Home Sinhala වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ඉදිරියේ බංගලියෝ අසරණ වෙති!

වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ඉදිරියේ බංගලියෝ අසරණ වෙති!

1596
SL Emerging tour of Bangladesh

යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසා බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 186ක දැවැන්ත ජයක් ලබා ගැනීමට අද (18) ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හැකිවිය. ඒ තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියට සුබවාදී ආරම්භයක් ලබා දෙමිනි. 

බංග්ලාදේශය හතුරුසිංහ වෙනුවට වෙනත් අයෙක් තෝරාගනී

බංග්ලාදේශය තම ක්‍රිකට් පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු පුහුණුකරුවෙකු වන රසල් ඩොමින්ගෝ…

බංග්ලාදේශයේ ක්‍රීරා ශික්ඛා ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස මෙම තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට කාසියේ වාසිය දිනා දෙමිනි. ඒ අනුව හොඳ ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ අදිටන පෙරදැරිව මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔහු තමන් වෙත පවරා ගත්තේය. පළමු කඩුල්ලේ සබඳතාවය 48ක් වෙද්දී මුල්ම කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 18ක් ලබා සිටි පැතුම් නිශ්ශංකයි. කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරන සඳුන් වීරක්කොඩි අද ලකුණු 31ක් රැස්කර ගත්තේය. 

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම ලෙස කටයුතු කළ නායක චරිත් අසලංක අද ලකුණු 71ක් ලබා ගත්තේ පන්දු 79කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 2කින් සුපෝෂණය විය. ඔහු සමඟ ලකුණු සබඳතා ගොඩ නැගීමට මැදපෙළ පිතිකරුවන් ලෙස ශම්මු අශාන් (33) සහ කමිඳු මෙන්ඩිස් (28) හවුල් වූහ. කෙසේවෙතත් පස්වැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් දැවී යනවිට ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 43ක් අවසානයේ ලකුණු 226ක් ලෙස සටහන් වූ නිසා ඔවුන් ලකුණු 300 ඉක්මවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැත.

නමුත් ඉනිමේ අවසන් කොටස මල්වෙඩි සංදර්ශනයක් මෙන් අලංකාරවත් කළ වනිඳු හසරංග සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7කට ලකුණු 304ක් දක්වා ඉහළට ගෙන එන්නට සමත් වූහ. එහිදී කණ්ඩායමට අවශ්‍යම මොහොතක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග ලකුණු 70ක් ලබා ගත්තේ පන්දු 46කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිම දර්ශනීය හතරේ පහර 7කින් සහ දැවැන්ත හයේ පහර 3කින් වර්ණවත් විය. 

වාර්තාවන් සමඟින් සිංහයින්ගෙන් කිවියන්ට හොඳ සංග්‍රහයක්!

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට්…

පසුගිය කාලයේ නැගී එන කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ඉතාමත් හොඳින් සාර්ථක වූ අශේන් බණ්ඩාර අදත් පන්දු 17කින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තේය. ඔහු තවමත් 20 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකා පිළේ අනාගත බලාපොරොත්තුවකි. පාසල් මට්ටමේ දී ඉහළ දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජෙහාන් ඩැනියෙල් අද ශ්‍රී ලංකා පිළේ ලකුණු වේගය ඉහළ දැමීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ලකුණු 8කට දැවී ගියේය. පන්දු යැවීමේ දී ශෆිකුල් ඉස්ලාම් සහ ශහිදුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ දැරූ බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ ආරම්භක පිතිකරු සයිෆ් හසන් පන්දු 70කින් අර්ධ ශතකයක් වාර්තා කළද අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට කිසිදු සහයෝගයක් ලැබුනේ නැත. මේ අතර පන්දු යැවීම ආරම්භ කළ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2ක් ඉක්මනින් දවා ගනිමින් ශ්‍රී ලංකා පිළේ ජය මාවත පැහැදිලි කළේය. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව සහිත නුවන් තුෂාර ද බංග්ලාදේශ කඩුලු දෙකකට හිමිකම් කීවේය. මීට අමතරව අමිල අෆොන්සු කඩුලු 2ක් දවා ගත්තේය.

>> සුපුරුදු පුහුණුකරු නැවතත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තනතුරට

නමුත් පන්දු යැවීමේදීත් වඩාත්ම සුවිශේෂී දස්කම් දැක්වූ වනිඳු හසරංග අද තරගය තමන්ගේ නමින් ලියා ගත්තේ පන්දුවෙන් ද ලකුණු 12කට කඩුලු 4ක්ම දවා ගනිමිනි. ඒ අනුව පන්දුවාර 30ක් සම්පූර්ණ වීමටත් ප්‍රථමයෙන් බංග්ලාදේශය ලකුණු 118කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විශිෂ්ට ජයග්‍රහණයක් මුද්‍රා තැබූහ. තරගයේ වීරයා සම්මානය සුපිරි තුන් ඉරියව් දක්ෂතා දැක්වූ 22 හැවිරිදි වනිඳු හසරංගට නිතරගයෙන්ම හිමිවිය. දෙරට අතර දෙවැනි එක්දින තරගය ලබන 21 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Result


Sri Lanka Emerging Team
304/7 (50)

Bangladesh Emerging Team
118/10 (28.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Shafiqul Islam 18 18 3 0 100.00
Sandun Weerakkody b Shafiqul Islam 31 24 5 0 129.17
Charith Asalanka c Saif Hassan b Afif Hossain 71 79 7 2 89.87
Sammu Ashan b Aminul Islam 33 70 4 0 47.14
Kamindu Mendis c Najmul Hossain Shanto b Yeasin Arafat 28 40 1 0 70.00
Wanindu Hasaranga c Mohammad Naim b Shahidul Islam 70 46 7 3 152.17
Ashen Bandara not out 29 17 3 1 170.59
Jehan Daniel c Mahidul Islam Ankon b Shahidul Islam 8 6 1 0 133.33
Shiran Fernando not out 2 2 0 0 100.00


Extras 14 (b 0 , lb 1 , nb 2, w 11, pen 0)
Total 304/7 (50 Overs, RR: 6.08)
Fall of Wickets 1-48 (6.1) Pathum Nissanka, 2-59 (8.1) Sandun Weerakkody, 3-144 (28.6) Sammu Ashan, 4-172 (35.2) Charith Asalanka, 5-226 (42.6) Kamindu Mendis, 6-274 (47.5) Wanindu Hasaranga, 7-289 (49.1) Jehan Daniel,

Bowling O M R W Econ
Shahidul Islam 10 0 71 2 7.10
Yeasin Arafat 10 0 89 1 8.90
Shafiqul Islam 7 1 22 2 3.14
Nayeem Hasan 10 1 50 0 5.00
Afif Hossain 5 0 28 1 5.60
Aminul Islam 8 0 43 1 5.38


Batsmen R B 4s 6s SR
Saif Hassan c Charith Asalanka b Wanindu Hasaranga 50 70 6 0 71.43
Mohammad Naim c Sandun Weerakkody b Shiran Fernando 5 5 1 0 100.00
Najmul Hossain Shanto c & b Shiran Fernando 8 9 1 0 88.89
Yasir Ali c Sandun Weerakkody b Nuwan Thushara 0 11 0 0 0.00
Afif Hossain lbw b Amila Aponso 19 33 3 0 57.58
Aminul Islam b Amila Aponso 0 1 0 0 0.00
Mahidul Islam Ankon c Pathum Nissanka b Wanindu Hasaranga 10 21 1 0 47.62
Nayeem Hasan c Sandun Weerakkody b Wanindu Hasaranga 1 8 0 0 12.50
Shahidul Islam b Wanindu Hasaranga 0 1 0 0 0.00
Yeasin Arafat c Ashen Bandara b Nuwan Thushara 1 12 0 0 8.33
Shafiqul Islam not out 0 0 0 0 0.00


Extras 24 (b 4 , lb 0 , nb 0, w 20, pen 0)
Total 118/10 (28.3 Overs, RR: 4.14)
Fall of Wickets 1-18 (2.3) Mohammad Naim, 2-38 (4.5) Najmul Hossain Shanto, 3-49 (7.5) Yasir Ali, 4-82 (16.1) Afif Hossain, 5-82 (16.2) Aminul Islam, 6-104 (23.4) Mahidul Islam Ankon, 7-112 (25.1) Nayeem Hasan, 8-112 (25.2) Shahidul Islam, 9-118 (27.6) Saif Hassan, 10-118 (28.3) Yeasin Arafat,

Bowling O M R W Econ
Shiran Fernando 6 2 28 2 4.67
Jehan Daniel 2 0 22 0 11.00
Nuwan Thushara 4.3 0 21 2 4.88
Amila Aponso 7 0 25 2 3.57
Kamindu Mendis 3 1 6 0 2.00
Wanindu Hasaranga 6 3 12 4 2.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<