365 වන රටෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

380
Sierra Leone's Patrick Lombi & Abubakar Kamara celebrate a point

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ඉසව්වේ අද (09) පැවති තරගයේ දී, ලෝක ශ්‍රේණිගත කිරීම්වල 365 වන ස්ථානයේ පසුවන සියෙරා ලියොන් දේශයේ පැට්රික් ලොම්බි හා අබුබකර් කමරා හමුවේ ශ්‍රී ලංකාවේ අසංක ප්‍රදීප් හා මිලන්ත යාපා හට නොසිතු ලෙස තරග වට 2/0ක් ලෙස පරාජය වීමට සිදු විය.

පෙඩ්ලොව් හා චැච්ටර් හමුවේ අසංක හා මිලන්ත පරාජය වේ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ඉසව්වේ දෙවන දිනය සඳහාත්..

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි බීච් වොලිබෝල් තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම හා සියෙරා ලියොන් කණ්ඩායම මූලික වටය යට‍තේ මීට පෙර සහභාගී වූ පළමු තරග දෙකම පරාජය වූ අතර එම නිසා මෙම තරග ඉසව්වෙන් මීළඟ තරග වටය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් මෙම තරගය ජය ගැනීම දෙපිළටම ඉතාමත් වැදගත් විය.

මෙම තීරණාත්මක තරගයේ පළමු තරග වටයේ දී පැට්රික් ලොම්බි හා අබුබකර් කමරා ලකුණු 10-07ක් ලෙස ශ්‍රී ලංකාව අභිබවා පෙරමුණේ පසුවුවත්, ශ්‍රී ලංකාවේ අසංක ප්‍රදීප් හා මිලන්ත යාපා එම ලකුණු ප්‍රමාණය ලකුණු 12-12ක් ලෙස සම කිරීමට සමත් විය.

කෙසේ නමුත් එතැන් සිට වාර්තා වූ ලකුණුවල වැඩි වාසිය සිය ලකුණු සටහනට එකතු කර ගත් ලොම්බි හා කමරා තරගයේ පළමු වටය ලකුණු 21-17ක් ලෙස අවසන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමිනි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලක් දස්කම්

අපේ පුංචි රට ලෝකයේ රටවල් 71ක් එක්ක තරග වැදිලා පදක්කම් දිනාගත්ත රටක්…

තීරණාත්මක තරගයේ උණුසුම තව තවත් වැඩි වූ මොහොතක ක්‍රියාත්මක වූ දෙවන තරග වටය ද ශ්‍රී ලංකාවේ අසංක හා යාපා හට එතරම් සුන්දර තරග වටයක් නොවූයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ලොම්බි හා කමරා ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළ නිසාවෙනි. කෙසේ නමුත් තරගයේ දෙවන වටයේ පළමු ලකුණු 12 ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වන ලෙස සටහන් වුවත් (08-12) තරගය අත්නොහැරි ලොම්බි හා කමරා කරට කර සටහනක නිරත වෙමින් ලකුණු 22-20ක් ලෙස එම තරගය ද ජයග්‍රහණය කරන ලදි. එම තියුණු තරග වටය මිනිත්තු 42ක් පුරාවට ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකාව ප්‍රබල තරගයක් දී පරාජය වේ

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ දී ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ…

මීට පෙර පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අසංක හා යාපා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 14 වන ස්ථානයේ සිටින කැනඩාවේ සැමුවෙල් පෙඩ්ලොව් හා සෑම් ස්චැච්ටර් හමුවේ තරග වට 2/0ක්  ලෙස පරාජය වූහ. එම තරග වට ද්විත්වයේ නිමාව සටහන් වූයේ ලකුණු 21-11ක් හා 21-05ක් ලෙසයි. එසේම සියෙරා ලියොන් දේශයේ ලොම්බි හා කමරා දෙදෙනා පෙඩ්ලොව් හා චැච්ටර් හමුවේ 22-20 හා 21-14 ලෙස පරාජය ලැබුවෝ වෙති.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<