පාපන්දු කණ්ඩායමේ SAG ගමන අවිනිශ්චිත තත්වයක?

82

එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගි නොවන බව පසුගිය දා මාධ්‍ය කීපයක් වාර්තා කර තිබුණි. එයට හේතුව ලෙස දක්වා තිබුණේ තරගාවලිය සඳහා වන වියදම අධික වීමයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් එම ප්‍රචාර අසත්‍ය බවත්, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගි වන බවත් පවසා සිටියා. මෙම දකුණු ආසියානු තරගාවලිය සඳහා ක්‍රීඩා 25ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනෙකු සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට හොඳ සටනක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා…

පසුගිය දා පුවත්පත් කීපයක් මඟින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙම තරගාවලිය සඳහා වන වියදම් අඩුකර ගැනීම සඳහා පදක්කම් දිනා ගැනීමට අපොහොසත් ක්‍රීඩා සඳහා සහභාගි වන කණ්ඩායම් අඩු කිරීමට ගත් තීරණය උපුටා ගනිමින් පාපන්දු කණ්ඩායම ද මෙම තරගාවලිය සඳහා සහභාගි නොවන බව වාර්තා කර තිබුණි.

“දකුණු ආසියානු තරගාවලිය කියන්නේ ශ්‍රී ලංකාව සහභාගි වන තරගකාරී ක්‍රීඩා උළෙලක්. අපේ මතය වුනේ පදක්කමක් ජයග්‍රහණය කරන්න බැරි නම් සහභාගි වන එකේ තේරුමක් නෑ කියන එකයි.” ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පසුගිය සතියේ දී පුවත්පත් කීපයකට පවසා තිබුණි.

“Kho-Kho වගේ ක්‍රීඩාවක් ගත්තම එයින් පදක්කමක් ජයග්‍රහණය කිරීම ගොඩක් අවම මට්ටමක තියෙන්නේ. ඒත් ඒකට ක්‍රීඩකයන් 37ක් සහභාගි වෙනවා. අපි ඒ වගේ ක්‍රීඩා කීපයක් හඳුනාගෙන තියෙන්නේ. පැසිපන්දු, අත්පන්දු හා පාපන්දු වගේ ක්‍රීඩා කීපයක්. “ එම නිලධාරියා තවදුරටත් පවසා ඇත.

පළමු අර්ධයේ අඩුපාඩු නිසාවෙන් ජයග්‍රහණය යේමනයට

කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු කුසලානය සඳහා…

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය හා වාර්තා සම්බන්ධයෙන් ThePapare.com ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් විමසීමක් සිදු කළ අතර එහි දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වාණිජ හා සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී බැලෙන්ඩ්‍රේ අරවින්ත් මහතා පවසා සිටියේ මෙවැන්නක්;

“අපිට අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳව කිසිදු දැනුම්දීමක් සිදු කර නෑ. අපි මේ තරගාවලිය සඳහා සහභාගි වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ තරගාවලිය සඳහා සහභාගි වන සංචිත අපි ඉක්මනින්ම නිකුත් කරනවා.”

කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිත දෙක සඳහා වන වියදම් පිළිබඳව විමසූ විට එම වියදම් දැරීම සිදු කරනු ලබන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ද, පාපන්දු සම්මේලනය විසින් දැයි සඳහන් කිරීමට ඒ මහතා අපොහොසත් විය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<