අමිල විශිෂ්ඨ කඩුලු දඩයමක

293
sl v sa

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟයේ තෙවන දිනය ඊයේ (16) දකුණු අප්‍රිකාවේ පොට්චෙෆ්ස්ට්රෑම් හිදී පැවැත්විණි. ඊයේ දිනය සඳහා තරඟය අවසන් වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංවර්ධන  කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලබාගැනීමට සමත් විය. අමිල අපෝන්සු කඩුලු 8ක් දවාලීමට සමත් වීම කැපී පෙනෙන්නට විය.

පසුගිය ලිපි: සංජයගේ සටන්කාමී ඉණිම නොදැවී ඉදිරියටම

ඊයේ දිනයට තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 299ක් ලබාගෙන සිටින ලදි. තෙවන  දිනය ආරම්භ කල ශ්‍රී ලංකා පළමු ඉණිමට තවත් ලකුණු 16 එකතු වෙද්දී කේෂාන් විජේරත්නව ලකුණු 5කට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් දවාලීමත් සමඟ ශ්‍රී ලංකා පළමු ඉණිම අවසන් විය. මෙහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් බජ්රන් කාල් වොර්චුවින් දක්ෂ ලෙස පන්දු යවන ලදි.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පළමු ඉණිම – 315 -10 (74.5) සංජය චතුරංග 86*, සඳුන් වීරක්කොඩි 56, නිමන්ත ප්‍රනාන්දු 39, ෂෙහාන් මදුසංක 31, බජ්රන් කාල් වොර්චුවින් 7/103

අනතුරුව යළිත් දකුණු අප්‍රිකානු දෙවන ඉණිම ආරම්භ කිරීමට පිටියට පැමිණි  කාර්බෝ මොගට්සි හා සයිමන් කොහොමාරි ගේ සබඳතාවය ලකුණු 13කට සීමා කරමින් ලකුණු 7ක් ලබාසිටි මොගට්සිව දවාලීමට අමිල අපෝන්සු සමත් විය. අනතුරුව දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 66කට කඩුලු  3 ලෙස දැක්වෙන විට පිටියේ එක්වූ ජේසන් ස්මිත් හා ජොකොබ්ස්  ඩියු ප්ලොයි 4 වන කඩුල්ල සඳහා ලකුණු 110ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ප්ලෝයි  4 පහරවල් 6ක් සමඟ ලකුණු 53කට දැවීගිය අතර ස්මිත් 4 පහරවල් 13ක් හා එක් 6 පහරක් සමඟ දෙවන ඉණිමේ ද, සාර්ථක ලකුණු 87ක් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

මැදපෙළ සවිමත් කරමින් දකුණු  අප්‍රිකානු කණ්ඩායමේ නායක මර්කස් අකෙර්මාන් විසින් ලකුණු 31ක් ලබාගත් අතර එම ඉණිමට 4 පහරවල් 3ක් හා එක් 6 පහරක් ඇතුළත් විය. දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 51ක් ඇතුළත් දවාලීමට අමිල අපෝන්සු  ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. එහිදී අමිල විසින් කඩුලු 8ක් දවාලීමට සමත් විය.

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායමේ  දෙවන ඉණිම – 266-10 (59.4) ජේසන් ස්මිත්  87, ජොකොබ්ස්  ඩියු ප්ලොයි  53, මරකස් අකෙර්මාන්  31 , අමිල අපොහොසත් අපෝන්සු 8/112

ලකුණු 346ක ඉලක්කයක් දෙවන ඉණිම තුළ හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 21ක් තුළ දවාලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය. කෙසේ වෙතත් තෙවන කඩුල්ල සඳහා දිනය නිමාවන විට ලකුණු 66* ක නොබිදුනු සබඳතාවයක් ගොඩනැංවීමට ළහිරු මිලන්ත හා නායක රුමේෂ් බුද්ධික සමත් විය. තරගයේ තෙවන දිනය නිමාවන විට ළහිරු 4 පහරවල් 5ක් සමඟ ලකුණු නොදැවී  35*ක් හා බුද්ධික 4 පහරවල් 2ක් සමඟ නොදැවී ලකුණු 26* ලබාගැනීමට සමත් විය.

තෙවන දිනය සඳහා තරඟය නතර කරන විට ,

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 87-2 (22) ළහිරු මිලන්ත 35*, රුමේෂ් බුද්ධික 26*, නගාසිබිනි සිග්විලි 1 /14

තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 259 ක් අවශ්‍ය වේ.

අද (17) තරගයේ අවසන් දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට