ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල පහළට

559
Sri Lanka Cricket Team

ඊයේ (24) නවසීලන්ත කණ්ඩායමට එදිරිව ඩබ්ලින් නුවර දී පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා ගන්නට බංගලාදේශයට හැකිවිය.

ICC ශූරයන්ගේ කුසලානය, පළමු “ස්මාට් ක්‍රිකට් තරගාවලිය”යි

ICC ශූරයන්ගේ කුසලානයට සහභාගී වන සියලුම කණ්ඩායම්වල ක්‍රීඩකයන් ආවරණය වන සේ නව්‍ය තාක්ෂණය යොදා ගැනීමට තරගාවලි සංවිධායකයන්…

එම ජයග්‍රහණයත් සමඟින් බංග්ලාදේශය එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප්‍රසාද ලකුණු 93ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය ඉක්මවා ගියේය. අවසන් ගණනය කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 92.8ක් ලබාගෙන තිබූ අතර, බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු 93.3ක් හිමිකර ගැනීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අඩියක් පස්සට දමා ඉහළට යෑමට ඔවුන්ට අවස්ථාව උදා විය.

බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙවන් ඉහළ මට්ටමකට පත් වූ පළමු අවස්ථාව මෙය වන අතර, අද (25) වන විට, පිළිවෙළින් 7, 8, 9 හා 10 වැනි ස්ථානයන් ලබා ගැනීමට ශ්‍රී ලංකාව, පකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ යන කණ්ඩායම් සමත් ව ඇත. මේ අතරින් සිම්බාබ්වේ කණ්ඩායම හැරෙන්නට ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් රටවල් දෙක ද, විවිධ වර්ෂවල දී ලෝක ශූරයින් බවට පත් වූ ප්‍රබල කණ්ඩායම් ලෙස සැලකිය හැකිය.

එම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 8 වැනි ස්ථානයේ පසුවන, පකිස්තානු කණ්ඩායම හා බංග්ලාදේශය අතර ප්‍රසාද ලකුණු 5ක පමණ වෙනසක් හා 9 වැනි ස්ථානයේ පසුවෙන කොදෙව්වන් හා බංග්ලාදේශය අතර ලකුණු 14ක සැලකිය යුතු මට්ටමේ පරතරයක් ඇත.

rankings

2017 එනම්, මේ වසරේ සැප්තැම්බර් 30 වන දා වන විට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරීම්වල, එංගලන්තය හැරෙන්නට පෙරමුණේ පසුවන කණ්ඩායම් 7ක් පමණක් නිතරගයෙන් එංගලන්තයේ දී පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා අතර, අනෙක් කණ්ඩායම්වලට තරගාවලියට පිවිසීමට හැකිවන්නේ, ලබන වසරේ (2018) දී බංග්ලාදේශයේ දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් දෙකට පමණි.

එංගලන්තය සත්කාරකත්වය දරන රාජ්‍ය නිසාවෙන් ඔවුන් නිතරගයෙන් 2019 ලෝක කුසලානය සඳහා සුදුසුකම් සපුරා ගෙන ඇත.

නව ජවයකින් බලගැන්වුනු තරුණ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙවර එංගලන්තය හා වේල්සය මුල් කරගෙන පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල පෙරළිකාර චරිතයක් රඟ දැක්වීමට සූදානම් වන බවට, මේ වන විට ඉඟි පල කර හමාරය. එහි පළමු ජවනිකාව ජුනි පළමු දා සත්කාරක එංගලන්ත කණ්ඩායම ඉදිරියේ  රඟ දැක්වීමට බංග්ලාදේශය සූදානම්ව සිටියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට