ශ්‍රී ලංකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ පහළට

346

පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දක්ෂතා එතරම් ඉහළ මට්ටමක තිබුණේ නෑ කියන එක අපි සැවෝම හොඳින් දන්නා කරුණක්. ඒත් සමඟම වර්තමාන රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පසුබැස ඇති ආකාරයකුත් දක්නට ලැබෙනවා. ඒ පසුගිය සතියේ මැලේසියානු ජාතික කණ්ඩායමට එරෙහිව ලකුණු 31 – 26ක් ලෙස පරාජය වීමෙන් අනතුරුවයි.

ඔමල්කගේ වික්‍රමයට කාලය හරස් කපයි

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම හා මැලේසියානු ……..

ශ්‍රී ලංකාව පසුගිය කාලවකවානුවේදී ආසියානු ශ්‍රේණිගත කිරීම් වල පළමු 5 දෙනා අතර සිටීමට හැකිවුනා. 2014 වර්ෂයේ සිට මැලේසියානු කණ්ඩායම වේගයෙන් ඉදිරියට ඇදෙන විට, ශ්‍රී ලංකාවට පළමු කාණ්ඩයේ තරගාවලියේදී ප්‍රථම ස්ථානය රැක ගැනීමට විශාල කාර්යභාරයක් කිරීමට සිදුවුනා.

ශ්‍රී ලංකාව 2015 වසරේදී කසකස්ථානය, පිලිපීනය සහ සිංගප්පූරුව පරාජය කරමින් තරගාවලිය ජයගන්නට සමත් වුනා. පසුව ජපානය සහ හොංකොං රාජ්‍යය සමඟ A කාණ්ඩයේ තුන්කොන් තරගාවලියකට සුදුසුකම් ලැබීමට නම් ඔවුන්ට අවශ්‍යව තිබුණේ දකුණු කොරියාව පරාජය කිරීම පමණයි.

නමුත් අවාසනාවක මහත! ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරගයට ක්‍රීඩා නොකරන්නට ශ්‍රී ලංකාව තීරණය කරනවා. එයට හේතුව වුනේ එළඹෙන වසර දෙක (2016/2017) තුළ පහළ කාණ්ඩයේ සිටම ඉහළ දක්ෂතා පෙන්වා හොඳ විශ්වාසයක් ඇතිව ලෝක කුසලානයට තරග කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වීමයි. ඔව්! A කාණ්ඩයේ ක්‍රීඩා කර හොඳ මට්ටමකින් ලෝක කුසලානයට තරග කරන්නට.

ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු …….

ඒත් ඇයි එහෙම තීරණයක් ගත්තේ? අපි බලමු.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සැලැස්ම වුනේ ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව, පහසුවෙන්ම ආසියානු A කාණ්ඩයේ රග්බි ශූරතාවයට සුදුසුකම් ලබන්නට. ඒත් අමාරුම කාර්යය තමයි ආසියානු A කාණ්ඩයේ රග්බි ශූරතාවය හිමිකර ගැනීම හෝ එහි අනුශූරයින් වීම. එසේ ශූරතාවය හෝ අනුශූරතාවය හිමිවුවහොත් පහසුවෙන්ම ශ්‍රී ලංකාවට රග්බි ලෝක කුසලානයේ ක්‍රීඩා කිරීමට හැකිවෙනවා. මොකද ආසියාවෙන් රග්බි ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායම් දෙකකට විතරයි. ඒත් ලේසිම කටයුත්ත අමාරු වුනා. අමාරුම කටයුත්ත සිහිනයක් වුනා. අපේ අවාසනාව! දැන් සිටින තත්වයත් සමඟ ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගැන හිතන්නවත් අමාරුයි.

පසුගිය වසර 5ක සිට ශ්‍රී ලංකාවේ දක්ෂතාවයන් ගැන බලමු.

  • 2013 – පිලිපීනය පරාජය කරමින් ආසියානු පළමු කාණ්ඩයේ ශූරයින් වෙන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.
  • 2014 – ජපානය, දකුණු කොරියාව, පිලිපීනය සහ හොංකොං රාජ්‍යය සමඟ ක්‍රීඩාකළ කණ්ඩායමක්ද වුනා.
  • 2015 – නැවත වරක් පිලිපීනය පරාජය කරමින් ආසියානු පළමු කාණ්ඩයේ ශූරයින් වෙන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

ඉහත කරුණු බැලුවම හොඳටම පෙනෙන්නට තියෙන්නේ ශ්‍රී ලංකාවට පොඩි හරි අවස්ථාවක් තිබුණා 2017 වසර වනවිට ආසියාවේ ප්‍රථම කණ්ඩායම් 3 අතරටවත් ඒමට.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් ව්‍යර්ථ වෙන්නේ කවුරුත් නොසිතූ විදිහට. ශ්‍රී ලංකාව දක්ෂතා අතරට ආවා වගේම අනෙක් කණ්ඩායම් දක්ෂතා අතරට ආවොත් කුමක් වෙයිද කියලා කාටවත්ම හිතුනේ නෑ. විශේෂයෙන් මැලේසියාව. පේනවනේ මැලේසියාවේ වැඩ.

පසුගිය සතියේ පැවති ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහ මැලේසියානු ජාතික කණ්ඩායම අතර තරගයෙන් මැලේසියාව ඉදිරියේ ශ්‍රී ලංකාව පසු බසින්නේ එක උත්සාහක දිනුමක පරතයරයකිනි. එසේම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට කාලය ද හරස් වුනා. ඊට පෙර සිටම ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයේ තරග ගැන සෙවිල්ලෙන් ඉන්න විට මැලේසියාව වෙනම සැලසුමක් දියත් කළා. ඔවුන් කෙමෙන් කෙමෙන් ඉදිරියට ආවේ කාටවත් නොදැනෙන්න. හැබැයි දැන් මැලේසියාව, ශ්‍රී ලංකාවට වඩා බලවත්.

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය තරග 3 ක ලකුණු දත්ත පහතින්.

  • 2016 – මැලේසියාව 42 – 17 ශ්‍රී ලංකාව
  • 2017 – මැලේසියාව 22 – 09 ශ්‍රී ලංකාව
  • 2019 – මැලේසියාව 31 – 26 ශ්‍රී ලංකාව

ලකුණු දත්ත බැලුවම ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙනවා. පසුගිය වසර 5 ගැන බැලූ විට 2014 දී රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් වල 62 වන ස්ථානයේ සිටි මැලේසියාව අද (2019) වනවිට 45 වන ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත්වී තිබෙනවා. ඒ පසුගිය සතියේ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම පරාජය කිරීමෙන් අනතුරුවයි. ඒත් ශ්‍රී ලංකාව 2015 වසර අවසානයේදී රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් වල 38 වන ස්ථානයේ සිට මේ වසරේදී (2019) 44 වන ස්ථානයට පසුබැස තිබෙනවා.

“ඉසිපතනය” නම් රග්බි බලකොටුවේ ඇත්තම කතාව

1960 වසරේදී කොළඹ ග්‍රීන්ලන්ඩ්ස් විදුහලේ ඉගෙන………..

දැන් බලමු සිදුවූ වැරැද්ද කොහොමද නිවැරදි කරන්නේ කියලා.

ශ්‍රී ලංකාවේ ජාතික රග්බි සංචිතයේ ස්ථානයක් අත්කර ගන්නට නම් ක්‍රීඩා සමාජ මට්ටමේ ඉහළ දක්ෂතා පෙන්නුම් කර තිබිය යුතුයි. ඒ පිළිබඳව ක්‍රීඩකයින් අවධානය යොමු කළ යුතු අතරම ක්‍රීඩකයින් පිළිබඳව ශ්‍රී ලංකා රග්බි ප්‍රධානීන්ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එවිට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි දක්ෂතා සහිත ක්‍රීඩකයින් තෝරා ගැනීමට පුහුණුකරු වන මැට් ලීට අපහසු වෙන්නේ නෑ. පසුව සහය පුහුණුකරුවන් වන ෆාසිල් මරීජාට සහ විරාජ් ප්‍රසන්නට පුළුවන් මැලේසියාවට එරෙහි තරගයේ අපිට තවත් අවශ්‍ය වූ එකම කරුණ, එනම් “ජවය” නැවත ක්‍රීඩකයින් තුළට ගෙන එන්නට.

මූලික ක්‍රියාකාරකම් වලින් පස්සේ සියලු දේ හරි මගට ඒවි කියලා හිතන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ෆාසිල් මරීජා, ගයාන් වීරරත්න වගේ ක්‍රීඩකයින්ගේ අඩුව එලෙසින්ම පිරවීමට අමාරු වුණත් යම්කිසි තරමකට ඒ අඩුව පිරවිය හැකියි.  

ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින්ට අනෙක් කණ්ඩායම් පසු කර ඉදිරියට ඒම අපහසු කටයුත්තක් නෙවෙයි. මොකද, ශ්‍රී ලංකාව කියන්නේ පහසුවෙන් උඩට ආව කණ්ඩායමක් නෙමෙයි නේ. අපි බලමු ඉදිරියට මොකක් වෙයිද කියලා.  

                               >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<