ශ්‍රී ලංකාව අර්ධ අවසන් වටයට

353
Sri Lanka v Hong Kong - 10th Asian Youth Netball Championship

දකුණු කොරියාවේ ජෙයෝන්ජු නුවර දී පැවැත්වෙන 10 වන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ ‘A’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ හොං කොං කණ්ඩායම අතර අද (10) පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 60-45ක ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය විය.

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයග්‍රහණ ද්විත්වයක්

දකුණු කොරියාවේ ජෙයෝන්ජු නුවර දී පැවැත්වෙන 10 වන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ ‘A’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති තරගයෙන් ලකුණු 86-14ක අති දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ප්‍රථම තරගය තායිලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 53-48ක් ලෙස පරාජය වුවද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ වන විට නැවතත් ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට ළඟා වීමට සමත්ව ඇත.

එම තරගය පරාජය වීමෙන් අනතුරුව පැවති පකිස්ථානය හා මාලදිවයින කණ්ඩායම් සමඟ තරග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර අර්ධ අවසන් වටයේ තම ස්ථානය වෙන්කර ගැනීම සඳහා ඔවුන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය විය.  

තරගාවලියේ පෙර තරගවල දී මෙන් මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේ දී ඉදිරියෙන් රැඳෙන්නට සමත් විය. ඒ ලකුණු 18-10ක් වශයෙනි. තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 24-14ක් ලෙස පෙරමුණේ පසු වුවද එම අර්ධය නිමාවූයේ කණ්ඩායම් දෙකම එම අර්ධයේ දී ලකුණු 11 බැගින් වාර්තා කරමිනි. ඒ අනුව දෙවන අර්ධය අවසානයේ තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 29-21ක් ලෙසිනි.

කෙසේ වුවත් තරගයේ තෙවන අර්ධය ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 11-4ක් පෙරමුණේ පසු වීමට සමත් වුවත්, හොං කොං ක්‍රීඩිකාවන් එම අර්ධය අවසාන භාගය තුළ ලකුණු 2-6ක් වාර්තා කරමින් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් එල්ල කරන්නට විය. ඒ අනුව තරගයේ තෙවන අර්ධය අවසානයේ ලකුණු 46-32ක් ලෙස ලකුණු සටහන දැක්වුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 14ක් පෙරමුණේ සිටිමින් තරගයේ සිව්වන හා අවසාන අර්ධයට ප්‍රවිෂ්ට විය.

තරගයේ සිව්වන අර්ධය තුළ ද හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අර්ධය ලකුණු 14-13ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ තරගයේ ද ජයග්‍රහණය ලකුණු 60-45ක් ලෙස තමන් සතු කර ගනිමිනි.  

සුපුරුදු ලෙස තරගය ජයග්‍රහණය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් කවීනා රාජපක්ෂ තරගයේ දී ලකුණු 47ක් වාර්තා කර ගැනීමට සමත් වූයේ 100%ක ප්‍රතිශතයක් රඳවා ගනිමිනි. රශ්මි දිව්‍යාංජලී ලකුණු ලබා ගැනීමට කළ උත්සාහයන් 19න් 13ක් සාර්ථක කර ගනිමින් ලකුණු 13ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 12 වන දින ප.ව. 3ට (කොරියානු වේලාවෙන්) සිංගප්පූරු කණ්ඩායම සමඟ තරගාවලියේ අර්ධ අවසන් වටයට සහභාගී වීමට නියමිතයි. තරගාවලියේ අනෙක් අර්ධ අවසන් වටය මැලේසියාව සහ හොං කොං කණ්ඩයම අතර පැවැත්වෙනු ඇත.

 

Group A P W L GF GA Goals % Points

Sri Lanka

4 3 1 287 118 243%

6

Hong Kong

4 3 1 232 111 209%

6

Thailand

4 3 1 218 136 160%

6

Maldives

4 1 3 105 214 49%

2

Pakistan

4 0 4 24 287 8%

0

Group B P W L GF GA Goals % Points
Malaysia 3 3 0 215 99 217% 6
Singapore 4 3 1 237 74 320% 6
India 4 2 2 142 146 97% 2
Chinese Taipei 4 1 3 143 227 63% 2
South Korea 3 0 3 48 239 20% 0