ්ඩය

  • චීන තායිපේ කණ්ඩායම විසින් ඉරාකය පරාජයට පත්කරන ලදි. 3-0 (26-24, 25-21, 25-22)
  • ඉරානය විසින් පාකිස්ථානය පරාජයට පත්කරන ලදි. 3-0 (25-23, 25-22, 25-14)

C කාණ්ඩය

  • ජපානය විසින් වියට්නාමය පරාජයට පත්කරන ලදි. 3-0 (25-13, 25-19, 25-18)
  • කොරියාව විසින් ශ්‍රී ලංකාව පරාජයට පත්කරන ලදි. 3-0 (25-15, 25-20, 25-20)

D කාණ්ඩය

  • ඕස්ට්‍රේලියාව විසින් තායිලන්තය පරාජයට පත්කරන ලදි. 3-2 (19-25, 26-28, 25-19, 25-14, 15-11)
  • චීනය විසින් හොං කොං කණ්ඩායම පරාජයට පත්කරන ලදි. 3-0 (25-13, 25-16, 25-19)

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට