Home Sinhala රමේෂ්ගේ සුපිරි තුන් ඉරියව් දස්කම් පරාජයේ සෙවණැල්ලෙන් වැසී යයි

රමේෂ්ගේ සුපිරි තුන් ඉරියව් දස්කම් පරාජයේ සෙවණැල්ලෙන් වැසී යයි

10804

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ සත්වැනි තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට අද (09) දකුණු අප්‍රිකානු සරසවි ක්‍රීඩා කණ්ඩායම සමත් විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට පිට පිටම දෙවැනි තරග පරාජයත් උරුම කර දෙමිනි.

කෙසේ වෙතත් මෙම තරගාවලියට සුපිරි ඇරඹුමක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ මුල් තරග ත්‍රිත්වයම ජය ගැනීමට ද, අනෙක් තරග දෙකේ දී හොඳ සටනක් ලබා දීමට ද සමත් විය.

ශ්‍රී ලංකා නැගී එන පිළට කඩුලු 3ක පරාජයක්!

දකුණු අප්‍රිකානු සංචාරයේ තමන් මේ දක්වා මුහුණ දුන් තරග 3ම ජයගෙන සිටි ශ්‍රී ලංකා නැගී …

අද පැවති තරගයේ කාසියේ වාසි‍ය දෙස දෙපිළේම නායකයින් ඇස ගසාගෙන සිටියේ මෙම තරගාවලියේ සියලුම තරග පාහේ පසුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගෙන තිබූ බැවිනි. මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම සාපේක්ෂව අඩු ලකුණකට දැවී යාමත්, එය හඹා යන කණ්ඩායම සැලසුම් සහගතව ක්‍රීඩා කොට ජය ලබා ගන්නා අයුරුත් පසුගිය තරග නිරීක්ෂණයේ දී අතිශයින්ම සුලබ විය.  

ඒ අනුව අද තරගයේ කාසියේ වාසිය ජය ගෙන මුලින් පන්දු යැවීම තෝරාගත් දකුණු අප්‍රිකානු නායකයා තරගයෙන් අඩක් දිනා ගත්තේය. අද තරගය සඳහා මිනෝද් භානුක විවේක ගන්වමින් පැතුම් නිශ්ශංකට ආරම්භක පිතිකරණ ස්ථානයට උසස් වීමක් ලබා දී තිබුණු අතර ඔහු අද ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 8කට දැවී ගියේය. අංක තුන ස්ථානයේ පන්දුවට පහර දුන් කමිඳු මෙන්ඩිස් ද අද පැතුම්ගේ අඩිපාරේම යමින් ලකුණු 8කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායයාම එතකින් නොනැවතුනු අතර නායක අසලංක ලකුණු 9කටත්, ශම්මු අශාන් ලකුණු 10කටත් දැවී යාමෙන් ඉනිම ලකුණු 87කට කඩුලු 6ක් බිඳ වැටී අන්ත අසරණ තත්ත්වයකට පත්විය.

මුල් පිතිකරුවන් සය දෙනා අතරින් යම් තරමකට හෝ සාර්ථක වූයේ පන්දු 53ක් තුල ලකුණු 46ක් රැස්කළ සඳුන් වීරක්කොඩි පමණි. අන් කිසිවෙකු ලකුණු 10 සීමාවවත් පසු කළේ නැත. මෙම අසීරු අවස්ථාවේ කණ්ඩායමට නැවතත් බලාපොරොත්තු ගෙන ආ රමේෂ් මෙන්ඩිස් සහ ලහිරු මධුශංක සත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක තීරණාත්මක සබඳතාවයක් ගොඩ නගන්නට සමත් වූහ. පසුගිය තරගයේ දී ද අර්ධ ශතකයක් රැස් කර ගත් 24 හැවිරිදි රමේෂ් මෙන්ඩිස් අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වෙමින් පන්දු 111ක් තුල දී නොදැවී ලකුණු 97ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟයි.

​මාලිංග, අවිශ්ක, මැතිව්ස් ඉස්සරහට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් පසුගිය දා නිකුත් කරනු ලැබීය. එහි දී ඉන්දීය…

ඔහුට අනගි සහයක් ලබා දුන් ලහිරු මධුශංක ලකුණු 32ක් ලබා ගත්තේ පන්දු 57කට මුහුණ දෙමිනි. ලහිරුගේ දැවී යාමෙන් අනතුරුව වැඩිපුර පිතිකරණ අන්තයේ රැඳෙමින් පන්දුවට පහර දුන්න ද රමේෂ් මෙන්ඩිස්ට අද ශතකය කරා ළඟා වන්නට නොහැකි වීම අවාසනාවන්ත සිදුවීමක් විය.

කෙසේ වෙතත් ඔහුගේ මෙම උත්සාහය හා කැපවීම නිසාම ලකුණු 100කට පමණ නිමා වන්නට තිබූ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8කට ලකුණු 237ක් දක්වා ඉහළ නැඟුණි. පන්දු යැවීමේ දී බෙය’ර්ස් සෑන්පෝල් ලකුණු 36කට කඩුලු 5ක් බිඳ හෙළමින් දස්කම් දැක්වීය.

මෙම ඉලක්කය වත්මන් එක්දින තරග රටාවේ දී අභියෝගයක් නොවූවද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එය ආරක්ෂා කිරීමට දැඩි වෙහෙසක් දැරූහ. ඒ දකුණු අප්‍රිකානු ඉනිම අතරතුරේ දී ඔවුන්ගේ කඩුලු 8ක්ම සොරකම් කරමිනි. කෙසේ වෙතත් සෑම කඩුල්ලක් වෙනුවෙන්ම ප්‍රතිවාදීන් කෙටි ලකුණු සබඳතාවයක් හෝ ගොඩ නැගීම ඔවුන්ගේ ජයග්‍රහණයේ රහස විය. ඒ අතරිනුත් වැදගත්ම සබඳතාවය වූයේ ඔවුන් ලකුණු 138ට කඩුලු 6ක් බිඳ වැටී සිටි මොහොතේ බෙය’ර්ස් සෑන්පෝල් (20) සහ රුබින් හර්මන් (70) අතරේ ගොඩ නැගුණු ලකුණු 59ක සබඳතාවයයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රූබින් හර්මන් පන්දු 65ක් තුල ලකුණු 70ක් රැස්කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟයි. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය හිමි වූයේ කඩුලු 5ක් ද බිඳ හෙලා හර්මන්ට සහයක පිතිකරු ලෙස විශාල සහයක් ද ලබා දුන් බෙය’ර්ස් සෑන්පෝල්ටයි. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.

අවසන් හතරට යන්නට ඕන ලොකුම ගතිගුණය අපිට තිබුණේ නැහැ – මහේල

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ…

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය හෙට (10) දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව ප්‍රිටෝරියා හිදීම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සියලු තරග තොරතුරු ThePapare.com තුලින් ඔබ වෙත සමීප කිරීමට අප සූදානම්!

Result


Sri Lanka Emerging Team
237/8 (50)

University Sports South Africa XI
238/8 (47)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Beyers Swanepoel 8 11 1 0 72.73
Sandun Weerakkody c S Mallie b Delano Potgieter 46 53 9 0 86.79
Kamindu Mendis c & b Beyers Swanepoel 8 8 1 0 100.00
Charith Asalanka lbw b Beyers Swanepoel 9 14 2 0 64.29
Sammu Ashan c Rubin Hermann b Beyers Swanepoel 10 17 1 0 58.82
Ashen Bandara c Neil Brand b Beyers Swanepoel 1 4 0 0 25.00
Ramesh Mendis not out 97 111 8 3 87.39
Lahiru Madushanka lbw b Neil Brand 32 57 1 0 56.14
Amila Aponso c Isma-eel Gafieldien b Ruan de Swardt 9 14 0 0 64.29
Asitha Fernando not out 10 11 1 0 90.91


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 237/8 (50 Overs, RR: 4.74)
Fall of Wickets 1-16 (2.3) Pathum Nissanka, 2-24 (4.1) Kamindu Mendis, 3-46 (8.2) Charith Asalanka, 4-64 (12.6) Sammu Ashan, 5-70 (14.3) Ashen Bandara, 6-87 (20.4) Sandun Weerakkody, 7-152 (37.6) Lahiru Madushanka, 8-177 (44.4) Amila Aponso,

Bowling O M R W Econ
Beyers Swanepoel 10 1 36 5 3.60
Gideon Peters 10 0 78 0 7.80
Ruan de Swardt 10 2 51 1 5.10
Delano Potgieter 7 0 29 1 4.14
Siya Simetu 9 2 29 0 3.22
Neil Brand 4 0 11 1 2.75


Batsmen R B 4s 6s SR
Lesego Senokwane lbw b Amila Aponso 20 50 2 0 40.00
Kabelo Sekhukhune c Charith Asalanka b Ramesh Mendis 49 55 9 0 89.09
Neil Brand c Sammu Ashan b Kamindu Mendis 17 18 2 0 94.44
Isma-eel Gafieldien c Sandun Weerakkody b Kamindu Mendis 11 22 1 0 50.00
Delano Potgieter run out (Sandun Weerakkody) 24 18 4 1 133.33
Ruan de Swardt lbw b Ramesh Mendis 12 15 2 0 80.00
Rubin Hermann b Asitha Fernando 70 65 5 4 107.69
Beyers Swanepoel b Asitha Fernando 20 35 3 0 57.14
K Leokaoke not out 5 6 0 0 83.33
Siya Simetu not out 0 0 0 0 0.00


Extras 10 (b 0 , lb 4 , nb 2, w 4, pen 0)
Total 238/8 (47 Overs, RR: 5.06)
Fall of Wickets 1-70 (15.6) Lesego Senokwane, 2-78 (18.1) Kabelo Sekhukhune, 3-100 (23.1) Neil Brand, 4-107 (25.1) Isma-eel Gafieldien, 5-124 (28.3) Ruan de Swardt, 6-138 (30.3) Delano Potgieter, 7-197 (42.6) Beyers Swanepoel, 8-237 (46.6) Rubin Hermann,

Bowling O M R W Econ
Asitha Fernando 9 1 37 2 4.11
Dilshan Madushanka 3 0 34 0 11.33
Amila Aponso 9 0 40 1 4.44
Ramesh Mendis 10 3 31 2 3.10
Kamindu Mendis 8 0 65 2 8.12
Charith Asalanka 5 0 14 0 2.80
Sammu Ashan 3 0 13 0 4.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<