ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ ඉන්දියාවත් මට්ටු කරති

357

11 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ දෙවන වතාවටත් ලකුණු 100යේ සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 101-29ක් ලෙස ඉන්දියාවට දරුණු පරාජයක් අත්කරදීමට සමත් විය. B කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කුසලාන ශූරතාවලියට පිවිසීමට සමත් වූ අතර තරගාවලිය සිංගප්පූරුවේ OCBC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

චීන තායිපේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

11 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම චීන..

ශ්‍රී ලංකාව සිය පළමු තරගයේ දී ලකුණු 137–05ක් ලෙස චීන තායිපේ කණ්ඩායම පරාජය කළේ තරගාවලියේ ආරම්භක දිනයේ දී ය. දෙවන ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන ශූරතාවට පිවිසෙන අතර එහි දී හොඳම කණ්ඩායම් හතර එකිනෙකා සමඟ Round Robin ආකාරයට සෑම කණ්ඩායමක්ම සෑම කණ්ඩායමක් සමඟම තරග කරනු ඇත.

පළමු කාර්තුවේ දී ලකුණු 25ක් රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ පෙරමුණ ගත් අතර පළමු කාර්තුවේ දී ඉන්දියාව ලකුණු 8ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවන කාර්තුවේ දී සිය ප්‍රහාරක වේගය වැඩි කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව ලකුණු 4ක් රැස්කරගන්නා විට ශ්‍රී ලංකාව ලකුණු 33ක් රැස්කර ගැනීමට සමත් විය. පළමු අර්ධය අවසානයේ ලකුණු 58-12ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු විය.

ආසියානු දැල්පන්දු ශූරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත 11 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගී..

තෙවැනි හා සිව්වැනි කාර්තුවල දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ලකුණු රැස් කිරීමේ වේගය අඩු වූ අතර තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව ලකුණු 20ක් රැස්කරද්දී ඉන්දියාව තවත් ලකුණු 7ක් ලකුණු පුවරුවට එකතු කිරීමට සමත් විය. ඉන්දියාව සිව්වැනි කාර්තුවේ තරමක් හොඳ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කරමින් ලකුණු 10ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව රැස්කර ගත්තේ ලකුණු 22ක් පමණි. තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 101–29ක් ලෙසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<