Home Sinhala ශ්‍රී ලංකා නැගී එන පිළට දකුණු අප්‍රිකාවේ දී තවත් ජයක්!

ශ්‍රී ලංකා නැගී එන පිළට දකුණු අප්‍රිකාවේ දී තවත් ජයක්!

13805
Image Courtesy - espncricinfo.com

මීට දින දෙකකට ඉහත දී දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්තා කර ගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (01) දකුණු අප්‍රිකානු සරසවි ක්‍රීඩා කණ්ඩායමට එරෙහිව ද කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වූහ. 

අවසන් පන්දුවාරය දක්වාම ඇදී ගිය මෙම උණුසුම් තරගයේ ජය, කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩකයින්ගේ සාමූහික දක්ෂතා නිසාම ශ්‍රී ලංකා පිළට හිමිවූවක් ලෙස හැඳින්විය හැකිය. 

වසර 20කට පසුව ශ්‍රී ලංකාව කළින්ම එළියට විසිවෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම අවසන් වීමටත් පෙර එනම්, තරග 38ක් අවසානයේ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට්…

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු සරසවි ක්‍රීඩා කණ්ඩායමේ නායක නීල් බ්‍රෑන්ඩ් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් වෙත නතුකර ගත්තේය. ඒ බාහිර බලපෑම් වලින් තොර දිවා තරගයක මුලින් පන්දුවට පහර දීම බොහෝ අවස්ථාවල දී යහපත් ප්‍රතිඵල ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් තරගයේ යැවූ දෙවැනි පන්දුවේ දී ම දකුණු අප්‍රිකානු නායක නීල් බ්‍රෑන්ඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර දවා ගැනීමට දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට හැකි විය. ඒ වන විට බ්‍රෑන්ඩ් කිසිදු ලකුණක් ලබා සිටියේ නැත.

එතකින් නොනැවතුනු අසිත දකුණු අප්‍රිකානු කණ්ඩායෙම් තවත් කඩුලු 2ක් ඉක්මනින් උදුරා ගත්තේ ලකුණු පුවරුව 31ට කඩුලු 3ක් බවට පත් කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායෙම් ජයග්‍රාහී මානසිකත්වය දිගින් දිගටම රඳවා ගැනීමට මඟ පෙන්වූ අමිල අපොන්සු සහ චාමික කරුණාරත්න තවත් දකුණු අප්‍රිකානු මැදපෙළ පිතිකරුවන් දෙදෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවුවේ ඉතාමත් ඉක්මනින් තරගය අවසන් විය හැකි බවට ඉඟි පළ කරමිනි. ඒ වන විට දකුණු අප්‍රිකාව ලකුණු 66කට මුල්පෙළ කඩුලු 5ක්ම බිඳ වැටී අන්ත අසරණ තත්ත්වයක සිටියහ.

කෙසේ වෙතත් ලැජ්ජා සහගත ලෙස තම මව්බිමේ දී ම අවසන් වන්නට තිබූ තරගයක් ගෞරවාන්විත තියුණු අවසානයක් කරා ගෙන යන්නට උපකාරී වූ ඩෙලානෝ පොගීටර් ඉතාමත් දුෂ්කර තත්ත්වයක සිටි දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 268ක් දක්වා ඔසවා තැබුවේ ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමිනි. තවමත් 22 වැනි වියේ පසුවන ඔහු අද පන්දු 111කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 124ක් ලබා ගත්තේ මනරම් හතරේ පහර 10ක සහ දැවැන්ත හයේ පහර 6ක හිමිකරු බවට පත් වෙමිනි. 

ප්‍රේක්ෂක කලබල හමුවේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වෙයි

2019 ලෝක කුසලානය දිනෙන් දින උණුසුම් වන අතර කාණ්ඩ වටයේ අවසන් තරග කීපය මේ දිනවල පැවැත්වේ. ඊයේ (29) පාකිස්තානය හා…

පොගීටර් සමඟ සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 166ක අතිවිශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට සහායක පිතිකරු ලෙස දැවැන්ත සහයක් ලබා දුන් ඉස්මා-යීල් ගෆීල්ඩියන් අද ලකුණු 55ක් ලබා ගත්තේ පන්දු 78කට මුහුණ දෙමිනි. මීට අමතරව තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ දී පන්දු 12කින් නොදැවී ලකුණු 22ක් රැස්කළ රුවාන් ඩි ස්වැඩ් ද දකුණු අප්‍රිකානු ඉනිම 268ක් දක්වා ඉහළ දැමීමට උපකාරී විය. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු තීරණාත්මක මුල්පෙළ කඩුලු 3ක් ද, චාමික කරුණාරත්න කඩුලු 2ක් ද බිඳ හෙලූහ.

හොඳින් වේගය කැටිවුණු ප්‍රිටෝරියා තණතිල්ල මත දී මෙම ඉලක්කය හඹා යාම පහසු නොවූවද ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනාම තරගයේ වාසිය ප්‍රතිවාදීන් අතට ලබා නොදෙන්නට ප්‍රවේසම් වීම අද ලැබුණු ජයග්‍රහණයේ රහස විය.  එහි දී ඉනිම ඇරඹූ සංගීත් කුරේ (36) සහ සඳුන් වීරක්කොඩි (45) පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 74ක් ලබා ශ්‍රී ලංකා පිළට අවශ්‍යම වූ අඩිතාලම දමා දුන් අතර නායක අසලංක (36) සහ ශම්මු අශාන් (22) ඉනිම ඉදිරියට ගෙන යාමට ආධාර විය.

එතැන් පටන් ශ්‍රී ලංකා පිළට අවශ්‍ය වූ ලකුණු වේගය ද හොඳින් පවත්වා ගනිමින් තරගය ඉදිරියට ගෙන ගියේ පන්දු 37කින් ලකුණු 35ක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් සහ පන්දු 22කින් ලකුණු 24ක් ලබා ගත් අශේන් බණ්ඩාරයි. කෙසේ වෙතත් කලින් තරගයේ ඉතා හොඳින් ලකුණු අතරට පැමිණි අශේන් සහ ජාතික වර්ණ දැරූ කමිඳු මෙන්ඩිස් ඉනිමේ අවසන් කොටසේ දී දැවී යාම නැවතත් තරගය දෙපිළටම විවෘත කිරීමට හේතු විය. නමුත් තැනට සුදුසු ලෙස ප්‍රවේගකාරීව පිත්ත හැසිර වූ ලහිරු මදුශංක සහ චාමික කරුණාරත්න අවසන් පන්දුවාරයේ ජයක් ශ්‍රී ලංකාවට තිලිණ කර දුන්හ.

සනත්ගෙන් අගනා අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව කියන්නේ සනත් ජයසූරියගේ රටය. පිටරටවල ඇත්තෝ ඒ දවස්වල අපේ රට ගැන කතා කළේ එහෙමය. අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට…

එහි දී ලහිරු පන්දු 6කින් ලබා ගත් ලකුණු 14 මෙන්ම චාමික තරගයේ නිමාව දක්වාම තම පිතිකරණ අන්තය රැක ගනිමින් පන්දු 10ක දී රැස්කළ ලකුණු 19 ද කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයින්ගේ මහන්සිය අපතේ නොහැරීමට උපකාරී විය. ඒ අනුව ශ්‍රී ලංකා පිළ කඩුලු 8ක් දැවී තිබිය දී ලකුණු 271ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තේ පන්දුවාර 49යි පන්දු 4ක් ගතවූ තැනයි. 

පිත්තෙන් ශතකයක් වාර්තා කළ ඩෙලානෝ පොගීටර් පන්දු යැවීමේ දී ද කඩුලු 3ක් බිඳ හෙලමින් අද්විතීය තුන් ඉරියව් දක්ෂතා ප්‍රකට කළ ද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සාමූහික දක්ෂතා ඉදිරියේ තරගය අවසන් වන විට ඔහුට පරාජිත පිළේ රැඳී සිටින්නට සිදුවීම දෛවයේ සරදමක් බඳුවිය. කෙසේ වෙතත් ඔහු පෙන්නුම් කළ මෙම විශ්මිත දක්ෂතා සලකා බලා කලාතුරකින් සිදුවන පරිද්දෙන් ඔහුව තරගයේ වීරයා ලෙස නම් කිරීමට බලධාරීන් පියවර ගත්හ.

Result


Sri Lanka Emerging Team
271/8 (49.4)

University Sports South Africa XI
268/6 (50)

Batsmen R B 4s 6s SR
Neil Brand lbw b Asitha Fernando 0 2 0 0 0.00
Kabelo Sekhukhune lbw b Asitha Fernando 17 25 4 0 68.00
Lesego Senokwane c Minod Bhanuka b Asitha Fernando 9 14 2 0 64.29
Hanno Kotze lbw b Amila Aponso 16 26 2 0 61.54
Rubin Hermann b Chamika Karunarathne 14 33 1 0 42.42
Delano Potgieter not out 124 111 10 6 111.71
Isma-eel Gafieldien c Asitha Fernando b Chamika Karunarathne 55 78 4 0 70.51
Ruan de Swardt not out 22 12 2 1 183.33


Extras 11 (b 5 , lb 2 , nb 1, w 3, pen 0)
Total 268/6 (50 Overs, RR: 5.36)
Fall of Wickets 1-0 (0.2) Neil Brand, 2-22 (4.2) Lesego Senokwane, 3-31 (8.1) Kabelo Sekhukhune, 4-52 (13.3) Hanno Kotze, 5-66 (18.2) Rubin Hermann, 6-229 (46.3) Isma-eel Gafieldien,

Bowling O M R W Econ
Asitha Fernando 10 1 51 3 5.10
Lahiru Madushanka 10 1 49 0 4.90
Amila Aponso 10 1 53 1 5.30
Chamika Karunarathne 10 1 59 2 5.90
Kamindu Mendis 3 0 18 0 6.00
Charith Asalanka 7 0 33 0 4.71


Batsmen R B 4s 6s SR
Sangeeth Cooray b Ruan de Swardt 45 57 4 0 78.95
Sandun Weerakkody c Beyers Swanepoel b Siya Simetu 36 62 5 0 58.06
Minod Bhanuka c Beyers Swanepoel b Siya Simetu 18 24 2 0 75.00
Charith Asalanka c Beyers Swanepoel b Ruan de Swardt 36 51 2 0 70.59
Sammu Ashan c & b Neil Brand 22 31 0 1 70.97
Kamindu Mendis c Ruan de Swardt b Delano Potgieter 35 37 2 1 94.59
Ashen Bandara c Neil Brand b Delano Potgieter 24 22 0 0 109.09
Lahiru Madushanka lbw b Delano Potgieter 14 6 0 2 233.33
Chamika Karunarathne not out 19 10 1 1 190.00
Amila Aponso not out 1 1 0 0 100.00


Extras 21 (b 5 , lb 8 , nb 3, w 5, pen 0)
Total 271/8 (49.4 Overs, RR: 5.46)
Fall of Wickets 1-74 (16.1) Sangeeth Cooray, 2-113 (22.6) Sandun Weerakkody, 3-116 (24.1) Minod Bhanuka, 4-165 (34.2) Sammu Ashan, 5-185 (39.5) Charith Asalanka, 6-234 (46.2) Kamindu Mendis, 7-236 (46.5) Ashen Bandara, 8-263 (48.6) Lahiru Madushanka,

Bowling O M R W Econ
Gideon Peters 9.4 0 60 0 6.38
Beyers Swanepoel 10 0 38 0 3.80
Ruan de Swardt 9 0 57 1 6.33
Delano Potgieter 10 0 56 3 5.60
Siya Simetu 4 0 13 2 3.25
Neil Brand 5 0 23 1 4.60
Lesego Senokwane 2 0 13 0 6.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<