හෙමින් සෙල්ලම් කළාට දඩ!

4228
Sri Lanka Cricket Team

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යැවීම සඳහා නියමිත කාලයට වඩා වැඩි වෙලාවක් ගත වීම නිසා, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග ඇතුළු සියලුම ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදල් ගෙවීමට නියම කර ඇත.

කුසල් ආර්. ප්‍රේමදාස පිටිය දෙවනත් කරයි; ජය ශ්‍රී ලංකාවට

සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජය පරාජයෙන් …

අන්තර්ජාතික ක්‍රිකට් තරගයක දී තරගයට සහභාගි වන සියලුම ක්‍රීඩකයන්ට සහ ඔවුන්ට සහයෝගය දක්වන පිරිසට අදාලව පවතින අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නීති රීති වලට අනුකුලව එහි සඳහන් අංක 2.5.1 වගන්තියට අනුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ඇන්ඩි පයිකොෆ්ට් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙලෙස දඩ මුදල් ගෙවීමට නියම කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නායක උපුල් තරංගට තමාට හිමිවන තරග ගාස්තුවෙන් 20% ක් ද, අනෙකුත් සියලුම ක්‍රීඩකයන්ට තමාට හිමිවන තරඟ ගාස්තුවෙන් 10% ක් ද මෙසේ දඩ වශයෙන් ගෙවීමට නියම කර ඇත.

ඊයේ (4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් අතර උපුල් තරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව පළමුව පන්දු යැවීමට සිදු විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම තමාට නියමිත කාල වේලාව තුල පන්දුවර 20ක් යැවීමට අපොහොසත් වූ අතර, නියමිත වෙලාවට වඩා වැඩිපුර වේලාව ලබාගෙන එක් පන්දු වාරයක් යවා ඇත.

ශ්‍රී ලංකා නායක උපුල් තරංග මේ පිළිබඳව සැලකිලිමත් නොවී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල් නීති රීති වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා එම තරගයේ දී විනිසුරුවන් ලෙස කටයුතු කල රැන්මෝ මාටිනස්, රවින්ද්‍ර විමලසිරි, තෙවන විනිසුරු ලෙස කටයුතු කළ රුචිර පල්ලියගුරුගේ සහ සිව්වන විනිසුරු ලෙස කටයුතු කල දීපාල් ගුණවර්ධන මේ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබුණි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යනු ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව නියාමනය කරනු ලබන ප්‍රධානතතම ආයතනය වේ. එමඟින් ක්‍රිකට් ක්‍රීඩාවට වෘත්තීමය භාවයක් සහ ගරුත්වයක් ලබා දී ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සියලුම ආචාර ධර්ම සහ නීති රීති ක්‍රියාත්මක කිරීමේ බලය එය සතුය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති ක්‍රියාත්මක කිරීමට සහ ඒ අනුව කටයුතු කිරීමට එහි සියලුම සාමාජික රටවල් නීතියෙන් බැඳී සිටි. ශ්‍රී ලංකාව ද එහි නිත්‍ය සාමාජිකයෙකි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට