ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් සංචිතය නිකුත් වේ

1877
Sri Lanka Emerging

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය මේ මස 29 වැනිදා සිට ජූලි මස 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම තරගාවලිය සඳහා සිව්දින ක්‍රිකට් තරග දෙකක් හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම සහභාගී වන තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් ඇතුළත්ය. ඒ වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයන් දෙක අද (11) නම් කර අතර එහි නායකත්වය චරිත් අසලංක වෙත පිරිනමා තිබේ.

අද තරගයටත් වර්ෂාව හරස්වෙන ලකුණු

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ…

වමතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අසලංක, පළමු පෙළ තරග 30කට සහභාගි වෙමින් ලකුණු 1212ක් රැස් කරගෙන තිබෙන අතර එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 26.34ක් ලෙස සටහන් වේ. දකුණතින් පිට දඟපන්දු යවන අසලංක කඩුලු 24ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.87ක් ලෙස රඳවා ගනිමිනි.

මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින්ගේ සංචිත දෙක සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සඳුන් වීරක්කොඩි, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ලහිරු මදුසංක, අමිල අපොන්සු, ලසිත් ඇඹුල්දෙනිය ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

එසේම  2020 වසර ආරම්භයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන අතර ඒ සඳහා පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් මදුසංක මේ තරග සංචාරය සඳහා එක්වන ශ්රී ලංකා සංචිතයට තෝරාගැනීම තවත් සුවිශේෂී කරුණකි.

ඔහු පසුගිය දා නිමාවුණු ශ්‍රී ලංකා – පාකිස්තාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළේ කඩුලු 8ක් දවාගෙනයි.

ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග දෙකක් අහිමි වෙයි

ඉන්දීය ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටින ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන් හට…

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, ඩිල්ෂාන් මදුසංක, ලහිරු මදුසංක, අමිල අපොන්සු, රමේෂ් මෙන්ඩිස්, සංගීත් කුරේ.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ සිව්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), ලහිරු උදාර, හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, මොහොමඩ් ශිරාස්, ජෙහාන් ඩැනියල්, ලසිත් ඇඹුල්දෙනිය, නිශාන් පීරිස්, ප්‍රමෝද් මදුවන්ත, අශේන් බණ්ඩාර.

තරග කාලසටහන

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය

  • ජුනි 29 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජුනි 30 – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජූලි 01 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජූලි 04 – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ටුක්ස් ඕවල්
  • ජූලි 05 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ටුක්ස් ඕවල්
  • ජූලි 06 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම  – ටුක්ස් ඕවල්
  • ජුලි 09 –  ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජූලි 10 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම  – ග්රොන්කුලුෆ්
  • ජූලි 11 –  දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – ග්රොන්කුලුෆ්
  • ජූලි 14 –  අවසන් මහා තරගය – ටුක්ස් ඕවල්

සිව්දින ක්‍රිකට් තරගාවලිය

  • ජුලි 18 – 21 –  ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම – සෙන්වෙස් පාර්ක්
  • ජූලි 25 – ජුලි 28 – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම – ටුක්ස් ඕවල්

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<