කාසියේ වාසිය පරාජය වූ ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට

144

2018 SAFF සුසුකි තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (9) මග හැරී ගියේ මාලදිවයින හමුවේ කාසියේ වාසිය පරාජය වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට ක්‍රීඩා රටාවක්

2018 SAFF Suzuki කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය ගෝල 0-0ක්…

ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග කළ අතර පළමු තරගයේ දී ඔවුන් ඉන්දියාව හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජය වුනත් මාලදිවයින සමඟ තරගයේ දී සටන්කාමී ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගෝල 0-0ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඉන්දියාව මාලදිවයින ගෝල තුනකින් පරාජය කළ යුතුව තිබූ නමුත් ඊයේ (09) ඉන්දියාව මාලදිවයින පරාජය කළේ ගෝල 2-0 (පුජාරේ 36’, මන්විර් සිං 44’) ක් ලෙසය.    

ඉන්දීය අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව නිරුත්තර වෙයි

SAFF Suzuki කුසලානයේ (දකුණු ආසියානු කුසලානය) ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන්..

කණ්ඩායම් දෙකේම ප්‍රසාද ලකුණු සමාන වූ නිසා පළමුවෙන්ම ගෝල පරතරයන් සලකා බලන ලදි. ඉන්පසුව එකිනෙකාට එරෙහිව වාර්තා වූ ගෝල ගණන සලකා බැලූ අතර එය ද සමාන වූ බැවින් කාසියේ වාසිය මගින් අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම තෝරා ගන්නා ලදි.    

ශ්‍රී ලංකාව හා මාලදිවයින යන කණ්ඩායම් දෙකම ඉන්දියාව හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජය වූ අතර ශ්‍රී ලංකා මාලදිවයින් තරගය ගෝල 0-0ක් ලෙස අවසන් විය. ඒ අනුව ගෝල පරතරය, එකිනෙකාට එරෙහි ගෝල සමාන වීම නිසා කාසියේ වාසිය උරගා බැලූ අතර ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස කාසියේ වාසිය පරාජය වූයේ මාලදිවයිනට අවසන් පූර්ව වටයේ ස්ථානය හිමි කර දෙමිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<