නව බලාපොරොත්තු එක්ක පාපන්දුවට අලුත් පුහුණුකරුවෙක්

58

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙකු පත්කර තිබේ. ඒ අනුව නව පුහුණුකරු ලෙස ආමීර් අලාජි මහතා පත්කර ඇති අතර ඒ පිළිබඳව දැනුම්දීම සඳහා පසුගිය දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පාපන්දු නිවහනේ දී පැවැත්විය. 

මේ සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන නිලධාරීන් හා මාධ්‍යවේදීන් රැසක් සහභාගි වී සිටියහ. 

ThePapare පාපන්දු තරගාවලියේ සුපිරි 4 සටනට සූදානම්

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com……….

UEFA වෘත්තීයමය පාපන්දු පුහුණුකරු බලපත්‍රයක් හිමි අලාජි මහතා ආසියානු කලාපයට එතරම් ආගන්තුකයෙකු නොවේ. බොස්නියාවේ හා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ඒ මහතා ආසියානු කලාපීය හා යුරෝපීය ප්‍රබල පාපන්දු සමාජ කීපයක පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. 

වසර 25කට වැඩි කාලයක් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ඕස්ට්‍රේලියාව, බොස්නියාව, ජර්මනිය, ඇමරිකාව, බෲනායි, ඉන්දියාව, ඕමානය, භූතානය වැනි රටවල් කීපයක ක්‍රීඩා සමාජ සඳහා තම සේවය සපයා ඇත. බෲනායි ජාතික කණ්ඩායමේ හා බොස්නියා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත. 

2007 වසරේ දී ජර්මනියේ Weder Bremen සමාජයේ සහය පුහුණුකරු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත. එම කණ්ඩායම UEFA චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා ද ක්‍රීඩා කරන කණ්ඩායමකි. 

දකුණු ආසියානු කලාපය තුල ද කණ්ඩායම් කීපයක් සමඟින් කටයුතු කර ඇති ඇලාජි මහතා ඊස්ට් බෙංගාල් ක්‍රීඩා සමාජයේ ඇකඩමි අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇති අතර මාලදිවයිනේ නිව් රේඩියන්ට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත. 

මෙම අවස්ථාව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙම නව පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ විදෙස් පුහුණුකරුවෙකු තෝරාගැනීම සම්බන්ධයෙන් ප්‍රධානම හේතුව වූයේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ගොඩනැගීම සඳහා ඇති අවශ්‍යතාව බවයි. 

“ජාතික කණ්ඩායමේ ප්‍රමිතිය වැඩි කිරීම සඳහා තමයි අපි ඇලාජි මහතාට ආරාධනා කලේ. අපි ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා කණ්ඩායමේ විශාල වෙනසක් හා වර්ධනයක්. ගුණාත්මක පාපන්දු ක්‍රීඩා කරන හොඳ කණ්ඩායමක් අපි බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව පුහුණුකරු ආමීර් ඇලාජි මහතා පවසා සිටියේ මෙරට පාපන්දු ක්‍රීඩාව තවමත් ආධුනික මට්ටමේ පවතින බවයි. කණ්ඩායම නිසි තත්වයට ගැනීමට විශාල කාලයක් ගතවනු ඇති බවත් ඒ සඳහා තරගකාරී වෘත්තීයමය පාපන්දු තරගාවලි වල අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කර සිටියේය. 

Virgil van Dijk: මරු කටේ සිට ශ්‍රේෂ්ඨත්වය කරා

Virgil van Dijk මීට දශකයකට පමණ පෙර මාරයා සමඟ දැඩි සටනක………….

“මේ ක්‍රීඩකයන්ට සතියක පුහුණුවකින් පස්සේ මම දැක්කා මේ කණ්ඩායමේ පාපන්දු සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියනවා කියලා. ක්‍රීඩකයන් ගුණාත්මක බවින් අඩුයි. ඒ වගේම ශාරීරික යෝග්‍යතාව අතින් යම් අඩු මට්ටමක ඉන්නේ. මේ රටේ වෘත්තීයමය පාපන්දු තරගාවලියක් නෑ. මේ අවස්ථාවේ දී ප්‍රධානම අවශ්‍යතාවයක් විදිහට මම දකින්නේ වෘත්තීයමය පාපන්දු තරගාවලියක් පැවැත්වීම.”

“මේ ජාතික කණ්ඩායම ජාත්‍යන්තර කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරන්න තරම් තරගකාරී නෑ කියලා මම දකිනවා. අපි ඉන්නේ ආධුනික මට්ටමක. අපි ක්‍රීඩා කරන්නේ දකුණු කොරියාව වගේ ප්‍රබල වෘත්තීයමය කණ්ඩායම් එක්ක.”

ආමීර් ඇලාජි මහතාගේ පළමු අභියෝගය වන්නේ එළඹෙන FIFA පාපන්දු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරගයි. ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු මාසයේ දී උතුරු කොරියාව හා දකුණු කොරියාව සමඟින් තරග වැදීමට නියමිතය. 

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගය සඳහා ජුනි මාසයේ දී ලෙබනනය සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<