CH&FCට මොකද වුණේ?

497

මේට්ලන්ඩ් පෙදෙස යනු කොළඹ නගරය ගැන දන්නා අයෙකුට නම් අරුමයක් නොවන ප්‍රදේශයක් සේම අතීත රග්බි පිටිය ගැන දන්නා අයෙකු මේට්ලන්ඩ් පෙදෙසේ ඇති CH&FC කණ්ඩායම ගැන ද ඉඳුරාම දැනුවත්. ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජය ලෙස සැලකෙන CH&FC කණ්ඩායම වසර ගණනාවකට පසු රග්බි ක්‍රීඩාලෝලීන්ගේ කතාබහට ලක්වෙන කණ්ඩායමක් බවට පත්ව අවසන්. ඒ මෙවර CH කණ්ඩායම ප්‍රබල සංචිතයකින් සමන්විත වීම නිසයි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ ද අනපේක්ෂිත ලෙස පරාජයන් රැසකටම ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවීම විමතියට කරුණක්.

සැමුවෙල්ගේ දඬුවම් පහරින් දෝහා අපේක්ෂා සුන්වේ

සංචාරක CH & FC කණ්ඩායම හා කටාර් හි දෝහා RFC කණ්ඩායම අතර පැවති සුහද රග්බි තරගය ඊයේ (05)….

මේ වන විට සහභාගී වූ තරග අතරින් ගුවන් හමුදාවට එරෙහි තරගය පමණක් CH කණ්ඩායම ජයග්‍රහණය කිරීම නිසැකවම CH ක්‍රීඩාලෝලීන් වෙත කනගාටුව දනවන්නක්. නමුත් මුල් තරග දෙක එනම් CR&FC හා හැව්ලොක් අතර තරග එක් ලකුණකින් පරාජය වූ බව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ තරග දෙකේ දී ම අනුරාධගෙන් හා සැමුවෙල්ගෙන් මහඟු කාර්‍යභාරයක් කණ්ඩායමට ඉටු වූ බව පෙනේ. යුධ හමුදා ක්‍රීඩා සමාජය සමඟින් පැවති තරගයේ දී නම් CH කණ්ඩායමේ අඩුපාඩුවලටත් වඩා සෙබළුන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙනෙන්නට තිබුණි. කළිඳු කාරියවසම්, මතීෂ සරත්චන්ද්‍ර හා රෝහිත රාජපක්ෂ වැනි ක්‍රීඩකයන් ඉදිරි පෙළෙහි ක්‍රීඩා කළ එම තරගය යෝෂිත රාජපක්ෂ ක්‍රීඩා නොකිරීම ද පාඩුවක් සේ පෙනෙන්නට තිබේ.

පන්දු පාලනයේ දී මෙන්ම, අවබෝධයෙන් තොර වූ අවිශ්වාසදායක පන්දු හැසිරවීම් ද වැඩි වශයෙන් මෙම තරගයේ දී දක්නට ලැබුණි. සමස්ත තරගාවලිය පුරාම ලී කීගල්ගේ “සෙන්ටර්” කලාපයෙහි හිස්වීම බැලූ බැල්මටම ප්‍රබලය. කෙසේ වෙතත් CH ක්‍රීඩකයන් යනු හිස ඔසවන අවස්ථාව ගැන අනාවැකි කියන්නට නොහැකි ක්‍රීඩා සමාජයකි. ඒ CH කණ්ඩායම එතරම්ම  ප්‍රබල හා පෙරළිකාර කණ්ඩායමක් වන නිසාවෙනි.

ගුවන් හමුදාව පරදා CH ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH&FC කණ්ඩායම සිය පළමු ජයග්‍රහණයට අද (25)…..

තවමත් සුපුරුදු දක්ෂතා අතරට නොපැමිණි ක්‍රීඩකයින් රැසක් සමඟින් මෙවර පිටියට පිවිසි CH&FC කණ්ඩායමේ සංයුතිය ගැන නම් අමුතුවෙන් කතාබහ කළ යුතු නොවේ. ඉදිරිපෙළ ක්‍රීඩකයින් අතර හෙන්රි ටෙරන්ස්, රවීන් යාපා, සජිත් සාරංග ගැන අදහසක් ප්‍රකාශ කළ යුතුමය. සෙසු ක්‍රීඩා සමාජ හා සැසඳීමේ දී ඉතා ඉහළ ස්කන්ධයක් සහිත ඉදිරිපෙළක් ලෙස මෙම ක්‍රීඩකයින් හැඳින්විය හැකිය. මීට අමතරව CH නායක යෝෂිත රාජපක්ෂ ද

ප්‍රබල ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකි. ජාතික මට්ටමේ ද දක්ෂතා රැසක් පෙන්වූ යෝෂිත  CH කණ්ඩායමේ ද අත්‍යාවශ්‍යම සාධකයක්.

ඒ අතර පසුගිය තරග වාරයේ නාවික හමුදාව වෙනුවෙන් ක්‍රීඩා කළ නිවන්ක ප්‍රසාද් ද මෙවර CH කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක්. සුදර්ශන මුතුතන්ත්‍රිගෙන් ආරක්ෂා වන අංක 8 ද ප්‍රතිවාදී කණ්ඩායම් වෙතට ඇති දරුණුතම හිසරදයක්.

පසුපෙළෙහි ආරක්ෂාව වෙනුවෙන් ද තවත් අන්තර් හුවමාරු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම CH කණ්ඩායම මෙවර මිල දී ගෙන ඇත. ඒ අතර නිෂෝන් පෙරේරා, නවීන් හේනකංකානම්ගේ වැනි ක්‍රීඩකයින් ප්‍රධානයි. ජාතික සංචිතය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් සිදු කරන මේ දෙදෙනා ආසියානු රග්බි පිටිය ද සාර්ථකව අතික්‍රමණය කර ඇති නිසාවෙන් කණ්ඩායම් නායකත්වය ඉදිරි තරග සඳහා ඔවුන්ව විශ්වාස කරනු ඇත.

වර්තමාන අන්තර් සමාජ පිටිය තුළ ඩ්‍රොප් ගෝල හා දඬුවම් පහර විශේෂඥයෙකු වන සැමුවෙල් මධුවන්ත හා අනුරාධ හේරත් ද CH කණ්ඩායමේ ආත්ම ගෞරවය වෙනුවෙන් පෙනී සිටිනු නොඅනුමානයි. එලෙසම නිත්තවෙල තරග දිනීමේ මන්ත්‍රය කුමක් වුවද යෝෂිත සහ ඔහුගේ සොයුරු රෝහිතට නම් එය ආගන්තුක නොවේ. ඒ පෙර දී ඔවුන් දෙදෙනාම නිත්තවෙල ආක්‍රමණයේ කොටස් කරුවන් වී ඇති නිසාවෙනි.

කන්ද උඩරට රග්බි බලකොටුව කලකට පසු බිඳ වැටෙයි ද?

ලෝක රග්බි පිටිය ගැන අයෙක් ඇසූ සැණින් ක්ෂණයෙන් සිහියට නැගෙන්නේ නවසීලන්තයයි. ලෝක රග්බි….

මීළඟ තරගය ඔවුන්ට තරගාවලියේ මුහුණ දීමට සිදුවන ප්‍රබලම තරගයයි.  ඒ මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් වන අතර ඔවුන් නිත්තවෙල දී ම මුණ ගැසීමට නියමිතයි.

CR&FC දුන් ප්‍රබල තරගයෙන් පසුව ද අපරාජිතව ජයග්‍රාහී මානසිකත්වයෙන් කන්ද උඩරට කණ්ඩායම සූදානමින් සිටියි. ඒ නිසාම යෝෂිත තම සංචිතය නිසි පරිදි මුවහත් කරගනිමින් කන්ද උඩරටට පැමිණීමට මාන බලනු ඇත.

එල්ල විය හැකි සියලු ආක්‍රමණ වෙනුවෙන් සසංක ආරියරත්න ලා, ලී සහෝදරයින් සමඟින් සුදම් සූරියආරච්චිලා ද සූදානම් ශරීරයෙන් පැමිණිය යුතුමය. යුධ හමුදාව ඉදිරියෙහි සේදී ගිය ආත්ම ගෞරවය රැක ගන්නට සියල්ලන් මෙවර මාන බලනු ඇත. සිව්වසරක් පුරාවට ජයග්‍රහණ පිපාසය සපුරාලීමට ඇති උපක්‍රමය කුමක් වෙයි ද? සුපිරි 4 වටයට CH&FCත් වරම් ලබයි ද? නැවතත් කන්ද උඩරට බිඳින්නට යෝෂිතගේ නායකත්වයට හැකි වෙයි ද? සංවාදයට විවෘතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<